ඩයනා උදයංගනී
පොදුජන පෙරමුණේ ජයග්රහණයෙන් පසු සෙසු පක්ෂවලට එරෙහි ප්රචණ්ඩත්වයක් ආරම්භ වී ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයෙන් හෝ මහ මැතිවරණයෙන් පසු රටේ මෙවන් තත්ත්වයක් ඇති නොවූ බව ද අමාත්‍යවරයා කීවේය.
නමුත් මෙම මැතිවර්ණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නඩු හබ පවා ඇති පිරිස් රජයේ කටවුට් විනාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණට සහය දුන් අයට තර්ජනය කිරීමට හා පහරදීමට ද පටන් ගෙන ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙවන් පිරිසකට බලයක් ලැබුණහොත් ඔවුන් කෙසේ හැසිරෙයිද යන්න එයින් පැහැදිලි වන බව කී අමාත්‍යවරයා කී අමාත්‍යවරයා ඇතැමුන් පැරණි අ`දුරු යුගයට රට ගෙනයාමේ උත්සාහයක නිරත වී සිටින බවද සඳහන් කළේය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ මහරගම නගර සභාව සඳහා එක්සත් ජාතික පෙරමුණින් තරඟ කළ අපේක්ෂිකයින්ගේ විශේෂ හමුවක් අමතමිනි.
මෙම මැතිවරණ ප්රචණ්ඩ කි‍්‍රයාවන්හි නිරත වූවන් සම්බන්ධයෙන් ශක්තිමත්ව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස සියළුම නීති අංශවලින් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාට නම් ලැබුණේ 5/65. කියපු බොරුව මේක පමණක්ම නොවෙයි.
අපේ අයනම් අැල්වතුරත් නිවලා බොන්නේ. හරිම සාමකාමීයි...
කියන්නකෝ කලදුටු කල වල හිදින්නද යන්නේ නැත්නම් බොරදියේ ගෙම්බොද කිබුල්ලු ද "ඇතිකරන්න" යන්නේ ?
පොහොට්ටුව කාක් කුඩුවේ බිත්තර දමලා. පැටුව් එලියට ආවාම තමයි දන්නේ එයා සාමාජිකයෙක් නොවෙන වග දැන් සේරමලා කොටනවා එලව එලව
පාඨලී ඉතින් මොනවා හරි කියවනවා පුදුම විදිහට වැඩකට නැති දේවල් ගැන කියල ගිය ආණ්ඩුවට බනිනවා . දැන්වත් තේරුම් ගන්න බැරිද ? පැරදීම ගැන ඒනිසා දැන්වත් රටට වැඩක් කරන්න
මගේ සිත 88-89 යුගය කරා දිවෙනවා.
පරණ තැටියම දැම්මා නේද.
අපේ පැත්තේ පොහොට්ටුව දිනුවේ ජාතිවාදය වපුරලා.
පොහොට්ටුවෝ කොහොමටත් ගණන්කාරයෝ. ඔවුන්ට මේක මරාගෙන මැරෙන සටනක් වගෙයි.
මහා මැතිවරණෙන් පස්සෙ ප්රචණ්ඩත්වයක් ඇති වුනේ නැහැ..අනෙ මගෙ කට...!
රජය කරන්නේ පොහොට්ටුවද ?
නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස සියලුම නීති අංශවලින් ඉල්ලා සිටින බව ......... ඇයි ඉල්ලුවේ නැත්නම් වැඩේ වෙන්නේ නැති යහපාලනයක් නේද හදල තියෙන්නේ මහා ලොකුවට පම්පෝරි ගැහුවට ?
මෙයා දැන් රනිල්ට කඩේ යන්නේක වැඩී.... මහ බැංකු වංචාව ගැන කට අරින්නම නැහැ. මොකද්ද රනිල්ගේ නම ගාවනවනේ. මහින්දලාගේ වැරදි පමණයි උඩ දාල කතාකරන්නේ. කලින්නම් මෙහම නැහැ. මෙහම ගියොත් කව්රුවත් විශ්වාස කරන්න බැරිවේවි.
ඉතින් ආණ්ඩුව, හමුදාව පොලෝසිය ඔයාලගේ නේද අල්ලලා දමන්නකෝ කූඩුවට.
ජන මතයට හිස නොනමන විට ජනතාව ප්රචණ්ඩත්වය දෙසට යොමු වන බව තේරුම් ගන්න
මේ වගේ නිවට නින්දිත අසමජ්ජාති එකෙක් රටකට කරන්නේ මොනවාද? බොරුවෙන් ජීවත් වෙන කුමන්ත්‍රණය සමගම ඉපදුන මොහු තප්පුලන්නේ පිටරටවලින් ලැබෙන ඩොලර් නිසාය.බලයට කෑදර මේ වගේ පින්ගුත්තරයින් පලවා හැරිය යුතුය.
දැන් ඉතින් මෙහෙමවත් මොනව හරි කියන්න එපායැ ..