වත්මන් රජයෙන් අහෝසි කරන ලද තේ සහ කුඹුරු පොහොර සහනාධාරය ඒ ආකාරයෙන්ම නැවත තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා පිටිගල නගරයේදී ගොවීන් පිරිසක් අද (13) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
පැයදෙකක පමණ කාලයක් තේ ගස් ,වී පඳුරු, රබර් රොටි ,ප්‍රදර්ශනය කරමින් පිටිගල බස් නැවතුම් පොළ ඉදිරියේ පැවතී මෙම උද්ඝෝෂණයට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ද සිල්වා,දකුණු පළාත් සභා නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල,දකුණු පළාත් සභා මන්ත්‍රී දුල්ශාන් කාරිය වසම්,හිටපු ප්‍රාදේශීය සභා නියෝජිතයන් වන උදේනි අතුකෝරල,කේ.ශාන්ත තිලක ,චරිත් අසේල,නලින් ප්‍රියදර්ශන ,කරුණාසේන පොන්නම්පෙරුම ඇතුළු කුඹුරු හා තේ ඉඩම් හිමියෝ විශාල පිරිසක් සහභාගී
වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් බුදු දහමත් එක්ක ගසට පොත්ත වගේ බද්ධ වුන සිංහලයෝ , මෑත කාලයේ අපේ යතිවරයාණන් වහන්සේ නමකට අවසන් ගෞරවය පුද කරන්න රාජ්‍ය ශෝක දිනයක් කරලා තියෙද්දිත් මේ කරන උද්ඝෝෂන වලින් සිංහල බෞද්ධ කමට සිදුවෙන කැළල නම් අති විශාලයි , අති සෝචනීයයි , නින්දිතයි (බ)
හොදයි නේද දැන්, මොනවා කරන්නද ගිය හකුරට නාඩන්නේ තියන හකුර රැක ගමු (බ)
ගොවිතැනින් ජිවත්වන කළුතර පළාතේ අපේ දෙමව්පියෝ හොඳටම හෙම්බත්වෙලා ඉන්නේ. මහපොළත් නැත්නම් අපි හාමතේ. පාලකයින්ට ගානක්වත් නැහැ. (බ)
කුඩා තේ වතු හිමියනට දළු කඩන මුදලුයි පොහොරවලටයි ගියහම ඉතුරු ගස් ටික විතරයි. (බ)
පිටබැද්දර ජයා, අර දිනේ මේ දිනේ කියලා මිනිසුන්ට බඩගිනි එන්නේ නැද්ද? ඒ මිනිස්සු කෑ ගහන්නේ තමුන් කන්න හොයාගන්න රස්සාව වෙනුවෙන්! (නි)
ඉනෝකා, පාලකයන්ට මොන ගාණක්ද......දෙන්න දෙපැත්තේ ඉදගන සංදර්ශන පවත්වනවා. එක, එක දවසට අපුරු වචන දාල මිනිස්සු අන්දනවා. පෝර ඕන වෙන්නේ ගොවි ජනතාවටනේ. ප්‍රධාන පුරවැසියෝ ඕවට නැහැ. ඒ උත්තමයෝ සරලව ජීවත්වෙන උදවිය (බ)
සුමිත්‍රා සහතික ඇත්ත! ඉනෝකා දුවේ. මහන්සිවෙලා ඉගෙන ගන්න. වෙන කරන්න දෙයක් නැහැ. මේ ලෝකෙම නැතිව ඇති ලංකාවේ තරම් මිනිස්සු රවට්ටන මෙහෙම දේශපාලකයෝ ජාතියක්. (බ)
ජයා. මිනිසුන්ගේ දුක් කන්ද එක්ක විහිළු කරන්න තරම් නරුම වෙන්න එපා. මේ අහිංසක මිනිස්සු රට වටේම විනෝදෙට පාරට බැස්ස අය නෙමෙයි. මහපොළොවේ ඇත්ත ප්‍රශ්නයක් තියෙන බව පෙන්නේ නැත්තේ දාල ඉන්න පාට කන්නාඩිය සැර වැඩි හින්දද? (බ)