(චන්ද්‍රසේන ගමගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කරන කිසිවෙකුට තම තමන්ගේ අභිමතය අනුව වැඩ කරන්නට නොදෙන බවත් තම පක්ෂය ජයග්‍රහණය කරනු ලබන ප්‍රාදේශීය සභාවල ප්‍රදේශයේ බුද්ධිමතුන්ගෙන් සමන්විත ජනසභා පිහිටුවා ඒ මගින් සංවර්ධන කටයුතු කිරීම සඳහා පියවර ගන්නා බවත් හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.
දූෂණය නැති කිරීම සඳහා තම පක්ෂය සදාචාරාත්මක වැඩ පිළිවෙලක් හදනවා. අපි බලයේ සිටි අවධියේ අපෙන් වූ වැරදි හා අඩුපාඩුකම් පිළිබඳව අපිට නිසි අවබෝධයක් තිබෙනවා. එම අවබෝධයත් සමඟ අපි අළුත් ගමනක් යනවා.
මෙවර මැතිවරණය ඉතාමත් දූෂිත මැතිවරණයක් වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් දිනකට රුපියල් 500 දීමනාව යටතේ බඳවා ගත් සේවකයන් යොදවාගෙන මැතිවරණ අල්ලස් ලබා දෙමින් මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කළ බවද හිටපු කථානායකවරයා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පච කියන්න එපා
දැන් ඉතින් අගමැති සදාචාරමත් ලෙස කටයුතුයි.
ඉහළ අැවරියේ නම්දරපු පට්ට හොරු ඉන්න , පෙර කල වැරදි එලෙසම තබාගෙන නිවැරදි නොවූ හොර නියමුවෝ එක්ක හැදෙන කතා මේවා......
අපි හිතුවේ මෙයා හොද කෙනෙක් කියල , ඒ කලේ ඇමති කමෙන් එලවල කනට ගහල කතානායක කරපු කතාව ඇත්ත තමා................
අන්න ජවිපෙ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කිරීමක්... ඔය කියන දේ කලින්ම කිව්වේ ජවිපෙ තමයි.. බලමු කරයිද කියල..කෙරුවොත් හොඳයි...
කකුලුවෙකුත් ඔහොම කිව්වලු නව පරපුරට කෙලින් යන්න කියල
අතීතය අත්දැකීමට ගෙන අනාගතය අවබෝධාත්මක ගමනක ආරම්භයක් කර ගන්න. ජයෙන් ජය!
ඒ කියන්නේ කොම්ෂන් කොන්තරාත්තු ඕගොල්ලන්ට විතරක් කියලාද? නැත්තම් කොමිෂන් එකෙනුත් කොමිස් එකෙක් ඕගොල්ලන්ට ඕනේ කියලද? අනේ පව් උන් වියදම් කොරපු සල්ලි.
දූෂනය නැති කරන්න.......විහිලු කරන්න එපා......ඔය පැත්තේ ඉන්න මහ මිනිස්සු පලු හොරු...............
කියනකොට ඔහොමයි. කරනකොට මෙහෙමයි. අවුරුදු 70ක්ම ගහපු බයිලාව තමයි ඉදිරියටත් ගහන්නේ. රටේ ජනතාවත් හැමදාමත් ඉගෙන ගන්න එක තමයි කරන්නේ.
ඔව් ඉතින් ඒ කාලෙත් වැඩ කලේ පවුලේ අභිමතයට මිසක්... තේරුණු ඇමති, මන්ත්‍රීලගේ අභිමතයට නෙමෙයි නේ. ඒකනේ අපූරු නම් පට බැඳුනේ....
විශ්වාස කරන්න අමාරුයි නමුත් බලමු මොකද වෙන්නේ කියලා
හොඳ අදහසක් මිනිස්සුන්ට ඕනෙවෙලා තියෙන්නේ එවැනි වෙනසක් මුදල් හම්බකරන්න එන දේශපාලනයට තිතතියන එක. ගමේ සංවර්ධනයට එන මුදල් ගමේම සමිතියකින් කරගන්න ක්‍රමයක් ඇති කරනවා නම් හොඳ ලාභයක් තිබේනම් එම සමිතියටම ඉතුරුවෙන විදියට දැනට පවතින ක්‍රමය දූෂිත ක්‍රමයක්...
ඇත්තටම කටින්ද මේ කතා කරන්නේ?
කලක් උෟවේ සැඟවුණු අමුත්තා ලෙස විරුදාවලිය ලැබූ ඔබගේ පුත් ශශීන්ද්‍ර නැවත මහා ඇමති කරවමු.
ඒ කියන්නේ මෝඩයෝ පිරිසකටනේ ඡන්දෙ දීලා තියෙන්නේ. දැනුයි බුද්ධිමතුන් හොයන්නේ?
බණ්ඩාරගේ කතාවම තමයි මටත් කියන්න තිබෙන්නේ මොන මිනිසුන් පත්වෙලා ආවත් දෙපැත්තම කරේ අවුරුදු 70 විතර එකම දේ තමයි බයිලා කිය කියා කඩා, වඩා ගත්තා. දුප්පත්කම තාම එහෙන්මම තමයි. දැන් ඉතින් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ස්වීප් ටිකට් ඇදුනා වගේ තමයි .
හෝද හෝද මඩේ දමන ජනතාවට තව පරම්පරාවක් දුක් විඳීමට වාසනාව ලැබි අැත.
අහන්න දෙයක් යැ බාල මලය ගහපු බිලියන ගණන් සල්ලි මැතිවරණයට විසිකරන්නේ දිනපු අපේක්ෂකයින්ට ඕනේ විධියට වැඩ කරන්න නොවෙයි. ඕව බැසිල්ගේ ටිකිරි මොළේට කල්පනාවෙන ආර්ථික සංකල්පනා ....ඔව් දීර්ඝ කාලීන ආයෝජනා!
නිමල් ගේ මාර කතාව , අම්මපල්ල ඔකමතමයි ලංකාවේ වෙන්නේ ලංකාවේ දේශ පාලනය කණපිට පෙරලෙන්න ඕනේ වෙනසක් වෙන්නට නම් නමුත් ???? ? ලීල්
"තම පක්ෂය ජයග්‍රහණය කරනු ලබන ප්‍රාදේශීය සභාවල ප්‍රදේශයේ බුද්ධිමතුන්ගෙන් සමන්විත......" හ්ම්ම් නියමයි. 49 වතාවක් කසිප්පු නඩු වලට හිරේ ගිය රන්ජියද මොකෙක්දත් ඔන්න මේ ගමන කැස්බෑවෙන් පළාත් සභාවට තෙරිලාලු. ඔයාල අතීතයේ ගියා වගේම හොඳ ගමනක් යන්න පුළුවන්. හැබැයි ජනතාවගේ පාඩුවේ ජනතාවට ඉන්න දීල.