(ගාඩියන් ඇසුරෙනි)
සෝමාලියානු මුහුදු තීරයේදී පැහැරගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව මුදාහැරීමට කොල්ලකරුවන් කප්පම් ඉල්ලා සිටින බව යුරෝපා සංවිධානයේ මුහුදු කොල්ලකෑම් විරෝධී මෙහෙයුම නිවේදනය කරයි.
ආයුධ සම්පන්න පිරිසක් නෞකාවේ සිටින බව පැහැරගැනීමට ලක්වූ කොමරෝස් ධජය සහිත Aris 13 නම් නෞකාවේ ප්‍රධානියා යුරෝපා සංවිධානයේ එම මෙහෙයුම සමග ප්‍රකාශ කර තිබේ.
පැහැරගත් නැව වෙනුවෙන් ඉල්ලා සිටින කප්පම් මුදල පිළිබඳ මේ වනතෙක් තීරණයක් ගෙන නැතැයි පැහැරගත් නෞකාව සමග සම්බන්ධකම් ඇති මුහුදු කොල්ලකරුවෙක් ප්‍රකාශ කළ බව කියැවේ. මෙම කොල්ලකරුවන් නෞකාවේ කාර්ය මණ්ඩලය එක කාමරයකට දමා වසා ඇතැයි ද සන්නිවේදන ජාල අවහිර කර ඇතැයි ද බයිල් හසේන් මහතා ඇසෝසියේටඩ් පුවත් සේවයට පවසා තිබේ.
‘‘ඔවුන්ගේ අවධානය දැන් තිබෙන්නේ මුදාගැනීමට ගන්නා උත්සාහය දෙසටයි.ඒ නිසා තමයි සන්නිවේදන පහසුකම් අවහිර කර තිබෙන්නේ“ යයි ඔහු පවසයි.
ශ්‍රී ලාංකිකයන් අට දෙනකුගෙන් සමන්විත වූ එම නෞකාව ඩිජිබෞටි සිට සෝමාලියා අගනගරය වන මොගදිසු වෙත ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබියදී බෝට්ටු දෙකකින් පැමිණි පිරිසක් විසින් පැහැරගැනීමට ලක් වූයේ යැයි ඔෂන්ස් බියෝන්ඩ් පයිරසි සංවිධානයේ ජෝන් ස්ටීඩ් මහතා කියයි.
මෙම පැහැරගැනීම සෝමාලියා මුහුදු තිරයේදී 2012න් පසු පැහැරගත් විශාලම වාණිජ නෞකාව යි. නෞකාවේ ප්‍රධානියා විසින් අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කළ බව ද එම මෙහෙයුම පවසයි.
චීනය, ඉන්දියාව හා ඉරානය වැනි රටවල නාවික හමුදා විසින් සෝමාලියානු කොල්ලකරුවන්ගේ මුහුදු කොල්ලකෑම් අවුරුදු ගණනාවක සිට නවතා දමා ඇති වකවානුවක සිදුවු මෙම පැහැරගැනීම ජාත්‍යන්තර නාවික කර්මාන්තයේ කැළඹීකට හේතු වී තිබේ.
සෝමාලියානු කොල්ලකරුවන් නැවත ප්‍රහාර ආරම්භ කිරීමට හැකි බවට ඇමෙරිකාව ඔක්තෝබර් මාසයේදී අනතුරු අඟවා තිබිණි. එසේ වුවත් මෙම මුහුදු ප්‍රදේශයේ ගෙන ගිය ආරක්ෂක වැඩිපිළිවෙල ලිහිල් කළ බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති. නේටෝ සංවිධානය ඔවුන්ගේ මුහුදු කොල්ලකෑම් විරෝධී මෙහෙයුම් දෙසැම්බර් මාසයේදී නවතා දැමුවේය
-042

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැවන්ගාඩ් මුහුදු ආරක්ෂා බලකාය විනාශ කරපු තක්කඩි දේශපාලුවෝ යවමු අපේ තරුණයෝ බේරගන්න,,
මම හිතන්නේ මේ මුළු කප්පම් මුදල යහපාලන රජය ගෙවාවි... ඇවන්ට්ගාඩ් නවත්තලා රජයට ඉතිරි කරගත් විශාල මුදල විපතට පත් ලක්වැසියන් මුදාගන්න පාවිච්චි කරන්න ඕන...
අනේ ඇවන්ගාඩ් තිබුනානම්
අැවන්ගාඩ් කරාපු මෙහෙයුම් දැන් කරන්නේ අපේ නාවික හමුදාව එතකොට සමහරු කියන්නේ අපේ හමුදාවට වඩා අැවන්ට්ගාර්ඩ් හොදයි කියලද? අයියෝ මෙහෙමත් මෝඩයෝ
අැවන්ගාඩ් තියන කාලේ නැව් පැහැරගත්තේම නැද්ද ? හාද?
එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කළේ ලෝක සාමය වෙනුවෙන් නේද? ඔවුන්ට මෙම ප්‍රශ්න විසඳන්න නොහැකිද
නාවික හමුදාවේ චන්ඩියා යවලා කට්ටිය බේර ගමු
ඇවෙන්ගාඩ් කරපු දේ නාවික හමුදාවෙන් කරත් නොකරත් නේටෝ ඇතුළු අනෙක් රටවල් ආරක්ෂාව අඩු කිරීම මත වුණ දෙයක්. එ්ත් ලංකාවේ ඉන්න ලිං මැඩියෝ හිතන්නේ ඇවෙන්ගාඩ් එකෙන් තමයි ඒ පළාතටම ගිය නැව් ටික ආරක්ෂා කරලා දුන්නේ කියල. ඔහොම මැඩියෝ ඉන්නකන් ඉතින් දෙස්පාලුවොන්ට හොදයි උන්ට අන්දන්න ලෙහෙසි නිසා...
ඇවන්ගාර්ඩ් කියන්නෙත් නාවික හමුදාවේ අයම තමා දැන් වෙලා තියෙන්නේ නැව උස්සල නේ ,පසුගිය කාලේ වුන පාඩුව නිසා නැවියන්ට අනතුරක් කරන්න ඉඩ තියෙනවා එම රටේ අපේ රටේ වගේ හරි හමන් ආණ්ඩුවක් නැහැ යුද සන්නද්ද කල්ලි මගින් පාලනය ගෙන යන්නේ
නාවික හමුදාවට වෙනත් රටක මුහුදු සීමාවන්ට යන්න බැහැ එතකොට යුද නැවක් ලෙස සලක පහර දී විනාශ කරන්න පුළුවන් එම නිසා ලෝකයේ රටවල් එකතුවෙලා සමාගම් මගින් ආරක්ෂාව ගෙන යන්නේ අැවන්ට්ගාර්ඩ් හි සේවය කළේ ලංකාවේ නාවික හමුදා භටයන් පිටරට අයත් හිටියා ව්‍යාපාර කරලා සල්ලි හම්බ කරගන්න එක වෙනවා නමුත් භාණ්ඩාගාරයේ මුදල් බිල්පත් එහෙ මෙහෙ වුනාම දේශපාලන බේදයක් නැතිව සැම දෙනාගේම සාක්කුවට වගේම අනාගත පරපුරටම වදින බව දැන ගත යුතුය