පොලිස් නිලධාරීන් ගල් ගසා මරා දමන බවට තර්ජනය කිරීම දණ්ඩ නීති සංග්‍රහය අනුව වරෙන්තු නැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බවත්, වැරදි කරු වුවහොත් වසර හතක් හිරේට හැවිය හැකි වරදක් බවත් විදුලිබල රාජ්‍ය ඇමැති පාලිත රංගේබණ්ඩාර මහතා අද සිරිකොතේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
පළාත් ඇමැතිවරයකු ලෙස ඩී වී උපුල් ජනතාවට වග කිව යුතු බවත්, මෙවැනි ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයක් බවත් ඔහු කීවේය.
නියෝජ්‍ය අැමැති රංජන් රාමනායක මහතා ද මාධ්‍ය හමුවට සහභාගී විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද තව කතා කර කර ඉන්නේ.. (ර)
මොන ඇමැතිද හිරේ ගියේ.? දෙගොලම එකම වලේ ඉන්නේ. (ර)
ඉතින් හැකි දේවල් ඉක්මනින් කරන්නකෝ.. ජනතාව බලා ඉන්නවා දුඋසිතයන්ට දඩුවම් දෙනතුරු. (ර)
ඉතින් යවන්නකෝ අනේ! (නි)
7 මදි. 15කටවත් යවන්න ඕනෑ (නි)
අපිත් බලාගෙන ඉන්නවා. මෙහෙ වගේ වෙනකන්. යාහ පාලනය කොහෙද ,? (ර)
ලොකු කැපකිරීමක් කරලා, සරත් මහත්තයට කරපු දේ දැන දැන මැතිවරනෙට ආපු මෛත්‍රී මහත්තය රටට දෙවි කෙනෙකි. (කේ)
වැරදි කරු වුවහොත් කියන්නේ ඇයි තව සාක්කිත් ඕනිද ඔයිට වඩා.පොඩි මිනිහෙක් කලානම් එවෙලේම ඇතුලේ.(කේ)
කලින්ම ප්‍රකාශ කල එක හොඳයි. දැන් හිතාගන්න පුලුවනිනේ අතීතයේ වුනු දේවල් සහ කරන්න බලාපොරොත්තු වෙන දේවල්. මේවා තේරුම් ගන්න බැරි අය සහ මේවට අත්පුඩි ගහන අය බොහොම ඉන්නවා. ආවහම කරන්න බලාපොරොත්තු වෙන දේවල් තවත් බොහෝ දේවල් ඇති. එකනේ කතාව ඉවරවෙන්න කලිනුත් අත්පුඩි ගහන්නේ. ඉතාමත් කනගාටුයි.(කේ)
මම මේ කල්පනා කළේ , ඔය කතාවම කොහේෙහරි මම කළා නම්? හැබැයි මේ පුද්ගලයා තාමත් නිදැල්ලේ? කවුරුහරි මට කියලා දෙනවද එකම රටේ පුද්ගල කොටස් දෙකකට රටේ නීතිය දෙයාකාරයට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා (නි)
එක අතකින් මෙහෙම දේවල් සිදුවෙන එකත් හොඳයි. රාජපක්ෂලා මුළු රටටම අඬා වැළපිලා කියන්නේ කිසිම වැරැද්දක් නොකරපු ඔවුන්ව දේශපාලන පළිගැනීමකට ලක්කර හිරේ විලංගුවේ දාන්න හදනවා කියලානේ. (නි)
යකඩෝ! එතකොට මේ කිසිම ඔප්පු කරන්න සාක්ෂියක් නැතුව අමු අමුවේ මඩ වපුර වපුරා මිනිසුන්ට අපහාස කරන ඇඟ පුම්බපු සමහරුන්ව ජීවිතාන්තය දක්වා හිරේ අරින්න එපැයි කියන ඒවාට..? (නි)
රොබර්ට්, ඔබ බෞද්ධ වූ මා නිවැරදි කරන්න (සමහරවිට) ක්‍රිස්තියානි ලබ්ධිකයෙක් ලෙස උත්සාහ කළාට බොහොම ස්තුතියි. නමුත් ඔබ කියන්න බලන්න පරදාර සේවනයේ යෙදුන පිරිමි පව්කළ මිනිසුන් ගණයට නොවැටේද? මේ ප්‍රවෘත්තියේ එන උපුල් කියන චරිතයත් රොබර්ට්ට අනුව මුල්‍යය අපරාධ වලට සම්බන්ධව සිටියා වුණත් පව් කරලා නැති හින්දා පොලිසියට ප්‍රථම ගල ගැහුවට කමක් නැද්ද? (නි)
මේ රටේ සමහරක්ට යහපාලනය හරියන්නේ නැහැ. (නි)
මම බෞද්ධයෙක්. නමුත් යේසුස් වහන්සේ ගේ ජීවිතයේ එක් සුවිශේෂ අවස්ථාවක් මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි. ගල් ගසා ගැහැනියක් මරා දමන්න සුදානම්ව සිටි පිරිසක් මැදට පැමිණි එතුමා මිනිසුන්ගෙන් ඇසුවේ කුමන හේතුවක් නිසා ඇයව මරා දැමීමට තීරණය කරනු ලැබුවේද යන්නය. එවිට මිනිසුන් කියා සිටියේ ඇය පරදාර සේවනයේ යෙදුන බැවින් මේ දඬුවම ලබාදෙන බවයි. පරදාර සේවයේ නොයෙදුන යමෙක් ඇත්නම් ප්‍රථම ගල ඇය වෙත එල්ල කිරීමේ අයිතිය ලැබෙන බව යේසුස් වහන්සේ කීවිට, එතැන රැස්ව සිටි සැවොම විසිර ගියහ. අපට කිවහැකිව ඇත්තේ දුෂණයේ නොයෙදුන දේශපාලකයෙකු ඇත්නම් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ප්‍රථම ගල විසිකිරීමේ අයිතිය ඔහුට ලැබෙන බවයි. (බයිබලයේ එන කතාවේ කාන්තාව දුෂණය වුයේ පිරිමියෙකු අතින් බව ගල් ගැහීමට එකතු වූ පිරිමි කිසිවෙකුට නොවැටහීම මෙහි ඇති විශේෂත්වයයි) (නි)
මහජන බලයෙන් උමතුව කවුරුත් වෙරි වූ මීයන් සේ හැසිරෙන අවස්ථා ඇති බැවින් මේවට දඬුවම්ම නැහැ. (නි)
අපි අහසින් පොළොවට ඍධියෙන් පහළවුණ අය නෙමෙයි.පාලන කාල කීපයක අත්දැකීම තියෙන අය. මීටවඩා දේවල් දේශපාලකයින්ගේ කටවල් වලින් අපි ඕනෑතරම් අහලා තියෙනවා. පහුගිය රජයේ වැඩිපුරම චෝදනා ලබපු මැති ඇමතිවරු අද යහපාලනයට හේත්තු වෙලා කඩේ යනකොට ඔවුන්ට විරුද්ධව කිසි ක්‍රියාමාර්ගයක් නැහැ.පක්ෂ වුණත් විපක්ෂ වුණත් යහපාලනේ එකම නීතියක් තියෙන්න ඕනෑ පොරොන්දු වුනු විදියට.එහෙම නොවෙනවා නම් තෝරාගත් පිරිසකට පමණක් පහර දෙන්න නිර්මාණය කළ මේ පොලිසියට සළකන්න වෙන විදියක් නැහැ.ඔය කියපු විදිය තමයි ක්‍රමය.කරන්න බැරි වුණත් කේන්තියවත් පිටකරවා ගන්න... (නි)
ඇයි මෙයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? යහපාලනයේ මුලධර්මයක් විදියට පොරොන්දු වුණා නේද නීතිය ක්‍රියාත්මක කරනවා කියලා? (නි)
මම අහලා තියෙන්නේ මිනීමැරීමත්, මිනීමැරීමට තැත් කිරීමත්, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීමත්, ඊට පෙළඹවීමත් මිනීමැරුම් චෝදනා යටතේ දඬුවම් දිය හැකි වරදක් කියලයි. මෙයා මෙයින් කිහිපයක් කරලා තියෙන නිසා අවුරුදු 07 ක් නොවෙයි වසර 20 කටවත් හිරේට යවන්නයි තියෙන්නේ. (නි)
කිය කියා ඉන්නේ නැතුව කරන දෙයක් කරන්නකෝ ඉතින් (නි)
කටවල් පරිස්සම් කර ගන්න ඕනෑ මේ සාමාන්‍ය මහජනයා වන අපි මිසක් මේ දේශපාලක බලවතුන් නෙමෙයි. ඒගොල්ලෝ කවුරු කවුරුත් අන්තිමේ සාක්කි පරස්පරයි කියලා එළියේ. ඒගොල්ලෝ වෙනුවෙන් මල් වට්ටිය උස්සාගෙන පළිගන්නවෝ කියාගෙන පන්සලට දුවන්න හරි කවුරු හරි ඉඳීවි. අපි කට ඇරියොත් නඩු නැතුව ආණ්ඩුවේ බෝඩිම ඇතුළේ. (නි)
සත්‍යා, බයිබලයේ එන කතාවේ ජෙසුස් වහන්සේ පැවසුවේ, එම ගල් ගැසීමට පැමිණි අයගෙන්, කිසිදා පව් නොකළ කෙනෙක් පළමු ගල ගසන ලෙසටයි. සියලු දෙනා පව්කාරයෝ බැවින් ඔවුන් විසිර ගියා. මෙය මෙතනට ආදේශ කළ නොහැකියි. රටේ නීතියේ පැවැත්ම සඳහා පිහිටුවා ඇති ආයතන වලට කිසිවෙකුට ගල් ගැසිය නොහැකියි. නමුත් ලංකාවේ පවතින්නේ බලවතා රිංගන, දුර්වලයා පෙළන නීති ක්‍රමයක්. ඒ නිසා මේ දේශපාලකයන් කිසි දිනෙක දඬුවම් ලබන්නේ නැහැ. ඕනෑ නම් නඩු දමා රිමාන්ඩ් කරයි, ඒත් වසර කීපයකින් ඔවුන් නිදොස්කොට නිදහස් වෙයි. වැඩිම වුණොත් සමාව ඉල්ලාවි. (නි)
යහපාලනයේ තීන්දු බොහොම ප්‍රමාද බවයි අපිට පෙනෙන්නේ. අහිංසක ජනතාව තවත් ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. (නි)