මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසු පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් ඇතුළු සෙසු අය ගල් ගසා මරා දමන බවට දකුණු පළාත් සභා අමාත්‍ය ඩී. වී. උපුල් කළ ප්‍රකාශය ඉතා බරපතල එකක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා එසැණට පැවසිය.
‘මෙය පොලිසියට කළ තර්ජනයක්. දේශපාලකයන් විදියට ජනතාවට ආමන්ත්‍රණය කිරීමේදී බුද්ධිමත් විය යුතුයි. මේ පිළිබඳව පොලිස්පති උපදෙස් ගැනීමට බලාපොරොත්තු වෙනවා‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ ආණ්ඩු පක්ෂයේ නොවන කෙනෙක් දෙයක් කිවුවොත් හැමෝම දඟලනවා. උතුරේ කියන දේවල් ඇහුනේ නැහැ වගේ ඉන්නවා. (නි)
මෙයයි ඔවුන්ගේ නියම ප්‍රතිරූපය (නි)
අද පොසොන් පොහොය දවසේ මේ වගේ මිනිසුන්ට මොකුත් කියලා ඇයි පව් පුරවා ගන්නේ. (නි)
දැන් මෙතන කට ඇරලා තියෙන්නේ උතුරේ කෙනෙක්ද? පුවතට අදාළව අදහස් ලිව්වාම ඇති. කට බෙංගාල බොක්ක වගේ ප්‍රාදේශීය බබාලා ඉන්නේ දකුණු පළාතේ ඇරෙන්න වෙන කොහෙද ? (නි)
ජනාධිපති සිරිසේනගේ ම වචනයෙන් වහල්භාවයම අපේක්ෂා කරන මොවුන් බලයට එන බවට දිනපතාම තර්ජනය කරන නමුත් තමන් බලයට එන්නේ කුමන පිළිවෙතක් බලයට ගෙන ඒමට දැයි රටට කියන්නේ නැත්තේ පරණ වංචාවේ දූෂණයේ සහ භීෂණයේ පිළිවෙත හැර අන් මඟක් ඔවුන් සතුව නැති නිසාය. කෙසේ උවත් මේවැනි නුගත් වහලුන් දේශපාලනයට පැමිණීම වහාම නැවැත්විය යුතුය. ඉස්සර කැලණියේ ද මෙවැනි වහලෙක් සිටියේය. ඔහුගේ ගමනද වහාම නැවත් විය යුතු අතර වටේ සිටිමින් අත්පොලසන් දෙන උන්ට ඇදුම් ඇන්දවිය යුතුය (නදී)
බුද්ධිමත් දේශපාලකයෝ ලංකාවේ ඉන්නේ ටිකයි. විශේෂයෙන්ම පළාත් සභා, ප්‍රාදේශියසභාවල නම් කොහොමතටවත් ඉන්නවද? (ර)
පොලිසීයට රතු එළියක්. (ර)
මේ ගෙම්බෝ බොරුවට දගලන්නේ ඉන්දියාවේ නිදහස් අරගයේදී සටන් කරමින් හිරගෙවල්වල දමනවිට සමහරු රේල්පාරේ කැත කරනකොට හිරේ ගිය නිදහස් සටනේ වීරයෝ හිරෙන් නිදහස් වෙලා එලියට එනකොට කැතකරන්න ගිය අයත් සටනේ වීරයෝ හෙටියට මිනිසුන් පිළිගත්තනේ ඒවගේ තමයි (බ)
මෙයාටයි එහෙම කරන්න ඕන (බ)
බල්ලෙකු බිරූ පමණින් කඳු පාත් වියයුතු නැත..... (නි)
ඇයි පොලීසිය නිහඬ ? මිනිස්සු අත් අඩංගුවට නොගන්නේ ඇයි ? (නදී)
මොහු අත්අඩංගුවට ගත යුතුයි පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන කිරීම හා රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම පොලිස් නිලධාරීන් සහ ඔවුන්ගේ තුවක්කු කිසිම දේශපාලන පක්ෂයකට ගැති නැතිව සහ නිර්භයව රාජකාරි කරන්න පටන් ගත්තු දවසට ඒ තුවක්කු කට පාර්ට් දාන්න එන දේශපාලුවන්ගේ දෙසටත් හැරේවි. එදාට මුන්ට දුවන්න පාර මදි වෙනවා. පොලිස්පති තුමනි ඒ ශක්තිය පොලිස් නිලධාරීන්ට ලබා දෙන්න. (බ)
අධ්‍යාපන සුදුසු කමක් නැති නුවණින් මොට වුන මේ වගේ අම්බරුවෝ ඊළඟ ඡන්දෙන් ගෙදරම යවමු ඊට කලින් මේ මිනිහව අත්අඩංගුවට ගන්න ! ගිය ආණ්ඩුව කාලේ මේ වගේ ප්‍රකාශයක් විරුද්ධ පක්ෂේ කෙනෙක් කළානම් හැන්දෑවට සුදු වැන් එක අනිවා එනවා ගෙදරටම (බ)
මොහු ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයකු නිසා පක්ෂයේ නායකයා හැටියට ජනාධිපතිතුමා තම බලතල පාවිච්චි කල යුතු නේද ? පොලිසියට බැරි ඇයි මොහුව අත්අඩංගුවට අරගෙන මේ පිළිබඳව නීතියෙන් කටයුතු කරන්න.? (ර)
මේ විඩියෝ එක දැකපු මුල්ම වෙලාවේ මම එක පොලිස්පතිගේ අවදානයට යොමුකලා. මෙය සාපරාදී තර්ජනයක් ශ්‍රී ලංකා පොලිසියට. මෙයාව අත් අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. (ර)
ඕවා මොනවද? සමහරු කිවුවේ නිරුවතින් ඇවිද්දනවා කියලා දිනුවහම (නි)
ඔය මෝදරලගේ කියුම් එතරම් ගණන් ගන්නේ මොකද එයාල අායෙමත් බලයට එන්නේ නැත (බ)
පොලිස් පති තුමෙනි ඔබලාගේ විශිෂ්ට රාජකාරිය මේ හොර දෙටුවෝ තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. ගමේ අහිංසකයට කරන රාජකාරිය ලොක්කන්ටත් කරන්න ඔබට ශක්තිය නැද්ද ? නැත්නම් ඔවුන්ට ඔබ ආයතනය බියද ? (නදී)
පළාත් දේශපාලකයන්ගේ උගත්කම සහ හැදියාව මේ වගේ කතාවලින් හොඳට පේනවා. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්, මොකද මේ අයට ඡන්දය දීල මේ තනතුරු වලට පත් කරන්නේ රටේ ජනතාව. අපේ රටේ දේශපාලනය එන්න එන්නම පිරිහෙනවා. කිසිම උගත්කමක් වැදගත්කමක් නැති පුහු අය තමා දේශපාලනයේ යෙදෙන්නේ. එහෙමයි කියල මේ අයට හිතුන හිතුන දේවල් කියන්න ඉඩ දීල නිකම් ඉඳීම නෙමෙයි විය යුත්තේ. (ර)
"වහල්ලු කාලයක් දම්වැලෙන් බැදලා තිබුණහම ඔහු දම්වෙලට ආදරය කරන්න පටන් ගන්නවා." වී.අයි. ලෙනින්. (ර)
පිටබැද්දර ජයාගෙ කතාව ඇත්ත. පොලිසිය නීතිය ක්‍රියාත්මක කර පෙන්විය යුතුයි. (ර)
මේ කිරි දරුවෙකුගේ වැරදීමකින් කියූ දෙයක් මහා ලොකුවට ගණන් ගන්න ඕනෑ නැහැ. (නි)
දැන් මේ පුද්ගලයාට විරුද්ධව නීතියෙන් කටයුතු කළා කියමුකෝ. අරෙහෙන් මල් වට්ටිය උස්සා ගෙන පන්සලට දුවාවි පලි ගන්නවෝ කියලා විලාප තියා ගෙන.(නදී)
මොකද මේ නීතිය ක්‍රියාත්මක කරන්න පොලිස්පති නීතිපති උපදෙස් ගන්න හැම දෙයටම දුවන්නේ? මේවා මේමිනිස්සුන්ට උපදෙස් දුන්න ලොක්කන්ගේ අදහස් . තමන් සුදනා වෙලා අනෙක් මිනිස්සු ලව්වා නොසරුප් බස් කියවන එක තමයි අලුත්ම සෙල්ලම (නදී)
අර උතුරෙන් කොටියෙක් ගොරවන සද්දේ හුඟක් අයට ඇහෙන්නේ නෑ නේද? හොඳම දේ ඔය පළාත් සභා කියන සුදු අලියා නැතුව පාර්ලිමේන්තුව පමණක් ඇති ක්‍රමයක් (නදී)
මේවැනි අය දේශපාලනයට පැමිණීම වහාම නැවැත්විය යුතුය. පොලිස් පති තුමෙනි නීතිය ක්‍රියාත්මක කරන්න ඔබට ශක්තිය නැද්ද ? (නදී)
මේ වගේ වාචාලයන්ව වේදිකාවට නග්ගා ගෙන ඔමරි පපා ඉන්න කට්ටියත් ඔක්කොටම හපන්.(නදී)
මේ මනුස්සයා හිතාගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා තවමත් ජනාධිපති කියලා වෙන්න ඇති. (නි)
මහින්ද වටේ ඉන්නේ මේවගේ නුගත් වහලුන්ය (බ)
පලා බබාලා කියන්නේ අමනුෂ්ෂ්‍ය කොට්ඨාසයක්, එයාලගෙන් මීට වැඩිය දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ.මැරකම් ස්ත්‍රී දුෂණ හොරකම් හා ජඩකම් විතරයි මේ සෙනග දන්නේ. (බ)
මේවැනි අය දේශපාලනයට පැමිණීම වහාම නැවැත්විය යුතුය. පොලිස්පතිතුමනි නීතිය ක්‍රියාත්මක කරන්න මේ වගේ වාචාලයන්ව දේශපාලනයට පැමිණීම වහාම නැවැත්විය යුතුය.ගිහාන් නීතිය ක්‍රියාත්මක කරන්න පොලිස්පති නීතිපති උපදෙස් ගන්න හැම දෙයටම දුවන්නේ මේක මහින්ද රාජපක්ෂ රජකරන කාලේ නෙවේ හන්ද මොකද එදා නීතිය වල් වැහිලානේ තිබුනේ නීති පති පොලිස්පති වැඩේ දැනගන්නකොට කරන්න ඕනේ දේවල් රජ තුමාගේ ගෝලයෝ කරලා එවරයි (බ)
හසිත්ගේ කටේ මසුරන් දාන්න වටිනවා. (නි)
පොලිස්පතිතුමනි,මොහුව අත්අඩංගුවට ගන්න. නැත්නම් මොහුගේ ප්‍රකාශය අනුමත කළා කියලා අපිට හිතන්න වෙනවා (නි)
රූකඩ නටවන්නා ප්‍රේක්ෂකයින්ට නොපෙනුනත් නැටවෙන්නන්ගේ ස්වරූපයෙන් රූකඩ නටවන දෑත් කාගේද කියලා ජනතාව දැන් අවබෝධ කරගෙන අවසන්. (නි)
මේ රට දේශපාලන මඩ ගොහොරුවෙන් ගොඩ ගත හැකි නායකයෙක් බිහි වේවා.! (ර)
ඔය මහින්ද මහත්තයාට තියෙන ජනප්‍රියත්වය අඩුකරන්න කරන කුමන්ත්‍රණ වෙන්න පුලුවන්. කට්ටිය අල්ලාගෙන ඕවා කියවනවා.අපි මේවා තේරුම් ගනිමු. (නි)
නීතිය ක්‍රියාත්මක වීම වහාම සිදුවිය යුතුයි. මේ වගේ අයට තප්පුලන්න ඉඩදීමෙන් වෙන්නේ නීතිය වල් වැදී ඇතිබව පෙන්වීමකි. මෙය තවත් දේශපාලන පළිගැනීමක් කියලා බෙරිහන් දුන්නාට කමක් නැහැ. නීතියේ ආධිපත්‍යය පෙන්වීමෙන් ඔවැනි චෝදනා හුළඟට යනවා. (නි)
අදටත් ඔවුන් දඟලන්නේ හොඳින් හෝ නරකින් පාලන බලය අතට ගන්න.ජනාධිපතිතුමනි ,ප්‍රවේශම් වෙන්න. (නි)
මෙවැනි අය පසුපස ඉන්නේ කව්ද කියලා හොයන්න.හොඳින් හෝ නරකින් නැවත බලයට එන්න දඟලන මෙවැන්නන් ගැන අපි තීරණයක් ගතයුතුයි (නි)
දැඩි දඬුවම් දෙන්න.නීතියක් තිබෙන ලොකු පොඩි සැමට එක විදිහට සළකන රටක් කියලා ඔප්පු කරලම පෙන්වන්න.දඬුවම් දීම හැකි ඉක්මනින් කරන්න. (නි)
මෙවැන්නන්ගෙන් රට බේරා ගැනීමට ලැබේවා! (නි)