කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තටාකයට වැටුණු ශිෂ්‍යයකු බරපතල තත්ත්වයෙවන් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කුරුඳුවත්ත පොලීසිය කියයි.
පාසලේ නමය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා බාල දක්ෂයෙකි.
මාර්තු දෙවැනි සෙනසුරාදා දහවල් සිසුවා පිහිණුනුම් තටාකයට වැටී රෝහල් ගත කළ බවද, සිසුවාගේ තත්ත්වය බරපතල නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ ඇති බව ද, එම සිසුවා මේ වන තුරුත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබව බව ද පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය වන අවස්ථාවේ පිහිනුම් තටාකයේ විශාල සිසුන් පිරිසක් සිටි බව ද පොලිස් ආරංචි කියයි.
ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ දෙවැනිදා ඇතුළත් කළ සිසුවාගේ තත්ත්වය බරපතළ බවයි. මේ වන තුරුත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සිසුවාගේ සිහිය මද බව ද, මොළයට ඔක්සිජන් යෑමේ මදි කමක් ඇති බව ද, තවදුරටත් ප්‍රතිකාර කරන බව ද ජාසිංහ මහතා පැවසීය.
රාජකීය විද්‍යාලයයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා පැවසුවේ සෙනසුරාදා පිහිනුම් තටාකය බාල දක්ෂ සිසුන් සඳහා වෙන් කර ඇති බවයි.
එය කාලයක් තිස්සේ පැවැති සම්ප්‍රදායක් බව ද, මේ සිදුවීම වන අතරතුර ආදි බාලදක්ෂයන් පවා එම ස්ථානයේ සිටි බව ද, අනතුරට පත් ශිෂ්‍යයා වහා රෝහල් ගත කිරීමට කටයුතු කළ බව ද, විද්‍යාලයේ ආදි ශිෂ්‍ය වෛද්‍යවරුන් දැනුවත් කර සිසුවා සුවපත් කිරීමට වෙහෙසෙන බව ද විදුහල්පති ගුණසේකර මහතා පැවසීය.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ පිහිණුම් පුහුණුකරුවකු හෝ ජීවිතාරක්ෂකයකු සිටියේදැයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමර්ශනයක් පැවැත්විය යුතු බවයි.
ක්‍රීඩා කරන අතර තුර සිසුන් අනතුරට පත්වී මිය යාමේ සිද්ධි පවා පසුගිය වකවානුවේ වාර්තා වූ බව ද, සිසුන් බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කරද්දී අධ්‍යාපන බලධරයන් මීට වඩා සොයා බැලිය යුතු බව ද ස්ටාලින් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද ඒ තටාකය අපිටත් කියන්නකෝ (දී)
මේක පුදුම වැඩක් නේ? (දී)
පූල් එකේ හිටිය ජේෂ්ඨයන් මොකද කළේ? පොඩි අයව බලාගැනීම ඔබගෙ වගකීමයි. ඒ අයට අඩුම තරමෙ බේස්ටෝක් රටාව හරි කියලා දුන්නානම් මෙහෙම වෙන්නෙ නැහැ. (නි)
අයියෝ සල්ලි (දී)
කොහොමහරි ජීවිතය බේරුණු එකම ඇති. (නි)
සම්ප්‍රදාය කෙසේ වෙතත් පාසල් සිසුන් ගැවසෙන මෙවැනි පිහිනුම් තටාකවල අඩුම වශයෙන් එක ජීවිත බේරා ගැනීමේ පළපුරුදු පිහිනුම්කරුවකුවත් සැමවිටම සිටිය යුතුයි. එහෙම කෙනෙක් හිටියේ නැද්ද රාජකීය විද්‍යාලය වෙලත්? (නි)
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා! (නි)
රාජකීය ගැන නම් මගේ හිතේ පැහැදීමක් නැහැ. (නි)
මෙවන් සිදුවීම් නිසා පාසල් වලට දෝෂාරෝපණය කිරීම වැරදියි. (නි)
කොහොමද දැන් ඒ ළමයාට (දී)
ළමයි දග වැඩි නම් අනෙක් මිනිස්සු මොනවා කරන්නද? (නි)
ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)
මෙවන් පහසුකම් පාසල් වලට ලාබදිම පිළිබදව ස්තූතිවන්ත වෙමි. වැදගත් වන්නේ ඒවා පාවිච්චි කරන්නේ කෙසේද යන්න පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීමයි. (නි)
කොළඹ ප්‍රසිද්ධ පාසැල්වල ළමයින්ට නම් විශේෂ ප්‍රතිකාර ලැබෙනවා. (නි)
මෙලෙසින් දරුවන්ගේ දිවි බේරෙයිද? (නි)
ඉතා ශෝකනිය පුවතක් (දී)
දැන් කොහොමද ඒ පුද්ගලයාට (දී)
කොහෙද ඒ තටාකය (දී)
තටාකයට යන්නත් බයයි. කොහෙද ඔය (දී)
අවාසනාවන්ත වැඩක් (දී)
අවාසනාවන්ත සිද්දියක් (දී)
කියලා වැඩක් නැහැ ශාන්. (නි)
ගඟේ, මුහුදෙ ගිලෙන අයවත් බේරගන්න එකේ මේ ළමය තටාකයේ ගිලිලා බරපතල තත්ත්වයකට පත්වෙනකල් ළඟ හිටපු අනිත් අය මොනවද කළේ? ආදි ශිෂ්‍යයෙකුටවත් බැරි වුණාද ඉක්මනට පැනලා බේර ගන්න, වතුර පෙවෙන්න නොදී. (නි)
වගකිමෙන්තොරව වැඩ කරන්න එපා (දී)
වගකිවයුත්තෝ කවුරුන්ද? කෝ ජීවිතාරක්ෂකයෝ? (නි)