IMG-LOGO

පහළොස් හැවිරිදි සිසුන් දෙදෙනෙක් බසයක් උස්සති

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක් සොරා ගත් බව කියන පහළොස් හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු සිද්ධියෙන් මිනිත්තු තිහක් ඇතුළත සොරාගත් බස් රථය ද සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි 15 හැවි‍රිදි පාසල් සිසුන් දෙදෙනකු බව පොලිසිය කියයි .

හෝමාගම - පිටකොටුව  බස් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් ඉන්ධන ලබා ගැනීම සඳහා ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පෝලිමේ නවතා තිබියදී එක්වරම බස් රථය පණ ගන්වා කිසියම් පුද්ගලයකු රැගෙන පලා යන අයුරු ඉන්ධන පෝලිමේ රැඳී සිටි වෙනත් රියදුරකු දැක ඇතැයි පැවසේ.

ඒ බව එම බස් රථයේ හිමිකරුට දැනුම් දීමත් සමග ඔහු ක්ෂණයකින් එම ස්ථානයට පැමිණ එහි සිටි පිරිසගෙන් තොරතුරු විමසා බස් රථය සොයා බසය ධාවනය වූ දෙසට ත්‍රිරෝද රථයකින් ගොස් තිබේ.

මේ යන අතරතුරදී සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියට හා බස් රථයේ හිමිකරු ගේ හිතවතුන්ට දන්වා බස් රථය සෝදිසි කරමින් ගොස් ඇති අතර ඒ සමගම පොලිස් නිලධාරීන් ද බස් රථය ලුහු බදිමින් ගොස් තිබේ.

මේ අතරතුරදී හෝමාගම ප්‍රදේශයේ දන්සලක් පැවති ස්ථානයක බස් රථය නවතා ඇති අතර එම අවස්ථාවේදී බස් රථයේ රියදුරු බාලවයස්කරුවකු බව එහි සිටි පුද්ගලයකු දැක ඔහුගෙන් රියදුරු බලපත්‍රයක් තිබේදැයි විමසා තිබේ.

එම අවස්ථාවේ දී රියදුරු බලපත්‍රයක් නොමැති බවට අනාවරණය වීමත් සමඟ තවත් පුද්ගලයකුගේ මාර්ගයෙන් බස් රථයේ හිමිකරුට ඒ බව දන්වා තිබේ.

ඒ අනුව බස් රථයේ හිමිකරු පොලීසියද සමඟ එම ස්ථානයට පැමිණ බස් රථය සහ සැකකරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන තිබේ.

 



අදහස් (3)

පහළොස් හැවිරිදි සිසුන් දෙදෙනෙක් බසයක් උස්සති

චාමික Saturday, 18 June 2022 01:19 PM

යකෝ මේ අය කරන වැඩ. බස් එක උස්සලා තියෙන්නේ දන්සැලට යන්නද? තෙල් ගන්නද?

:       0       15

De silva Saturday, 18 June 2022 06:43 PM

ජොලියට රවුමක් යන්න....

:       0       2

Bamunuarachchi Sunday, 19 June 2022 03:56 PM

ළමයි පොඩි කාලේම අර්නෝල්ඩ් සුබසිංහ වෙලා...! නරකද ඇමරිකන් සිනමාවේ රඟපෑමක් ඉල්ලා ගත්තොත්. දැන් ආර්නෝල්ඩ් සුබසිංහ වයසයි බස් උස්සන්න බැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 193 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 220 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site