
(නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි
කාන්තාවක විසින් මෙම අසභ්‍ය වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් මගින් අන්තර්ජාලයට යොමු කර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයකු සඳහන් කළේය.
දම්සක් පදනම නම් සංවිධානයක සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් කරනු ලැබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ආරම්භ කළ බව ද එම නිලධාරියා පැවසීය.
මේ වන විට එම ස්ථානය හඳුනා ගනිමින් අදාල වීඩියෝ පටය සමාජගත කිරීම පිළිබඳව කරුණු විමර්ශනය කරමින් සිටින බවද බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අසභ්‍ය වීඩියෝ දර්ශනය සහ අසභ්‍ය ඡායාරූප ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සමාජ මාධ්‍ය තුළ ඉකුත් සතියේදී සංසරණය විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මැජික් නොවේ... ලෝකයේ ඕනෑතරම් තියෙනවා.. ඕන අය බලයි.. ඕනෑ නැති අය නොබලයි. කාටවත් බලකිරීමක් නැහැ බලන්නම කියා... පාර්ලිමේන්තුවේ කතා වෙන්න ඕනේ... කොහේවත් නැති දේවල් නෙමෙයි. දවස ගානේ මියැදෙන මිනිසුන් බේරගන්න රටක් වශයෙන් ඉදිරියට යෑම නොවේද වෙන්න ඕනේ..? දැන් මේක අල්ලගෙන නටයි ඉතින් මාස ගාණක්...
මතු ආත්මවල බල්ලන්, බළලුන් වෙලා ආ ගිය තැන මෙහෙම හැසිරෙන්නේ මනුෂ්‍ය ආත්මවල මේ වගේ දේවල් කරන අය..
ළමයින්ට නොමග යනවා නම් ඕනෑතරම් වීඩියෝ තියෙනවා අන්තර්ජාලයේ නොමිලේම.. මේ වීඩියෝ එක හින්දාම ළමයින් නොමග යනවයි කියන එක මෝඩ තර්කයක්... මම කල්පනා කළේ ලංකාවේ මොන නීතිය යටතේ ද මේක වරදක් වෙනවා නම් වෙන්නෙ කියලා.. දන්න කෙනෙක් කියන්න..
වෙන රටවල එහෙමයි මෙහෙමයි සිතා මේ අසැබි ක්‍රියාව සාධාරණීයකරණය කරන්න හදන්න එපා.
මේකේ ඇති වරද.... නිදහසේ හැසිරෙන්නේ වනගතවනේ....
මෙවන් ක්‍රියා හරි හෝ වැරැදි යයි කියනුයේ, තමතමුන් ලෝකය දකින ලෙසයි. ඔබ ලෝකය දකිනුයේ යම් සේද, ඒ ලෙස ඔබට ලෝකය පෙනෙනු ඇත. හැබැයි ඒ සඳහා ඔබ උගත් දේ, ඔබේ මොලයේ දත්ත විශ්ලේෂණය කිරීමේ හැකියාව, ඔබේ පුරුදු යන සාධක බලපානු ඇත.
ලංකාවේ දැන් නීතියක් නෑ.. ඔක්කොම කැලේ නීති...
මොනවද මේ ලංකාවේ ඒනන ඒනනම සිද්දවෙන්නෙ