පහේ ශිෂ්‍යත්වය ප‍්‍රශ්නපත‍්‍රය කලින් පිටවී යැයි පහේ සිසුන් හවුල් කරගෙන උද්ඝෝෂණ කිරීමට නොහැකිවන සේ ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය වාරණයක් නිකුත් කළාය. රහස් පොලිසිය කළ ඉල්ලීමක් අනුව නොතීසි පිට ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අද උසාවියේ පෙනී සිටියේය. ප‍්‍රශ්නපත‍්‍ර පිටවූ බවට තොරතුරු දුන් අය පිළිබඳ විස්තර ඔහු නොදුන් බව රහස් පොලිසිය කීවේය. තොරතුරු දුන් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය කීවාය. ඔහු දන්නා තවත් දෙයක් ඇත්නම් හය වැනිදා අධිකරණයට දන්වන ලෙස මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය. ලංකා ගුරු සේවා සංගමයට වෙනම වාරණයක් නිකුත් කළේ නැත. 2002 වසරේ සිට ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන මහින්ද ජයසිංහ මහතා 1992 වසරේ ඉංග්‍රීසි උප ගුරුවරයකු වශයෙන් ගුරු සේවයට එක්වී ඇති බව ද, 2009 වසරේ දී චෝදනා 12ක් යටතේ විනය පරීක්ෂණයකට යටත්ව සේවයෙන් පහකර ඇති බව ද රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය සේරම එකතුවෙලා දුප්පත් අයට ඇති අයිති වාසිකමක් නැති කරන්න තමයි උත්සාහ කරන්නේ .(ස)
අපේ අධ්‍යාපන බලධාරීන්ට ජය වේවා! .(ස)
කුඩා දරැවන් උදඝෝෂණ වලට මුලින්ම ගෙනාවේ ජවිපෙයයි. ශිෂ්‍යත්ව හෝ මොනයම්ම විභාගයක හෝ ප්‍රශ්න පත්‍ර කලින් පිටවූවා නම් එය විභාග දෙපාර්තමේන්තුවේ වරදක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. එහෙත් සියලු බලධාරීන් කරන්නේ විභාග දෙපාර්තමේන්තුව නිවැරදි බව රටට කීමයි. 'සුද්ද කිරීමයි.' මෙහෙම ගියාම මේ අය කලින් ප්‍රශ්න පත්‍ර දීම නවත්වන එකක් නැහැ. කෙසේ වුවද පාසැල් සිසුන් උද්ඝෝෂණ වලට කැන්දාගෙන ඒම අයහපත්. උද්ඝෝෂණ කළ යුත්තේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ මාපියන්. (නි)
කාට කියන්නද .... ලොක්කා තීන්දුව දීල ඉවරයි...(ස)
කරන්න දෙයක් නැහැ. උරුමය එයාලගේ. කරුමය අපේ. (නි)
ඒත් ඉතින් ඔය ළමයි මහන්සි වෙන විදියට උද්ඝෝෂණ නොකර බැහැනේ (නි)
අධ්‍යාපනය හා දරුවන් තම පටු දේශපාලන අවශ්‍යතා සඳහා භාවිතා කරන යන එන මං නැතිවූ දේශපාලකයින් හා සම්බන්ධ කුමන පුද්ගලයෙකුට වුවද මෙවැනි තීන්දු ලබා දිය යුතුය. එමෙන්ම පදනමක් නැති හුදු කටකතා පමනක් මත ජනතාව කුපිත කරන්නන්ට ද දඬුවම් දිය යුතුය. අධ්‍යාපනය නංවන මුවාවෙන් ජනතා සුබසාධනය බොරුවට පෙන්වමින් තම අවශ්‍යතා සඳහා සිසු ජීවිත අනාත කරන්නවුනටද අධිකරණය හෝ දඞුවම් දිය යුතුමය. .(ස)
ඔබත් ඔබගේ ගුරුසංගමයත් සමග අපි සැමදා රැඳී ඉන්නවා. ඔබ ඔහොම ඉන්න. අපි අපේ දරුවන්ගේ අයිතිය වෙනුවෙන් ඔබ ගිය මග යනවා...... ඔබටත් ලංකා ගුරුසේවා සංගමයටත් ජයවේවා........(ස)
බොරුවට කෑගහනවා ඔක්කොටම තරු විසිවෙන්න ,වෙලාවට ප්‍රථිඵල නිකුත් කරන්න ,මේවා ඔක්කොම කට කතා විතරයි. 5 හේ ළමයින්ට ජය වේවා !!(ස)
අධ්‍යාපනය සම්බන්ධ ගැටලු ඇති වෙනකොට ගුරු සංගම් පෙනී සිටින එක වැරදිද..?(නු)
කොහොම උනත් පොඩි ළමයි එක්ක උත්ඝෝෂණය කරන එක වැරදියි..!!(නු)
මේ ප්‍රවෘත්තිය මට පිළිගන්න අමාරුයි. (නි)
ගුරුවරුන්ගේ වටිනාකමත් බාල්දු කරනවා ඔය වගේ මෝඩ වැඩ වලින්.ළමයින්ට ආදර්ශයක් දෙන්නෙ ඔහොමද? පොඩි කාලෙම ඕවට පුරුදු කරලා ළමයින්ගෙ අනාගතේ කාලකණ්ණි නොකර ඉන්න. (ස)
ළඟදී අර දරුවෙක් දූෂණය කරන්න මහත්තයට උදව් කරපු ගුරුතුමියත් ඔය කියන ගුරු සංගමේ සාමාජිකාවක්ද? (ස)
ඊළග අවුරුද්දට සුදානම් වෙන්න සිසුනි. ප්‍රශ්න පත්‍රය සතියකට පෙර ඔබ අතට ලැබේවි. (නි)
අධ්‍යාපනය හා දරුවන් තම පටු දේශපාලන අවශ්‍යතා සඳහා භාවිතා කරන යන එන මං නැතිවූ දේශපාලකයින් හා සම්බන්ධ කුමන පුද්ගලයෙකුට වුවද මෙවැනි තීන්දු ලබා දිය යුතුය. එමෙන්ම පදනමක් නැති හුදු කටකතා පමනක් මත ජනතාව කුපිත කරන්නන්ට ද දඬුවම් දිය යුතුය. අධ්‍යාපනය නංවන මුවාවෙන් ජනතා සුබසාධනය බොරුවට පෙන්වමින් තම අවශ්‍යතා සඳහා සිසු ජීවිත අනාත කරන්නවුනටද අධිකරණය හෝ දඞුවම් දිය යුතුමය (ස)
අනුර ඔයාගේ දරුවටත් පේපර් එක කලින් ලැබුනද ?? නොදන්න දේ නොකියා හිටියනම් නේද හොඳ ?(ස)
සුළු සුළු අත්වැරදීම් නිසා ලොකු ලොකු විනාසයක් අධ්‍යාපනයට සිදුවෙලා තියෙන බව කව්රුත් පිලිගන්නවා ඇතැයි සිතමි . මහාචාර්ය වරුන්ගේ ප්‍රශ්න වලට විසදුම් දුන්නේ නැති උනාට දේශපාලකයන්ගේ පහසුකම් සහ පඩි වැඩිකිරීම් සිදුවේ . සමහර ඇමති වරුන්ට කටේ දත් ගනනට වඩා වැඩියෙන් රජයේ වාහන තිබේ..(ස)
දැන් හැම එකකටම වාරණ. අනේ මන්දා? (නි)
ජනක නිවැරදියි. අනික ගුරු වෘත්තියෙන් ඉවත් කළහම ගුරු සංගමයක ඉන්නේ කොහොමද? (නි)
146 සමරණ පොලිසියට වැඩක් කරගන්න බැරිඋනාම මේක තමා තියෙන විකල්පය..!!(නු)