(රංජන් කස්තුරි)
පියයුරු පිළිකා සඳහා භාවිත කරන ඖෂධ ආනයනය කිරීමේදී කිසිදු ආකාරයක වංචාවක් සිදුව නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
රුසියානු සමාගමකින් නිෂ්පාදනය කරන ‘හාර්ට් කැඩ්‘ නමැති ඖෂධය ආනයනය කිරීමේදී වංචා දූෂණයක් සිදුව ඇතැයි ඇතැම් පිරිස් නගන චෝදනා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස තමා වගකීමෙන් ප්‍රතික්ෂේප කරන බවද බණ්ඩාර මහතා කියයි.
එම ඖෂධ බෝතලයක් මීට පෙර රුපියල් 285 000කට මිලදී ගැනීමට සිදුවූ නමුත් රුසියානු සමාගම එක් බෝතලයක් 149 000ක් වැනි මිලකට සැපයු බවද ඔහු පවසයි.
එමනිසා වසරකට රුපියල් මිලියන 570ක් රජයට ඉතිරී වු බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී අද (02) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගෙ අම්මගෙන් පේන ඇසීම. මණය පෙනි පෙනී ජීවත් වන මිනිසාට මිනිත්තුවක්වත් ජීවත් වෙන්න ඉඩදෙන්න. ඇයි මේ අය මේ තරම් දරුණු වෙලා. මේවගේ දේවල් නිලධාරින්ගෙන් අහල වැඩක් නෑ. උන්ට අද වෙලා තියෙන්නේ තමන්ගෙ රස්සාව රැක ගන්න ඕනම ජරාවක් කන්න. රාජිත කියන්නේ කවුද කියල මිනිස්සු දන්නෙ නැතුවද මේ අය මාධ්‍යට මේව කියන්නේ මිනිස්සු අන්දවන්න.