අලුත් දේශපාලන සංස්කෘතියක් හා වෙනසක් ඇති කිරීමට මුළු රටම කැමැත්ත පළ කර ඇති හෙයින් පළි ගැනීම් හා නීති විරෝධී ක්‍රියාවලින් වැලකී සිටින්නැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ආයාචනය කරයි.
අද උදේ තමා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හමුවූ බව කී වික්‍රමසිංහ මහතා නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බාධාවකින් තොරව නව පදවියේ වැඩ ආරම්භ කිරීමට මං සලසමින් නිල නිවස අරලිය ගහ මන්දිරයෙන් ඉවත්ව ගිය බවත් වික්‍රමසිංහ මහතා පැවසීය. නව ජනපති දිවුරුම් දී වැඩ බාරගන්නා මොහොතේ කිසිවකුත් නීතිය අතට නොගත යුතු බවත් පළිගැනීම් නොකළ යුතු බවත් අවධාරණය කරන වික්‍රමසිංහ මහතා සන්සුන්ව සිටින්නැයිද නීතිය හා සාමය රකින ලෙස පොලිස්පතිගෙන්ද ඉල්ලීමක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර අපට නීතීයේ ආධිපත්‍ය ලබා දෙන්න (දිල්)
බුධිමතෙක් වගේ කෙලින් වැඩකරන්න, නව ජනාධිපති තුමාට පුර්ණ සහයෝගය දෙන්න, ඔබට සුබ පතනවා.! (ර)
ඔබ තුමා නම් සැබෑ මහත්මයෙක් (දිල්)
මතක තියා ගන්න අනුන්ගේ පහනෙන් එළිය බලන්න හොද නැති බව.(හේ)
හොද අදහසක්, නමුත් වැරදිකරුවන්ට, එතනෝල්කාරයන්ට, කුඩු කාරයන්ට, මිනී මරුවන්ට නිසි දුඩුවම් ලබාදිය යුතුයි. නමුත් එය ෆොන්සේකා මහතාට දඩුවම් කල ආකාරයේ පහත් තත්ත්වයෙන් නොවිය යුතුයි.(අ)
ඔබේ අදහස ඉතාම වැදගත් .දිනීමේ සතුට ඉතාම සන්සුන්ව ගරුසරුව භුක්ති විඳිමු.(හේ)
ඔබගේ ප්‍රකාශය අපි අගය කරනවා (නි)
අපි ඔබට හිසනමනවා. දැන්වත් අපිට කියලා ලංකාවක් තියෙයි කියලා විශ්වාස කරනවා (නි)