(ප්‍රසන්න පද්මසිරි සහ පාලිත ආරියවංශ )
පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී සිදු වූ බස් අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 41 දෙනකු තවමත් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඉන් පුද්ගලයින් සිව් දෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචිමාර්ග කියයි.
පිරිමි පුද්ගලයින් 21 දෙනෙක් , කාන්තාවෝ 16 දෙනෙක් සහ කුඩා ළමුන් සිව් දෙනකු තුවාල ලැබුවෝ අතර වෙති. ඒ අතර සේවයට යමින් සිටි සිටි මඩොල්සිම පොලිසියේ සැරයන්වරු දෙදෙනෙක් කොස්තාපල් වරයෙක් හා සිවිල් ආරක්ෂක භටයෙක්ද සිටිති.
ඊයේ (06) බදුල්ල සිට ඇකිරිය දක්වා ධාවනය වෙමින් තිබූ මෙම බස් රිය පෙරැළී එහි ගමන් ගත් මගීන්ගෙන් 8 දෙනෙකු මිය ගිය අතර 41 දෙනකු තුවාල ලැබූහ.
මේ වන විටි මියගිය අයගේ දේහයන් පස්සර දිසා රෝහලේ තැන්පත්කර තිබේ.
මෘත දේහයන්හි පශ්චාත් මරණ පරික්ෂණ සඳහා බදුල්ල මහෙස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතාද අද (07) උදෑසන රෝහලට පැමිණියේය.
අනතුරින් මිය ගිය පිරිසගේ නම් පහත දැක්වෙයි
1-ආරුමුගම් ආකේෂ් (17)
2-මරදමුත්තු ධර්මලිංගම් (55)
3-අමීනා උම්මා (42)
4-බි පද්මාවතී (17)
5-නෙත්මි නවෝද්‍යා (16)
6-කේ. ඒ කරුණාදාස(66)
7-ඩී.එම් ගනේති (56)
8-කේ එම් කරුණාවති (59)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරට පත් සියල්ලෝම ඉතා ඉක්මනින් සුවපත් වේවා යයි පතමි ! අමතර ප්‍රතිකාර අවශ්‍යය අයව නව ආණ්ඩුවෙන් සිංගප්පූරු යවා සුවකරනු ඇතැයි විශ්වාස කරමි.
ජාති ආගම් නැතුව හැමෝම එකටම අවසන් ගමන් ගිහින්. පව් අහිංසක දුප්පත් මිනිස්සු...............නිවන් සුව ලැබේවා ! තුවාල වුන අයට ඉක්මන් සුවය ලැබේවා !