( තිළිණි ද සිල්වා සහ රන්ජන් කටුගම්පොළ )
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මහරගම පානදුර, මහියංගනය,අගලවත්ත, තිරප්පනේ , වැලිගම , යන පළාත් පාලන ආයතනයන් සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කොට අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම් 6 ක් එම පක්ෂය විසින් අද (24) ඉල්ලා අස් කර ගන්නා ලදී.
පොදුජන පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් අස් කර ගන්නා ලදී.
මෙම කරුණ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 6ක් පෙත්සම් විභාගයට නීතිමය පදනමක් නොමැති බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් විභාගයට නොගෙනම ඉවත දැමීම හේතුවෙන් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම් ඉවත් කිරීමට පෙත්සම්කාර පාර්ශවය කටයුතු කළේය.
අභියාචනාධිකරණය සභාපති විනසුරු ප්‍රීති පද්මන් සූරසේන විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම කැදවූ අතර එහිදී පෙත්සම් ඉල්ලා අස් කර ගන්නා ලදී.
මෙම පෙත්සම් හි වගඋත්තරකරුවන් වශයෙන් ඒ ඒ දිස්ත්‍රික් හි තේරීම් බාර නිලධාරීන් , පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමේ සභාපති සහ එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා ඇතුළු පිරිස් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුව පිපෙන්න ඉස්සෙල්ලම පරවෙනවා. මහරගම අනිවාර්යයෙන් මෙවර ජ.වි.පෙ. ජය ගන්නවා. අගලවත්ත හැර අනිකුත් තැන්වලත් ජ.වි.පෙ.ට වාසිදායක තත්ත්වයක් තියෙන්නේ.
පරාජය පිළි අරගෙනද?
මුක්කු පක්ෂ හැමදාමත් මුක්කු ගහයි.
මේ අයගේ පටන් ගැනීම සෝඩා බෝතලය වගේ. අවසානය හුලන් ඇරිය බැලුන් බෝලයක් වගේ.
පක්ෂයේ නායකයා නීති විශාරදයෙක් නේද?
පොහොට්ටුව කියන්නේ මොන පොහොට්ටුවකටද? රාජපොහොට්ටුද?
නාම යෝජනා පත්‍රයක් වත් හදාගන්න බැරි පක්ෂයක් මේක.
මෙදා පාර ගෙදරම තමයි පරණ ලොක්කා
මහරගම වැඩේ හාස්‍ය ජනකයි. කාන්තාවක් නගරාධිපතිනිය ලෙස කටයුතු කළ තැන කාන්තා නියෝජනය ගැන නොසලකා නාමයෝජනා පත්‍ර සකස් කිරීමෙන් මොවුන් මොන තරම් නුගතුන්ද කියා පැහැදිලි වෙනවා. පොහොට්ටුවන් කොටසක් නාම යෝජනා තුලින් ප්‍රතික්ෂේප වෙන අතර ඉතිරිය ඡන්දයේදී ප්‍රතික්ෂේප වෙනවා. ලොක්කාට දෙවන වතාවටත් ගෙදර යන්න වෙනවා.
පොහොට්ටුව ඔලුව ඉස්සුවොත් අඩු ගාණේ අපට මේ අදහස් පලකරන්න තියන නිදහසට කෙළවෙනවා! අපේ ජනාධිපතිතුමාටත් ෂුවර් එකට මහ පොහොට්ටුවාගෙන් කඩුපාර වදිනවා "වන් ෂොට්, මෑන් ඩවුන්" කියන්න! පරණ පික්චර් වල හිටපු එම්.ජී.ආර්. සහ වීරප්පා දෙන්නගේ කඩු ෆයිට් වගේ. බලන් ඉම්මු, ඉස්සර වෙච්ච එක්කෙනාට ජය වේවා!