නිමල කොඩිතුවක්කු
වී, බඩ ඉරිඟු, සෝයා, මිරිස්, ලොකු ලූණු සහ අර්තාපල් ගොවීන් සඳහා ලබන කන්නයේ සිට පොහොර ලබා ගැනීමට වැයවන සම්පූර්ණ මුදල කන්නය ආරම්භ වීමට පෙර එම ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්මාන්ත අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
ජාතික ආර්ථික සභාව පත්කළ මුදල් අමාත්‍ය මංගල සමරවීර, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සහ විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම යන මහත්වරුන් ගෙන් සමන්විත කමිටුව මුදල් අමාත්‍යාංශයේදී අද(22) රැස්වී මෙම තීරණය ගෙන තිබේ.
එමෙන්ම මෙම බෝග සඳහා 2018 අයවැයෙන් යෝජනා කළ අක්කරයකට රුපියල් 40000 ක වගා රක්ෂණාවරණය සදහා දැරීමට සිදුවන රුපියල් දහසක මුදල රජය විසින් දැරීමට තීරණය කළ බවද ඔහු කියා සිටියේය.
ඒ අනුව එම එම රක්ෂණාවරණය මෙම කන්නයේ සිට සම්පූර්නයෙන්ම නොමිලේ ලබාදීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ පාවිච්චියට එක කාර් එකක් තියාගෙන අනිත් සැප වාහන ටික විකුණලා එ්කත් ඔය ගිණුමටම දැම්මොත් එන පාර සලකා බලන්නම්...
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වලූ.
ඊළඟ ඡන්දෙට කලින් ගොවියෝ ටික අන්දගෙන ඉන්නයි හදන්නේ.. මේ රැවටෙන්න එපා ඕවට... ඕවා සේරම ඡන්දෙ තියනකම් විතරයි..
මෙන්න ඊළඟ චන්යදට තවත් චන්ද ගුන්ඩුවක් !!!
චන්දය පැරදුණු එක හොඳට ගියා..දිණුවනම් අද වෙනකොට ලැබුණු ගානේනුත් කීයක් හරි කපලා දාලා..
ගම්මිරිස්,රබර් කිරි,කරුන්කා සහ තේ පිට රටින් ආනයනය කිරීම වහාම නවත්වන්න.මේ රටේ ගොවියාව ආරක්ෂා කරන්න.
කලිනුත් මේ වගේම වැඩක් කරලා ඇන ගත්තා නේ ?
මෙම ක්‍රමය හොදයි නමුත් මෙහෙම කරන්න හේතුව තවම මිනිසුන්ට පැහැදිලි නැත.
මොළයක් ඇති මිනිස්සුන්ට නම් මෙහෙම කරන්න හේතුව මොකක්ද කියලා තේරෙනවා. ඕවා සේරම ඊළඟ ඡන්දෙ එනකම් දෙන පොරොන්දුනේ, අහිංසක ගොවියන්ව අන්දවලා ඡන්දෙ ගත්ත ට පස්සේ ඔය මුකුත් ලැබෙන එකක් නෑ..
මේ වගේ දේවල් වෙනස් කරනකොට හොද විශ්ලේෂණයක් කරලා , ක්රියාවේ යොදවන්න ඕන. ගමේ ගොවියා ලගට පොහොර ටික ගිහින් දුන්නත් කමක් නැහැ . රටේ විනාශ කරන සල්ලි කොච්චරද ? අහිංසක ගමේ මිනිස්සු ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. ගමේ මිනිස්සු හිතන විදිහ දන්නේ නැතිව දේශපාලනය කරන්නේ කොහොමද ? පොහොර ටික හරිනම් දැන් නිකන් දෙන්න ඕන . එතකොට මිනිස්සු වෙනසක් කලා කියල හිතන්න පටන්ගන්නවා .
ගොඩක් හොඳයි. ඕක කලින් කරලා තිබුණා නම් ඡන්දෙ ගොඩ යන්නත් තිබුණා...
සල්ලි පොහොරවලට යනවා වෙනුවට කසිප්පු පොළට යනු ඇත. රටේ පොහොර නැතිනම් ලාඩප්පා කොළවගේ සල්ලි පොහොරට දාන්නද? රටේ පොහොර තිබෙනවා නම් සල්ලි දෙනවා වෙනුවට, අඩුමිලට පොහොර ටික දීපල්ලකෝ. ගිය ආණ්ඩුවට කරන්න පුළුවන් වුණානම් ඇයි මේ ගොල්ලන්ට බැරි..