පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න විභාගයට පෙර පිටවීයැයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ඔහුගේ නීතීඥයා මගින් පෙර නඩුවාරයේදී අධිකරණයට දුන් ජාතික හැදුනුම්පත් අංකයක් ව්‍යාජ අංකයක් බව රහස් පොලීසිය අද (23) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මියට දැන්වීය. ශිෂ්‍යත්ව විභාගයට පෙර එහි ඇතැම් ප්‍රශ්න පිටවූ බව දැනගන්නට ලැබුණු බව ගම්පහ යක්කල තිදෙනෙකු විසින් ප්‍රකාශ ලබා දුන් බවත්, නමුත් ප්‍රශ්න පිටවූ තැනක් හෝ ආකාරයක් ගැන ඔවුන් විසින් තොරතුරු හෙළි නොකළ බවත්, මෙතක් කරන ලද පරීක්ෂණවලට අනුව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ බවට කිසිදු සාක්කියක් නොමැති බවත් රහස් පොලීසිය මහේස්ත්‍රාත්වරිය හමුමේ ප්‍රකාශ කළේය. ශිෂ්‍යත්ව අක්‍රමිකතාවක් නොවූ බව රහස් පොලීසිය කියන නිසා නීතිපතිට ඕනෑනම් මිස යළි නඩුව නොකැඳවන බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒගොල්ලෝ කොහෙද අනේ ඕවා අල්ලන්නේ? (නි)
ඕක තමයි කියන්නේ ..ලොකුවට කිව්වට ඔප්පු කරන්න බෑ (ස)
නිකන් රට ගිනි තියනවා (ස)
පහේ පන්තියේ වැඩ (ස)
එහෙනම් ඇයි ළමයින්ගේ නම කැපුවේ (ස)
අහෝ ලංකාවේ අධ්‍යාපනය
එයාලට දරුවන් නැද්ද දන්නෙ නැහැ. (නි)
වෘත්තීය සමීති කාරයො කරන්නේ බොහෝවෙලාවට බොරුවට රට ගිනිතියන එක. මට නම් වෘත්තීය සමිතිකාරයෝ පෙන්නන්න බැහැ . වැඩක් කරන්නෙත් නැහැ කරන්න දෙන්නෙත් නැහැ (ස)
කම්පනය සමග සමග සියල්ල අමතක වීම (ස)
එකක් ඉවරවෙනකොට තව කට්ටියක් දෙපැත්ත බෙදිලා මහ පාරේ ගහගන්නවා.. මේකටද ආශ්දර්යය කියන්නේ..!(නු)
ඔහොම යන්. අනේ අනිච්චං, ලංකාවට ගිය කල? (නි)
මෙහෙම බොරු දෝදනා කරන ගුරු සේවා සංගමයේ ලේකම්ට නීති මාර්ගයේ කටයුතු කරන්නෙ නැද්ද? (නු)