විනීතා එම් ගමගේ
විදුහල්පතිවරුන් නායකත්ව පුහුණුවට යැවීම පිළිබඳව වගකීම තමන්ට ගත නොහැකි බවත් මානව සම්පත් ශාඛාවෙන් තෝරා දෙන නාමලේඛන අනුව විදුහල්පතිවරුන්ට ලිපි යැවීම පමණක් තමන් සිදු කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්යක්ෂ වෙඩිසිංහ මුදියන්සේලාගේ ජයන්ත වික්‍රමනායක මහතා කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂකවරයා හමුවේ ප්‍රකාශ කළේය.
නායකත්ව පුහුණුවට පුහුණුකරුවන් පත්කිරීම හෝ නම් කිරීම තමන් කිසිසේත්ම සිදුනොකරන බවත් පුහුණුව සඳහා තෝරාගත් විදුහල්පතිවරුන් වෙත යවන ලිපි තමන් විසින් අස්සන් කර යැවීම පමණක් සිදුකරන බවත් වික්‍රමනායක මහතා කියා සිටියේය.
හම්බන්තොට සුචී ජාතික පාසැලේ විදුහල්පතිනි රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය නායකත්ව පුහුණුවක යෙදී සිටිය දී කඹයක් කඩාගෙන වැටී මිය යාම පිළිබඳව පැවැති මරණ පරික්ෂණයේ වැඩිදුර පරික්ෂණය අද (10) කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ දී පැවැති අවස්ථාවේ ජාතික පාසැල් අධ්යක්ෂවරයා මේ බව කියා සිටියේය.
කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂක මොහමඩ් අෂ්රොෆ් රූමි මහතා ඉදිරියේ පැවැති අවස්ථාවේ මෙම මරණ පරීක්ෂණය පැවැත්විණි.
ඉකුත් පෙබරවාරි 17 වැනිදා ඇය විදුහල්පතිවරිය මිය ගියේ වාරියපොළ පිහිටි පුහුණු මධ්‍යස්ථානයක නායකත්ව පුහුණුවක යෙදී සිටිය දීය.
ජාතික පාසල් අධ්යක්ෂවරයාගේ සාක්ෂිය අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ මානව සම්පත් අංශයේ අධ්‍යක්ෂකවරයා ලබන 24 වැනිදාට සාක්ෂියට කැඳවූ මරණ පරික්ෂකවරයා වැඩිදුර පරික්ෂණය එදිනට කල් තැබීය.
මේ අතර විදුහල්පතිනිය ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණයේ වාර්තාව ද මරණ පරික්ෂකවරයා වෙත ලැබී තිබිනි. කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි එස් පී ඒ හේවගේ මහතා විසින් සිදුකරන ලද එම පරික්ෂණය අනුව විදුහල්පතිනිය ගේ මරණය සිදුවී ඇත්තේ උසකින් වැටී හිස බිම වැදීමනිසා හිසට තුවාල සිදුවීමෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට වෙන්නේ මෙහෙමයි. මානව සම්පත් අංශයේ අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රශ්න කලවිට : "මම මානව සම්පත් අංශයේ ලිපිකරු විසින් දෙන ලද නම් ජාතික පාසල් අධ්යක්ෂ වෙතට යැවීම පමනයි සිදුකලේ. මට වගකීම බාරගත නොහැකියි." මානව සම්පත් අංශයේ ලිපිකරුගෙන් ප්රශ්නකලවිට : " මම විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම මත අදාළ නම් මානව සම්පත් අංශයේ අධ්‍යක්ෂකවරයා වෙත යැවීම පමනයි සිදුකලේ. මට වගකීම බාරගත නොහැකියි." අවසාන නිගමනය: වගකීම මියගිය විදුහල්පතිනිය. කමෝන් ශ්‍රී ලංකා...
අපි නම් දන්නේ අත්සන් කරන්නේ වගකීමක් අරන් කියලා. එතකොට මෙයාට මේ රජයෙන් පඩියක් ගෙවල වාහනත් දීලා තියන් ඉන්නේ, මේ පෑන් පාරක් කොලේක ගහන්නද. ඔක්කොටම ඉස්සර මේ අයට කියලා දෙන්න, අත්සන කියන්නේ මොකක්ද ඒක ගහන්නේ මොකටද කියලා.
ඉහත කතාව සහ මරණය සිදුවී ඇති ආකාරයට කිසිම සම්බන්දයක් නැත. මරණය සිදුවී ඇත්තේ කඹයක් කඩා වැටීමෙනි. එවිට වරද කොතනද ? කඹේ හොද එකක් නම් මෙම මරණය සිදුවෙයිද ? මෙයට වග කිය යුත්තේ අදාල පුහුණු පාසලේ මෙම උපකරණ බාරව සිටින පුද්ගලයාවේ. එම උපකරණ වල යෝග්‍යත්වය පුහුණුවට පෙර පරීක්ෂා කීරීමේ වගකීම ඔහු මගහැර ඇති බැවිනි .
කට්ටිය හොඳටම බයවෙලා හත්පොලේ ගාගන්ටයි යන්නේ. මෙතන ප්රශ්නය තියෙන්නේ පුහුණුවට ගිය එක නෙවෙයි. දිරච්ච කඹයක් යොදවපු එක. නායකත්ව පුහුණුවේ වරදක් මම නම් දකින්නේ නැහැ. ප්‍රමිතියක් සහිත භාණ්ඩ පරිහරණය කරනවානම්...
ප්‍රශ්න කල යුත්තේ පුහුණුවට ලියුම් දුන්න අයගෙන්ද ? අදාළ පුහුණුවීම් කල රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයෙන් නොවේද ? පුහුණුවීම් කල ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඇති ගිවිසුම කුමක්ද? පුහුණුවේ ප්‍රමිතිය ගැන ගිවිසුමේ සඳහන් වෙනවාද ? එය අත්සන් කලේ කව්ද යන වග නොවේද ? මේවා තමයි රටේ ජනතාවට විහිලු සපයන යහපාලන ආණ්ඩුවේ කෙරුවාව..
මෙයා මහා රාත්‍රියේ අතිකාල සේවයේ යෙදන මොහොතේ විදුලිය විසන්දී වී ගිය අවස්ථාවේ මෙම ලිපියට තම අත්සන තබන්න ඇති. උසස් නිලධාරින්ට මෙසේ පහසුවෙන් වගකීමෙන් ගැලවෙන්න පුළුවන් එකම රට අපේ රට වෙන්න ඇති. මෙයාට කියන්න පුළුවන් නේද මාසේ අන්තිමට පඩි ගන්න කොට අනේ " මට මෙච්චර මුදල් එපා වැටුප වශයෙන් මොකද මම මෙච්චර වැඩ කරලා නැති නිසා කියලා".
අනේ මන්ද මේ රටේ ඉන්න මේ අයගේ පරිපාලනේ කෙරුවාව. කවුද මේ පුහුණුව යෝජනා කලේ? කවුද මේ පුහුණු ආයතනය මේ වැඩේට හොඳයි කියල යෝජනා කලේ? කවුද මේ ආයතනය හොඳයි කියල අනුමත කලේ? ඊට කලින් මේ පුහුණු ආයතනයේ ප්‍රමිතිය හොයා බලන්න හිටියේ කවුද? මේ වැඩ කෙරෙන අන්දම අධීක්ෂණය කලේ කවුද? ඔන්න ඔය ප්‍රශ්න ටික හෙව්වනම් වැරදිකාරයා අල්ලගන්න පුළුවන්.