ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී පුහුණුකරුවකු නොමැතිවීම තමන්ට පාඩුවක් වු බවත්, එවැනි අඩුපාඩුකම් ඇති නොවන්නට බලධාරීන් ඉදිරියේදීවත් වග බලාගත යුතු බවත් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ලන්ඩන් නුවර සිට ‘ලංකාදීපයට’ අද (6) පැවසීය.
ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ මුලික වටයේදී නිලූක, බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැනි ස්ථානයේ සිටි ජපානයේ කිනිචි ටාගෝ පරදවා විශිෂ්ට ජයක් ලැබීය. ශ්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයේ බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් දැක් වු ඉහළම දස්කම ලෙස ද එය වාර්තාවේ.
අවසන් ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට පැමිණියත් නිලූක එහිදී ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප් පරුපල්ලි අතර පැවැති පෙර අර්ධ අවසන් පුර්ව තරගයෙන් පරාජය ලැබුවේ තරග වට 2/1 තියුණු තරගයකින් පසුවය.
ඉන්දිය ක‍්‍රීඩකයා තරගය අතරතුර පුහුණුකරුගෙන් උපදෙස් ලබද්දී නිලූක, පුහුණුකරුවකු නොමැතිව තනිව සටනක් ලබාදුන් ආකාරය ලන්ඩන් ඔලිම්පික් උළෙල පැවැත්වෙන මේ දිනවල මෙරට ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ වැඩි දෙනකුගේ කතා බහට ලක්ව තිබේ. පුහුණුකරුවකුගේ සහයෝගය තිබුණේ නම් තරගය ජය ගැනීමට නිලූකට වැඩි අවස්ථාවක් උදාවී තිබු බව බොහෝ දෙනාගේ අදහසයි.
‘‘ඔලිම්පික් තරගවල මගේ ප‍්‍රතිඵල අතීතයට ගොස් අවසානයි. මේ සියලූදේ වලින් ඉදිරියේදීවත් අවශ්‍ය පහසුකම් මට ලැබෙයි කියලා හිතනවා. ශ‍්‍රී ලංකාවේදී මට තරගයක් දීමට හැකි ක‍්‍රීඩකයන් නොමැති නිසා මම විදෙස් තරග සඳහා තනිවම සහභාගිවුණා. ඒ තුළින් ලබාගත් ජයග‍්‍රහණ ඔස්සේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව මා ලබා ගත්තා යැයිද’’ නිලූක පැවසීය. එහිදී මැක්ලරන්ස් සමාගම හැකි අන්දමින් අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත් වු බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී සිය පියා (ලූවී කරුණාරත්න මහතා) පුහුණුකරු ලෙස තමන්ට ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලූ නමුත් ඒ අවස්ථාව අහිමි වු බවද ඔහු පවසයි.
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට පෙර තමන් ක‍්‍රීඩා අමාත්‍යංශයේද සහයෝගයෙන් පෝලන්තයේදී නේවාසිකව පුහුණුව ලැබු බවත්, පෝලන්ත ජාතික බැඞ්මින්ටන් පුහුණුකරුගේ උපදෙස් ක‍්‍රීඩා උළෙලේදී තමන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණු බවත්, නිලූක පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ක්‍රීඩකයන් ගණනටත් වැඩිය ගිහින් හිටියේ නිලධාරීන්නේ. මේ ඔක්කොටම මුල තමයි, " රටට මොනවා වුණත් කමක් නැහැ. අපිට යමක් වෙනවනම් ඒ ඇති " කියන මතේ ඉන්න අය ලොකු තැන්වල ඉන්න එක. මේ ගැන ඉක්මණටම මැදහත් පරීක්ෂණයක් කරලා, වැරදිකාරයන්ට තරාතිරම නොබලා දඩුවම් දෙන්න ඕනෑ. මොකද එයාලා රටට නැතිකළේ තවත් ඔලිම්පික් පදක්කමක්... (නි)
මේවා ක්‍රීඩකයෝ කිය කිය ඉල්ලන්න ඕන දෙයක් නෙවෙයි. රටේ ඉන්න ක්‍රීඩාඇමති හොයලා බලලා කරන්න ඕන වැඩ ඇත්තටම.. ??(නු)
පොඩිකාලෙ විනෝදෙටවත් සෙල්ලං නොකරපු අය තමයි ඔලිමිපික්වලට රටේ ශූරයෝ එක්ක යන්නෙ..ඒ අයට තේරෙයිද මේ නිලුක කියන දේවල්...!!(නු)
අපේ කට්ටියගේ තියෙන්නේ නිකන් බොරු කයිවාරු විතරයි. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේවල් නැහැ. (නි)
ඇයි දරුවෝ, ඔය ගියයි කියන නිලධාරීන් ගොඩේ ඔයාට වැඩක් වෙන කෙනෙක් හිටියේ නැද්ද එතකොට? (නි)
ඔබ පරාද උනත් ලංකාවට ලැබුනේ ජයක් . මේක ක්‍රීඩා අමාත්‍යාංශය බලධාරීන් ලබපු පරාජයක් (දී)
අනේ පව් නිලුක අයිය මාර ගේමක් දුන්නා . අපේ රටේ මේ කිසිම දේක පිළිවෙලක් නැනේ . (දී)
මේ රටේ පාලකයන්ට අපේ රට ගැන කැක්කුමක් නැහැ. ලොක්කෙක්ගේ පුතෙක් ඔලිම්පික් ගියා නම් බලාගන්න තිබුණා.කවදාවත් මේ රට ගැන හිතන්නේ නැහැ මේ කට්ටිය, තම තමන්ගේ බඩ වඩා ගන්නවා හැරෙන්න. (නි)
සහෝදරයා, අපි යන්නේ ආශ්චර්යය කරායි. ඔයත් කැමතිනම් අපිත් එක්ක එකතු වෙන්න. (නි)
මොන පිස්සුද රොමේෂ්. ලංකාවේ වැරදි කරන මිනිස්සුන්ට තරාතිරම නොබලා දඩුවම් දෙනවානම් ලංකාව මෙහෙම රටක් වෙනවද? රටේ පාලකයන් මේවාට සම්පුර්ණයෙන්ම වග කිව යුතුයි. (නි)
අපේ රටේ කිසිම දේකට නිසි ක්‍රමවේදයක් නැහැ. (නි)
ලොකු ලොකු අයගෙ පුත්තුන්ගේ දොල දුක් නිවන්න පිටරටවලින් නලු නිළියන් ගෙන්නලා, මහ රෑ ලයිට් දාලා, ක්‍රීඩා තරඟ පවත්වලා කෝටි ගණන් මහජන මුදල් නාස්ති කරනවා. ඔලිම්පික් ක්‍රීඩා කරන ක්‍රීඩකයකුගේ සහායට පුහුණුකරුවකු යවන්න ඉල්ලද්දි තමයි මෙයාලට අහේනිය දැනෙන්නේ. මේක නම් ආශ්චර්යක්ම තමයි. (නි)
ලංකාවෙ ක්‍රිඩාවට චීනයෙන් සහය අවශ්‍යයි..!!(නු)
ලංකාවෙ ක්‍රිඩාව සදහා චිනයේ සහය ලබාගත නොහෑකිද??? (නු)
ඔලිම්පික් ක්‍රීඩකයින් හට ජයග්‍රහන ලබා දීමේ අරමුණින් කටයුතු කරන නිලධාරීන් ඉන්නේ වෙනත් රටවල් වල. හැබැයි අපේ කට්ටිය ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව කොහොමහරි දිනුවෝතින්ඒ ජයග්‍රහණත් එක්ක ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙ කර උඩ නැගල නම් එයි ෂෝක් එකට. (නි)
නිලූකගේ තාත්තා ඒ වෙලාවේ එයා ළග සිටියා නම් ඒක ඔහුට කොතරම් හයියක් වෙයිද? (නි)