හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යොතිශාත්‍රඥයා ලෙස වසර ගණනාවක්ම කටයුතු කළ ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන (63) මහතා ජනපතිවරණයට කලින් කියා සිටියේ නියත වශයෙන්ම මහින්ද රාජපක්ෂ ජය ගන්නා බවයි.
ජනවාරි අට වැනි දා හිටපු ජනපතිට වාසනාව උදාවන බව ඔහු කියා තිබිණි.
මහින්ද රාජපක්ෂ සිවුවරක්ම ජනපති වන බවත් ඔහු ස්ථිරවම කියා සිටියේය.
ඔහුගේ වැරදි අනාවැකිය ගැන විමසීමට දුරකතනයෙන් ඔහුට කතා කළ විට ඔහු කේන්තියෙන් පිළිතුරු දුන්නේය.
‘පිස්සු නැතිව ඉන්න නෝනා. ඔහේලා අපිට මඩ ගහලා තව කතා කරන්න එනවා‘ යනුවෙන් පැවසූ අබේගුණවර්ධන මහතා දුරකතනය විසන්ධි කළේය.
මේ අතර ඉන්දියාවේ එන්ඩීටීවී රූපවාහිනිය පැවසුවේ මේ ඡන්දයෙන් සුමනදාසගේ අනාවැකි හැකියාව පිළිබඳ අවසාන පරීක්ෂණය මෙය බවයි.
මේ අතර චන්ද්‍රසිරි බණ්ඩාර නම් නක්ෂත්‍රකරු ද මහින්ද රාජපක්ෂ මහතා දිනන බව රූපවාහිනී සාකච්ඡාවක දී අනාවැකි පළ කළේය.
මහින්ද රාජපක්ෂ පරාජය වුවහොත් වෙඩි තබා ගන්නා බව ඔහු කීවේය.
නීතිවේදියකු ද වන මාපලගම විමලරත්න නම් තවත් නක්ෂත්‍රකරුවකු ද පැවසුවේ මහින්ද රාජපක්ෂ දිනන බවයි. ඔහු පරාජය වුවහොත් තමා ගිනි තබා ගන්නා බව ද ඔහු කීවේය.
මේ අතර ගාඩියන් පත්‍රය පවසනුයේ නියමිත කාලයට වඩා දෙවසරකට කලින් පැවැත්වූ ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගන්නා බවට සුමනදාස අනාවැකි කී බවයි.
1503 – 1566 කාලයේ නක්ෂත්‍ර අනාවැකි පල කළ මයිකල් නොස්ට්‍රඩාමස් නම් ප්‍රංශ ඇපොතිකරිවරයාගේ අනාවැකි සියල්ල ද හරි නොගිය බව ද සුමනදාස ගාඩියන් පත්තරයට කියා ඇත.
‘මම ඔහුට ලොකු දෙයක් කළා. නමුත් ජනාධිපති වෙන්නත් වාසනාවක් තියෙන්න ඕනෑ. ‘
පසුගිය බ්‍රහස්පතින්දා සිට සුමනදාස මාධ්‍යයෙන් වසන් වී සිටියි.
හිටපු ජනපති නැකත්කරුවන් බෙහෙවින් විශ්වාස කළ බවත් ගාඩියන් පත්‍රය කියයි.
හිටපු ජනපතිට වසර 32ක් තිස්සේ ජ්‍යෝතිෂ උපදෙස් දුන් සුමනදාසට ද යස ඉසුරු අහිමි වූ බව ගාඩියන් පත්‍රය සඳහන් කරයි.
ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවය සමඟ සාකච්ඡාවක දී අබේගුණවර්ධන පිළිගත්තේ තමා දැනට වසන් වී සිටින බවයි.
එහෙත් තමාගේ අනුගාමිකයන් තමා අත නොහරින බව විශ්වාස යැයි ද ඔහු කියා ඇත.
‘මම මිනිසුන් සමඟ විශේෂයෙන් මාධ්‍ය සමඟ කතා කිරීමෙන් වැළකී සිටිනවා. මට ලොකු අනුගාමිකයන් පිරිසක් ඉන්නවා. ඔවුන් මා අත්නොහරිතියි මා සිතනවා.‘
සිකුරාදා අලුයම් කාලයේ ඡන්ද ප්‍රතිඵල ලැබීමත් සමඟ රාජපක්ෂ සැනසීමට තමා උත්සාහ කළ බවත් ඔහු කීවේය.
රාජපක්ෂ එදා උදෙන්ම අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය බවත්, ඊට කලින් තමා පදිංචිව සිටි බංගලාවේ යතුර ද කාරය ද රියදුරා ද බාරදී, රාජ්‍ය බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ද ඉවත් වූ බව සුමනදාස ප්‍රංශ පුවත් සේවය සමඟ කීවේය.
රාජපක්ෂ එම ඡන්දයෙන් පරාජය වන බව තමා දැන සිටි නමුත් ඒ බව ඔහුට පැවසීමට තමාට ශක්තියක් නොතිබූ බව ද ගාල්ලේ පදිංචියට ගිය සුමනදාස ‘‘රාජපක්ෂ පරදින බව කිව්වා නම් ඔහු මානසික වශයෙන් බිඳ වැටෙනවා. ඔහුගේ පරාජය තවත් බරපතල වන්නට තිබුණා. මෙම ප්‍රතිඵලය ඔහුගේ කේන්දරයේ ලියැවී තිබුණා. අපේ සර්ගේ කේන්දරේට වඩා විරුද්ධ වාදියාගේ (මෛත්‍රීපාල සිරිසේනගේ) කේන්ද්‍රය බලවත්. ‘‘
එහෙත් රාජපක්ෂ ජනපතිවරණය පවත්වන බවට පසුගිය නොවැම්බර 20 වැනි දා පස්වරු 1.32ට ගැසට් නිවේදනයට අත්සන් කරද්දී අබේගුණවර්ධන ඔහුට උපදෙස් දුන්නේ බෙහෙවින්ම බලවත් සුබ නැකතක් බවයි. ඔහුගේ ජය නියත බවයි.
ඔහුගේ වැරදුණු අනාවැකියේ ප්‍රතිඵලය ගැන විමසූ විට සුමනදාසගේ ඇස්වල කඳුළු පිරී තිබිණි.
සුදුසු දිසාව බලා නැකතට ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට ඔහු රාජපක්ෂට උපදෙස් දුන්නේය. ඔහුගේ ජය තහවුරු කිරීම සඳහා සම්ප්‍රදායික සෙත් ශාන්ති ද කළේය.
සුමනදාස පැවසුවේ සිරිසේන තමාගේ මිත්‍රයකු බවයි. එහෙත් සිරිසේන රජයෙන් ඉවත්ව යන බව ඔහුගේ නක්ශස්ත්‍රයට නොපෙනුණු බව ද ඔහු පිළිගනී.
2010 මැතිවරණයේ දී රාජපක්ෂ පරදිතියි 2009 දී සුමනදාසගේ සගයකු අනාවැකියන් පළ කළේය. ඔහු අත්අඩංගුවට ගෙන සිරගෙට යැවූ බවත්, ඒ නිසා නරක ආරංචිය රාජපක්ෂට පැවසීමට සුමනදාස අදිමදි කරන්නට ඇති බවත් ගාඩියන් පත්‍රය කියයි.
2005 හා 2010 දී රාජපක්ෂ දිනන බව අබේගුණවර්ධන ප්‍රකාශ කළේය.
කිසිම නක්ෂත්‍රකරුවකුට සියයට සියයක් නිවැරදිව අනාවැකි පළ කළ නොහැකි බවත්, නොස්ට්‍රඩාමස්ට ද එසේ කළ නොහැකි වූ බවත් සුමනදාස කීවේය.
‘හැම කෙනකුටම ජනපති විය නොහැකියි. එහෙම නම් මටත් රුපියල් 75000ක් ඇප තබා ස්වාධීන අපේක්ෂකයකු වී ජනාධිපති වන්න ඉඩ තිබුණා. සාස්තර කියන විට සියයට පහක වැරදීම් වලට ඉඩ හැරිය යුතුයි.
රාජපක්ෂ ඇසීමට කැමති දේ පමණක්ම නොකී බව සුමනදාස කියයි.
‘පොදු රාජ්‍ය මණ්ඩලයේ සබාපතිකම බාර නොගන්නා ලෙස මම ඔහුට කීවා. රාජපක්ෂට කලින් එමහ තනතුර දැරූ ඕස්ට්‍රේලියා අගමැතකි ජුලියා ගිලාඩ් පැරැදුණා. ඒ තනතුර කටු ඔටුන්නක් භාර නොගත්නැයි 2013 දී රාජපක්ෂට මං කිව්වා. බලන්න ගිලාඩ්ට වුණු දේ. ඒ දේම අපේ සර්ටත් වුණා .‘
(ඒඑෆ්පී ඡායාරූප)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහට නැග්ගේ තණකොළ ටිකක් කපාගන්න (නදී)
හිටපු ජනපතිට තව වසර දෙකක් තිබුණා. ඔබ ඔහු පරදින බව දැනගෙන හිටිය නම් ස්ථිර ලෙසම ඔහුට තව වසර දෙකක් බලයේ ඉන්න කියන්න තිබුණා.(බ)
සුමනදාස මහත්තයා දේශපාලකයන් යටතේ හැදී වැඩී, ඒ දේශපාලකයන් මෙන් බොරු පිඹීමට මැනවින් ඉගෙන ගෙන ඇත. (නදී)
මෙයාගේ කේන්දරේ ගැන සොයලා බැලුවා නම් අපි හැමෝටම යමක් දැනගන්න පුලුවන්. (නි)
මේ ගැන පක්ෂ බේදයකින් තොරව හරියම කිව්වේ ඉන්දික තොටවත්ත විතරයි (බ)
රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂක කෙනෙකු වීමට මෙතුමාට තිබු අධ්‍යාපන සුදුසුකම් මොනවද දන්නේ නැහැ නේද (නදී)
ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැතිනිය ජුලියා ගිලාඩ් මැතිනිය ඡන්දයෙන් පරාද වුයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපනිය ඔටුන්න දාගත්ත නිසා නොවෙයි සුමනදාස මහත්තයෝ. එතුමිය ඒ කාල වකවානුවේදී රටේ ජන අප්‍රිය දේශපාලන චරිතයක් වී සිටි නිසයි. (නදී)
ඔන්න එහෙනම් නක්ෂත්‍රයත් අහවර කරා... දැන් ඉතින් කොල්ලො කෙල්ලන්ට පෙම් කරන්නම විතරයි ඉතුරු වෙන්නෙ (බ)
ස්තූතියි සුමනදාස !!!! (බ)
දැන් මොනදේ කතා කරත් වැඩක් නැහැ. අපි බලන්න ඕනේ ඉස්සරහට මොක ද වෙන්නේ කියලා. (ර)
භානු, ඔබගේ කතාව මසුරන්. (ර)
හොර යකා තෝ බොරු කියා මිනිසුන්ගෙන් සල්ලි කියක් කැඩුවද (බ)
පව්. මට මේ පුද්ගලයා ගැන කණගාටුයි. ඒ වගේම මෙවැනි අය මෙතෙක් විශ්වාසකළ අය ගැනත් කණගාටුයි. නමුත් මෙවැනි අය තව ඉදිරියටත් විශ්වාස කරන්න සැදී පැහැදී ඉන්නා අය ගැන නම් කියන්න තියෙන්නේ "මෝඩකමට බෙහෙත් නැහැ" කියලා තමා. (නි)
සමහර නැකත්කරුවන් කියූ දෙය හරියටම හරි. ජනවාරි 8 න් පස්සේ එතුමාට නරක කාලයක් එන නිසා 8 වෙනිදා ඡන්දය තිබ්බා. දැන් ඉතින් එම නරක කාලය ඇවිල්ලා. (නි)
දැන් ඉතින් මොනවා කියන්නද?අනාවැකිය බොරු වෙලා ඉවරයි (දිල්)
මොහු කිව්ව සමහර දේ සත්‍ය වුණා පහු ගිය කාලයේදී (දිල්)
හිටපු ඇමති මහින්ද රන්නතිලක 2014 දී ඇමති වෙනවා කිව් ,කතරගම දෙවියෝ ගැන කිව් සාස්තර කරු කොහිද? ප්‍රේමදාස ජනාදිපති යාපනය අල්ලනවා කිව් සාස්තර කරු කොහිද ? වයඹ ඇමති පුතා ගැන කිව් සාස්තර කරු කොහිද ? කලක් සැඟව සිටි 2015 මැතිවරණය ගැන කිව් සාස්ත්‍රකරු කොහිද? මිනිසුන්ගේ බුද්ධියට බොරු දෙසන මුන්ගෙන් ප්‍රවේසම් වෙනු .(අ)
මෙයාගෙන් කේන්දරේ බලව ගත්ත අයට ආපහු හොද තැනකින් බලවගන්න වෙයි නේද (දිල්)
අනේ අනිච්චන් මෙහෙමත් බොරු කියනවනේ (දිල්)
මීට අවුරුද්දකට විතර පෙර මාධ්‍ය නාලිකාවක කෙනෙක් මේ සිද්ධිය හරියටම කීවා. කාන්තාවක් මුල්වීමෙන් එන නොහිතන අපේක්ෂකයෙක් දිනනවා (දිල්)
මෙයා ගාල්ලේ කියන්නත් බෑ වගේ (දිල්)
මේනක ඔබේ පැමිණිල්ල හෙළ උරුමයට හරි ජේ වි පි යට හරි කියන්න (දිල්)
මෙය ලක් ඉතිහාසයේ අනාවැකි කියන්නන්ට නිතර සිදු වූ දෙයක්.මගේ මතකයේ හැටියට වේයන්ගොඩ පැත්තේ නක්ෂත්‍රවේදියෙකුට 1960 ගණන්වල මැතිවරණයකින් ඉතා කරදර විඳීමට සිදු වී මහත් ආන්දෝලනයක් සිදුවුණා (නි)
සමහරු එලොව විකාරෙන් මෙළොව අතගානවා. සම්භාවිතාවය කියන මුලධර්මය අංශුමාත්‍රයක්වත් දන්නවා නම් මේ වගේ අයට මිනිස්සු රවටන්න බැහැ. පාලකයන් රටවැසියාගේ හිතසුව පිණිස වැඩකරන තාක් බබළනවා. අපරාදේ මහජන සල්ලි! (නි)
දන්නා ටික ඇති. ඒ ටිකෙන් වැඩගන්න සුමනදාස මහතාට වාසනාව තිබෙනවා. (නි)
අපි සැහෙන්න ස්තුතිවන්ත වෙන්න ඕනේ සුමනදාස මහත්තයාට මොකද පරදිනවා කියලා ජනදිපතිතුමාට කිව්වා නම් එතුමා අවුරුදු දෙකකට කලින් ඡන්දේ තියලා ගෙදර යන්නේ නෑනේ එහෙම වුන නම් තව අවුරුදු දෙකක් අපිට බලන් ඉන්න වෙනවා මෛත්‍රී පාලනයකට මේ වගේම ඉදිරියටත් සාස්තර කියන්න කියලා අපි ඔබ තුමාට සුබ පතනවා.(හේ)
අනේ එයාලගේ නක්ෂක්‍රය? මේවා පිළිගන්න අය තවත් මේ ලෝකේ ඉන්නවනේ? (නි)
තවත් මේ වගේ අය ගැන කතාකරන්න අපි කැමති නැහැ (නි)
ගුරුන්ටත් අකුරු වරදින වෙලාවල් එනවනේ (නි)
ලංකාදීප පලකරන හැම ලිපියටම පහුගිය ආණ්ඩුව කාලෙ සෑහෙන කඩේ යන අදහස් පළකරපු බත් බැලයෙක් හිටිය බන්දුල පෙරේරා කියල. ඇත්තටම ඒ මහත්තයට මොකද උනේ. (නදී)
ඇත්තටම මම නම් මොහුට ස්තුති කරනවා (නි)
තව දුරටත් බොරු කියන්න එපා (නදී)
රාජසිංහ රජුටත් සිහසුන අහිමි කලේ මේ වගේ අරිට්ට කිවෙන්ඩුල තමා (නදී)
ඔය නැකැත්කාරයෝ පස්සේ යන්නේ නැතුව, ගෝලයන්ට හොරකම් නොකරන ලෙස අවවාද කර, 2005, 2010 ඡන්දෙට පෙර පොරොන්දුවුණ දේවල් ඉටුකළා නම් රාජපක්ෂ මහත්තයා තව අවුරුදු 10 ක්වත් මේ රටේ නායකයා. (නි)
දැන් ඔයත් ටිකක් විවේක ගන්න (නි)
අණුවන තැනැත්තා තමන්ගේ අණුවනකම ගැන දනිත් ද ඔහු ඒ තරමින්ම නුවනැත්තෙක් වෙයි. නමුත් මෝඩයා තමන් බුද්ධිමතෙක් කියා සිතාගෙන සිටියි ද ඔහු නම් ඇත්තෙන්ම මහා මෝඩයෙක්... (ධම්ම පදය බලන්න) (නදී)
මෙය අනාවැකි පවසන පුද්ගලයාගේ වරදක් මිස ජ්‍යෝතිෂයේ වරදක් නොවේ. (නි)
උට්ඨාන වීර්යයෙන් සහ හොඳ සිහියෙන් යුතුව නිතරම විමසා බලා දැහැමිව කටයුතු කරන ඕනෑම කෙනෙකුට කීර්තිය ළඟාවෙන බව ධම්මපදයේ කියවෙනවා. හොඳ දේ කිරීමට කිසිදාක නැකත් අවශ්‍ය නැත. (නි)
මින්පසු ලංකාවේ තහනම් වචන තමයි, " ආප්ප " සහ "කේන්දර " (නි)
මහා බලගතු යන්ත්‍ර කියා සමහරු පළඳිනවා. ඒ වගේ සුර බඳ වටා පැළඳ සිටි සමහර නායකයින්ට ඉන් ඵලක් වුණේ නැහැ. කඹයක් වගේ ලොකු පිරිත් නූල් බැන්දාට, යන්ත්‍ර මන්ත්‍ර රාජයාණන් සුරතේ ලෙළදුන්නාට ඉන් ලැබෙන යහපතක් නැහැ සමහරුන්ට. (නි)
අපි නම් කේන්දර කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. අපි විවාහවන විට මාස 3ක් කසාදයවත් පවතින්නේ නැහැ කිව්වා. දැන් බැඳලා අවුරුදු 20ක් . දෙවැනි ළමයා දුවෙක් කිව්වා. එයත් පුතෙක්. කවදාවත් ගෙවල් හදන්න වාසනාවක් නැහැ කිව්වා. බැඳලා අවුරුදු 2න් ගෙයක් හැදුවා. අනෙකුත් කියපු බොරු අනාවැකි ලියන්න මෙතන ඉඩ නැහැ. (නි)
කරුණාජීව , ඔබ හරි. ලංකාවේ බොරු සාස්තර වලට ජුලියා ගිලාර්ඩ් ගාවාගෙන බේරෙන්න බැහැ. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන මිනිසුන් වත් ජුලියා ගිලාර්ඩ් පොදු රාජ්‍ය මණ්ඩල සභාපති කියලා දැනගෙන හිටියේ නැහැ. මොකද ඒක මහා ලොකු තනතුරක් නොවන නිසයි. ඇය පරාද වන බව ඡන්දයට පෙර සිටම හැමෝම දන්නවා. ඇයගෙන් පසු එම තනතුර උරුම වූ ටෝනි ඇබොට් එම තනතුර මහින්ද රාජපක්ෂ මැතිතුමාට බාර දෙන කොට හරියට ලෝක නායකත්වය දෙනවා වගේ ලංකාවේ මාධ්‍ය වල තිබිච්ච ප්‍රසිද්ධිය නිසා තමා අපි දැනගත්තේ එය මීට පෙර තිබුනේ ඕස්ට්‍රේලියාවේ අගමැතිට කියලා. (නදී)
තමන්ගේ ඉගෙන ගත් ශාස්ත්‍රයක් ඇත්නම් ඒක අනෙකුත් අයගේ හිත සුව පිණිසම වෙන්න ඕනා. ඒකෙන් අයුතු ලෙස හරි හම්බ කර ගත්තොත් තමන්ගේ විනාශය සිදු වෙනවාමයි. බැංකුවක අධ්‍යක්ෂක වෙන්න මෙතුමාට තිබුන සුදුසු කම මොකක්ද ? (නදී)
අනාවැකි මත රටක අනාගතය තීරණය වනවා කියා සිතන වනචාරී යුගයකද අපි ඉන්නේ. රටට සේවයක් කරලා එ්ක මත තම ජයග්‍රහණය ලබා ගන්න අවශ්‍යයි. (නදී)
හිටපු ජනාධිපති මෙයාට සම්මානයකුත් දුන්නා නේද ? (නදී)
ජුලියා ගිලාඩ් දැන් ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ තමන්ගේ සුපුරුදු ඉගැන්වීම් කටයුතු වල යෙදෙනවා. ගෙදර ගිහින් ජනෙල් වලින් එබී ගෙන මිනිස්සු රැස් කරගෙන ආයෙත් එන බවක් කිව්වෙත් නැහැ. ඒක දැකලා මිනිස්සු හොටු පෙර පෙර අඬන්න ගියෙත් නැහැ. (නදී)
නුබ කල බොරුවට රටම සාප කරනවා හැබැයි මහින්ද පැරදෙන බව තමුසේ කිවා නම් .... (අ)
තමන් ගේ සේවා දායකයා පසුගිය කාලයේ කල කි දේ අනුව කේන්දරේ නොබලා අනාවැකි කියන්න පුළුවන් නේද ? (නදී)
මෙතන ප්‍රශ්නය මහින්ද මහතා ජෝතිශ්‍ය විශ්වාස කරනවට වඩා ඒ ශාස්ත්‍රය පාවිච්චි කල කෙනා ගැන විශ්වාසය තැබුවා. වැරදුනේ එතන. (නදී)
මිත්‍යා මත විස්වාස කරන්න එපා. ධර්මයට අනුව ජීවත් වෙන්න. එතකොට වරදින්නෙ නැහැ. බල තන්හාව හැමදේටම හේතුවයි (නදී)
මම විදේශ රැකියාවක ඉන්නේ, ඒ ඉන්න අතරේ ලංකාදීපේ බලල කමෙන්ට් එකක් දාන්නේ ඒක පළවෙයි කියල. ඉහත නිව්ස් එකට දෙපාරක් කමෙන්ට් දැම්මා හිතේ බර සැහැල්ලු කරගන්න, කඩේ ගියපු බත් බැලයො නිසා තමයි රට විනාස උනේ.එ්කට විරුද්ධව දැම්මම පළකරන්නේ නැත්තේ ඇයි? (බ)
වෙබ් පිටුව සකස් කරන මහතා හෝ මහත්මියගෙන් කරන කාරුණික ඉල්ලීමක්. මේ ප්‍රවෘත්තිය මුල් පිටුවෙන් ගිලිහී යන්න නොදී නැවත නැවතත් ඉහලට ගන්න. මොකද මේ පුවත සහ කොමෙන්ට්ස් නැවත නැවතත් කියවා රස විඳිය හැකියි. (නදී)
ඕස්ට්‍රේලියාවේ අගමැති වරු දිහා බලල අනාවැකි කිව්වා වගේ ඒ උදවිය ගේ අනෙකුත් යහපත් දේවල් අගය කරනවා නම් මෙතුමාට හොඳයි. ඒ හැමෝම තමන්ගේ නියමිත කාලය අවසානයේ ගරු නම්බු පිටින් නික්ම ගියා. උගත් වෘත්තිමය වටිනාකමක් ඇති උදවිය නිසා දේශපාලනයෙන් හම්බු කරගන්න දෙයක් ඒ මිනිස්සුන්ට නැහැ. තමන්ගේ කියලා වැදගත් ආදායම් මාර්ග තිබෙනවා. ඒ නිසා හැමෝම දැන් තම තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා.(නදී)
සුමනසේකර මහතාට රජයේ බංගලාවක්ද , නිල රථයක්ද , ඩ්‍රයිවර් කෙනෙක්ද සිටියා. මේවා ජනතාවගේ බදු වලින් නඩත්තු කිරීම බරපතල අපරාදයකි. මේවා ලැබීමට ඔහු ජනතාවට කල සේවය කුමක්ද? රාජ්‍ය නායකයට කේන්දර බැලීමද? රටේ ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය නක්ෂස්ත්‍ර කරුවෙක් සිටීද? මොහු වෙනුවෙන් මේ දක්වා වැයකළ මුදල් මොහුගෙන් අයකරගත යුතුය. රාජ්‍ය බැංකු වල අධ්‍යක්ෂ මණ්ඩලයේ නක්ෂස්ත්‍ර තනතුරක් තිබේද?. මේවා සහගහන අපරාද. (නදී)
ඇත්තටම දැන්වත් මුන්නැහැට බැරිද ඊලගට මොකද වෙන්නෙ කියල කියන්න.(අ)
මෙයා ලෝක හොරෙක්.... මහින්ද රාජපක්ෂ නැති කලේ මේ වගේ හරක්... මෙයාගේ වචනයට ජනාධිපතිවරණයක් ගෙනවා...ශ්‍රී ලංකාවේ ඉන්න හොඳම ජෝකර් මෙයා... දැන් ගෙදරට වෙලා පාඩුවේ ඉන්න තියෙන්නේ මිනිසුන්ට බොරු කියන්නේ නැතිව...(අ)
මේ මනුස්සය නිසා ගමේ කේන්දර බලන අපේ මාමටත් වැඩ නැති වුණා. මිනිස්සුන්ට කෙන්දරකාරයන් ඇලජික් වෙලා. (අ)
ජනාධිපතිත් බොරු කළා නම් අනිත් මිනිස්සු කොහොම වෙයිද ? (නදී)
"නමින් සුමන වුවත් ඩොලර් කෙරේ දුම්මනවා" කටයුතු කළ මොහු කලේ අපාගතවන පාප කර්මයකි. (අ)
කට්ටිය මෙතුමාව මඩ වන්නේ හරියට ලොකු අපරාදයක් කලා වගේනේ..මෙතුමා මෙච්චර දවසක් හරියට කිව්වනේ..මේකනේ වැරදුනේ..මට මතක ඇති කාලේ ඉදල අර නාත්තන්ඩියේ හාදය අනාවැකි කියනවා..ඔන්න මෙදාපාර විතරයි හරි ගියේ..ඕව ඔහොම තමයි.ඕව ලොකුවට විශ්වාස කරලා ඒ අනාවැකි මත ජයග්‍රහණ පතන්න තරම් හිටපු ජනපති තුමා මෝඩයෙක් නෙමෙයි.(අ)
තව ටික කලක් ගියා නම් නැකත් කාරයෝ බැංකු වල කවුන්ටර් වලත් ඉඳීවි. අපේ මුදල් ගනුදෙනු කරන්න වෙන්නේ හැඳුනුම්පත් නෙවෙයි කේන්දරේ පෙන්නලා. ඔන්න මේ වෙලාවට අද රාහු කාලය ඒ නිසා හෙට එන්න. නැති නම් මේ කාලයේ අපල නිසා තව මාස 6 කින් සෙනසුරු තුලා රාශියේ උච්ච වූ පසු බැංකුවට පැමිණෙන්න කියල අහ ගන්න තිබුනා. (නදී)
නුඹට සහ පවිත්‍රා දේවියට මෛත්‍රී වහකදුරු උනා නේද ? ඒ මනුස්සයට කොච්චර දුක් දුන්නද මඩ ගැහුවද ? (නදී)
කෝ මේ බන්දුල මහත්තයා? නැකතක්වත් බලන්න ගිහිල්ලද? ඔන්න ඔය පරණ කතා අමතක කරලා එන්නකෝ මෛත්‍රී පාලනයකට සහයෝගය දෙන්න. හැබැයි සහාය දෙන්න කියන්නේ කඩේ යන්න නම් නෙමෙයි. (නි)
ජ්‍යෝතිෂයේ වටිනාකම රැකෙන්නට බොරුකාරයෝ හඳුනාගත්තාට විතරක් මදි. ඔවුන්ව විශේෂයෙන්ම ජනමාධ්‍යයෙන් තුරන්කළ යුතුයි. තමන්ගේ ආත්ම ගෞරවය පාවාදෙන අය හට ජ්‍යෝතිෂය ව්‍යාපාරක් කරගන්නට ඉඩදෙන්නේ දේශපාලුවන් පාර්ලිමේන්තුවට යවන ජනතාව විසින්මය (නි)
දෙමළ ඩයස්පෝරාවට සහ බටහිර සමහර රටවලට මහින්ද රාජපක්ෂ පන්නා ගන්නට උවමනා වුයේ වසර ගණනකට පෙරය. නොයෙකුත් උපක්‍රම යෙදුවත් ඒවා සඵල වුයේ නැත. ජුලියස් සීසර් ඝාතනයට ඔහුගේ සමීපතමයා වූ මාක් ඇන්ටනිව යොදාගත් සිදුවීම මේ වෙලාවේ මට මතක්වුණා. මෙවැන්නෝ තවත් සිටිය හැකිය. හිටපු ජනපතිතුමා කළ සේවය ගැන විශ්වාසයෙන් ධුරකාලය අවසන් වනතුරු සිටියා නම් මෙවන් පරාජයක් අත්වන්නේ නැත. (නි)
මෙන්න අපේ කට්ටිය හොඳට බලන්න ! බන්දුල තුමා පිවිතුරු නමින් ගොඩ බැහැලා. ! හොඳට බලන්න අපිට සුපුරුදු කතා විලාසය. අනේ බන්දුල ඔබතුමා ඔය පරණ නමින්ම මෙතන ලිව්වට අපේ කිසි අමනාපයක් නැහැ. අපි කව්රුවත් හැමදාම ජීවත් වෙන උදවිය නෙවෙයි. ඒ නිසා සභාවේ අපිට විහිලු සපයන්නා හැටියට ඔබේ පැමිණීම අපිට ප්‍රශ්නයක් නැහැ. හැබයි එක එක නම් වලින් ලියලා අපිව ගොන්නුන්ට අන්දවන්න හැදුවට නම් වැඩක් නැහැ. (අ)
කෝටි දෙකකට අධික ජනතාවගේ අනාගතය නක්සස්ත්‍රකරුවන්ට තීරණය කරන්න දෙන සහ අතේ වශී බෝල තබාගෙන සිටින නායකයින් අපිට උවමනා නැහැ .අපි ගල් යුගයේ ජිවත් වන්නන් නොවෙයි (නදී)
රකිත්, බන්දුල පෙරේරා වෙනත් නම් වලින් සභාවේ පෙනී සිටිනවා. හැබැයි ඉස්සර වගේ පල් හෑලි ලියන්නේ නැහැ. වචනෙන් දෙකෙන් කියල ෂේප් වෙනවා. (නදී)
මෙයාගේ නැකත නිසා බොහෝදෙනාගේ සියලු වරප්‍රසාද නැතිවුණා (නි)
හොඳ වෙලාවට මෛත්‍රී මැතිතුමා දිනුවේ. හිටපු ජනාධිපතිගේ කේන්ද්‍රය නොවෙයි, අරයගේ වෙලාව බලගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැ (නි)
මේ වගේ අය නිසා රට විනාශ වුණා (නි)
මොන අනාවැකිද තවත් නම්?
දැන් බොරුවට එහෙම කියනවා ඇති.(හේ)
භානු, මේ පිටුවේ ඇති අදහස් වලින් මට නම් හොඳම එක ඔබගේ අදහසයි (නි)
මට මෙයා ගැන ලියන්න ගොඩක් දේවල් හිතට එනවා නමුත් කිසිවක් නොලියමි (නදී)
මට මෙයා ගැන ලියන්න ගොඩක් දේවල් හිතට එනවා නමුත් කිසිවක් නොලියමි (නදී)
මට මෙයා ගැන ලියන්න ගොඩක් දේවල් හිතට එනවා. නමුත් කිසිවක් නොලියමි (නි)
බටහිර රටවල් සහ දෙමල ඊළාමය කලක සිට ඉල්ලු දෙය ඔබ පැය කීපයකින් ඉටු කර දුන්නා. හිටපු ජනපතිට වසර දෙකක් තවත් ඉන්නට ඉඩ නොතබා ඔබ එය ලස්සනට ඉටු කළා. නක්ෂශ්ත්‍රය නමැති උසස් දත්ත විද්‍යාව බලු කරන්නේ නැතුව දැන්වත් මනදොල පුරවා ගෙන පැත්තකට වෙන්න. (නදී)
දැන් කවුද එතකොට මහින්ද පරදින බව නොදැන හිටියේ? එතුමාව නටවපු හැමදෙනාම කියන්නේ ඔහොම තමයි. (නි)
විද්‍යාව මෙතරම් දියුණු මෙකල, මීට දශක ගණනකට ඉහතදීටත් වඩා ජනතාව කේන්දර, ග්‍රහචාරය, ෆෙන්ග්-ෂුයි ආදී මත පසුපස යන බවත්, ඒ හේතුවෙන් මෙවැන්නන්ගේ කරල පැසී ඇති බවත් පෙනේ. මෙකල ඉලෙක්ට්‍රොනික ජනමාධ්‍ය වල මොහු වැනි අයට අසීමිත ලෙස විකාශන කාලය ලබාදෙමින් ජනතාවට පාර කියාදීමට තාරකා පසුපස යවමින් කරනුයේ අපරාධයකි. මේ මැතිවරණයේදී අඩුවශයෙන් ජනතාව නොමඟ යවන මොහු වැන්නන් තුන් දෙනෙකුගේ ප්‍රෝඩාව හෙළිවී ඇත.එමනිසා මින් පසුවවත් සිය වටිනා විකාශන කාලය හා මුද්‍රිත අවකාශය මෙවැනි අයට දෙනු වෙනුවට රටට ප්‍රයෝජනවත් යමක් ඉදිරිපත් කරන උගතුන්ට, බුද්ධිමතුන්ට හා කලාකරුවන්ට දෙන මෙන් ජනමාධ්‍ය වලින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. (නි)
දැන්වත් රටේ මිනිස්සු මිත්‍යාවෙන් මුලා කරන්නේ නැතිව ඉන්න. මොන තරම් අහිංසක මිනිස්සු මුලා කරලා සල්ලි ගන්න ඇතිද ? ඕවට අාත්ම ගණනක් පව් ගෙවන්න වෙයි (නදී)
මේ ජාතික වීරයෙක් (නදී)
ඒ වගේ හොඳ නායකයෙකුටත් බොරුකියපු අය ගැන මට හිතෙන දේ මෙතන ලියන්න බැහැ (නි)
අම්මෝ මෙයා ගැන විස්තර ගාල්ලේ අපි දෙන්නම්. කේන්දරේ බලන්න විනාඩි 2 යි රුපියල් 2000. මෙයාගේ අනුගාමිකයෝ ඔක්කොම රජයේ රැකියා ලාබියෝ. (නදී)
ඇත්තටම විද්‍යාව දියුණු කලේ මේවගේ ගොන් කතා කියන අයගේ වැඩ සටහන් විකාශනය කරන්නද ? (නදී)
රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂකකමක් දැරුවේ කෙසේද කියා අපි දැනගන්න කැමතියි. (නි)
පිවිතුරු බන්දුල පෙරේරා, නාත්තන්ඩියේ මහතාට මහින්ද මහතා දිනනවා කියල බොරු අනාවැකියක් පල කරන්න කියල එක්තරා පත්තරේකින් කියල එයාට බැහැ කිව්වා කියල අපිට ආරංචියි. නිකම් මෙතන බොරු කියන්න එපා. මේ රටේ වැදගත් ප්‍රතිපත්තියක් ඇතිව ජීවත් වෙන මිනිස්සු බන්දුල වගේ අයට කොහොමටත් පේන්න බැරි බව අපි දන්නවා. (නදී)
ගණන් ගන්න එපා සුමනදාස මහත්තයෝ.මෙච්චර දවසක් හරියට කියලා ඔය එකක් වැරදුනාට මක්වෙනවද?ඕවා අමතක කරලා දාන්න. (නි)
හඳ මාමා උඩින් ඇතේ. අපේ මාමා බිමන් යතේ. හඳ මාමේ දැන් හොඳට තරු පේනවා ඇති නේද ? ආයි අනාවැකි කියන්න හොඳට තරු වළල්ල පිහිටලා තියෙන හැටි බලාගෙන එන්න හොඳේ (නදී)
මෙම නක්ෂත්‍රකරුවා බැංකු අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවයකර තියෙනවා. මොහුගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද? (නි)
මිත්‍යාව වපුරලා රටේ අංක එකේ පුරවැසියව අමාරුවේ දැම්මා. ජනතා බුද්ධියට නිගා දෙන්නේ නැතුව ඔබතුමා කාරුණිකව මම කියන මේ යෝජනා දෙක පිළිගන්නවා ඇතයි හිතනවා 1) ඔබතුමාගේ අනාවැකිය 5% ක් නෙමෙයි 100% ක් වැරදියි. මම ආරාදනා කරනවා ආපහු පන්තියකට ගිහින් ප්‍රතිශත ගණන් ඉගෙන ගන්නා හැටියට. 2) රුපියල් ලක්ෂ 5 ක් ඔට්ටුවක් තියනවා මගෙන්. ඔබතුමා දන්නා ජෝතිෂයක් පාවිච්චි කරලා මම දෙන ප්‍රශ්න 5 ට හරියට පිළිතුරු දීල ඔබතුමාගේ සාත්තරේ සත්‍ය මේ රටේ ජනතාවට පෙන්නන්න. මේ අභියෝගය ඔබතුමාට විතරක් නෙමෙයි ඔබතුමාගේ "පැලැන්තියේ " ඕනෑම කෙනෙකුට විවෘර්තයි ! (නදී)
මන්තර ගුරුකම් කරන කට්ටඬියෝ වැඩිපිරිස කරන්නේ බොරුවක් බව ඔලුව නිරවුල් බොහෝ පිරිස දන්නවා.බඩගෝස්තරය සදහා ඔවුන් මේක කරනවා.මෙතන තිබෙන බරපතලම ගැටලුව අපේ මුළු රටම පිළිබඳ තනිවම තීන්දුවක් ගන්නට අති විශාල බලතල සහිතව අපි විසින් පත්කරන නායකයන් මිත්‍යා විශ්වාස නිසා මෙවැන්නෙකුගෙන් උපදෙස් ගැනීමයි. රට පිළිබඳ තීන්දු ගැනීමේ බලය ඇති අය මෙවැනි අදෘශ්‍යමාන බලවේග විශ්වාස කිරීම සහ පිහිට පැතීම ව්‍යවස්ථාවෙන්ම තහනම් කළයුතුය. (නි)
පාරේ බස් එකේ යන සාමාන්‍ය ජනතාවගේ පරමාදිපත්‍ය ඔය කොයි කේන්දරේටත් වඩා බලවත් ගරු හිටපු ජනාදිපති තුමනි. සාමාන්‍ය ජනතාව විස්වාස කරන්න. වටේ ඉන්න ගොට්ටන්ගෙන් පරිස්සන් වෙන්න. මෙය ඔබ තුමාට 2005 සහ 2010 ඡන්දය දුන් 2015 ඡන්දය නොදුන්, රජයට බදු ගෙවන්නෙක්. (නදී)
බිමල් ඔයාගේ කතාව නම් මසුරන් වටිනවා ! සහතික ඇත්ත ! ඒ එක්කම මේකත් කියන්න ඕන එක්තරා වෙබ් අඩවියක මේ උන්නාන්සේගේ පින්තුරේ දමල යටින් මෙහෙම ලියල තිබුන " ජාතියම ගලවාගත් වීරවරයාණෙනි ඔබට ජාතියේ ප්‍රණාමය ! ඔබ ජාතික වීරයෙකි ! (" අමූලික" ඇත්තක් නේද ?) (බ)
ලියනගේ අයියේ, බන්දුල අයියා ආප්පයක් කන්න කඩේට ගියා.දැන් මඟ එනවා ඇති. (නි)
උදේශ්. ඔබේ ප්‍රකාශය අනුව මම මෙහෙම ගණන් හදා බැලුවා. විනාඩි දෙකට රුපියල් දෙදහ නම් ධුර කාලයේ "අවුරුදු දෙකට" කියද ? පාඩු නැහැ නේ ? (නදී)
මේ ලියන මම බොදු පසුබිමක මාතර පළාතේ ගමක හැදුන වැඩුන නමුත් ජීවිතයේ කිසිදු වැදගත් දෙයකදී මෙවන් දේවල් කෙරෙහි විශ්වාසය නොතැබුවෙමි. මගේ ළමයින් තුන් දෙනාටම ජන්ම පත්‍ර පවා නැත. හේතුව මම ළමයින්ට ඉතාම ආදරය කරන නිසා ඔවුන් අවිද්‍යාවට අඳුරට තල්ලු කළ නොහැකි නිසාය. මෙම ජනපතිවරණය හොඳම අවස්ථාවක් මේ ඉන්දියාවෙන් අහුලාගත් දේවලට එරෙහිව මතයක් ගොඩනැඟීමට. (නි)
මේවා විශ්වාස කරන අයත් ඉන්නවනේ! (නි)
අපි නම් දැනගත්තා ඔය අනාවැකි ගැන ලෝක කුසලානේ පැරදුන දවසේම (නි)
ජෝතිශ්‍ය වගේ කාරණාවන් අතිශය පුද්ගලික මට්ටමෙන් තබා ගන්නවා වෙනුවට ඒක තමන්ගේ ආගමටත් උඩින් අදහන බව රටේ ලෝකයේ හැම දෙනාටම පෙන්නුම් උන අවස්තාවක් තමයි මේ (නදී)
ඔහොම දේවල් කිවම අපේ සාස්තරේ විස්වාස කරනේ කව්ද ? (නදී)
මෙයා කියන දේවල් කවද්ද හරි ගියේ. මිනිසා පිලිගතයුත්තේ නැකත් නොව කර්මය හා කාර්ම එලයි...(අ)
රකිත , බන්දුල පෙරේරා , පිවිතුරු යහපාල නමින් ආයෙත් සභාවට වැඩම කරලා තිබෙනවා වගේ පේන්නේ. හැබැයි බොහොම සීරුවෙන් අහු නොවන විදියට තමයි ප්‍රතිචාර ලියන්නේ. (නධී)
රනිල්ගේ කේන්දරේ එක්ක බලල නේද කිව්වේ මහින්ද දිනනවා කියල (නදී)
ඇට නැති දිව දෙපැත්තටම හැරෙනවා කියල කියමනක් තියෙනවනේ. එයා දන්නවා නම් කීවේ නැත්තේ මොකද ? (නදී)
ගොඩක් අය අනාවැකි කියන්නේ මිනිසුන්ගේ සිත් දිනාගන්න (නි)
සුමනදාස කියන නමත් එහෙනම් ඉතිහාසයට එක්වුණා. මහින්ද රාජපක්ෂ කියන ඊළාම් දෙමළ යුද්ධයකින් රට බේරගත් එඩිතර ජනාධිපතිවරයෙක් බොරු අනාවැකියක් නිසා පැරදුනා. මේ අයගේ වැඩ හේතුවෙන් අද වන්දි ගෙවීමට සිදුවුයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට (නි)
මෙතුමා කියන්නේ මහින්ද මහත්තයා එයාට ආණ්ඩුවේ බැංකුවක රස්සාවක් එක්ක කොලඹින් ගෙයක් දීලා තිබ්බේ එතුමාගේ පුද්ගලික වැඩක් වන හඳහන් බලවාගන්න කියන එකද. ඊට අමතරව මහින්ද රාජපක්ෂ එක්ක හොඳ නරක ගැන කතාකරන්න බැරි යකෙක් කියලද. ඒ එක්කම එයා බොරු අනාවැකිත් කියනවා කියලද පුද්ගලික වාසියට (නදී)
ඔය වැඩ කරන අනික් දෙනාටත් බඩේ පහර නේද ඔබ තුමා කලේ (බ)
අපිට ඇසෙන්නට ඔබ කිවූ මේ අනාවැකි අද අසත්‍ය බව දැනසිටි බව කියනවා. කොහොම වුණත් අද සැමකෙනෙක්ම නිදහස්ව සිටින්නේ හිටපු ජනපති නිසා . (නි)
යෝගයට නැකත් හදපු මෙයා විදේශ කුමන්ත්‍රණ ඉත්තෙක් කියලා වීරවංශට හිතුනේ නැති එකනේ පුදුමේ. (නදී)
මට දැනෙන විදියට නම්, මේක මිථ්‍යාව පරදා සත්‍ය ජයගත් ඡන්දෙකුත් වෙනවා. මේ සාස්තර මෙචර ප්‍රබල නම් අවරුදු 30 යුද්ධ කරන්න වුණේ ඇයි ප්‍රබාකරන් හොයාගන්න. (නි)
කට්ටිය සතුටු වෙන්න වාණිජ බැංකුවක අධ්‍යක්ෂක ධුරය මිසක් මහ බැංකු අධිපති ධුරය නොදුන්න එකට. තව ටිකෙන් ඒකත් සිද්ධ වෙන්න ඉඩ තිබුනා. (නදී)
අර වෙඩි තියාගන්නවා කිවූ කෙනාට සෙල්ලම් පිස්තෝලයක් නැතිව ඇති. ගිනිතබා ගන්නවා කිවූ කෙනා පෙට්‍රල් මිල අඩුකරනතුරු එය කල්දමා ඇති (නි)
මේක සුමනදසගේ වැරැද්ද නෙමෙයි. සම්පුර්ණ වැරැද්ද පාලකයන්ගේ,(හේ)
ජයග්‍රහණයට පියවරු බොහෝය. නමුත් පරාජය අවජාතකය. (නදී)
පින් පඩි ගත්ත කාලය ඉවර වී ඇත. දැන්වත් හොයාගන කන්න ජනතාව ගසාකන්නේ නැතුව. (අ)
කිසිම විද්‍යාවකට හැම දෙයක්ම නිවැරදිව කියන්න බෑ. එහෙම නම් මිනිස්සු නොමැරෙන ව්ද්‍යාවක් හොයාගන්න ඔනේ. මේවා ගැන කාලය නාස්ති කර ගන්නේ නැතුව තමුන්ගේ වැඩක් බලා ගැනීම තමා වැදගත්. (නදී)
බැංකු වලට දේශපාලන පත්වීම් ලැබුවේ මෙතුමා විතරක් නෙවෙයි. ඌව පළාත් සභා මැතිවරණ සමයේදී රාජ්‍ය බැංකු වලට හම්බන්තොට සහ ඌව පලාතෙන් බැංකු පත්වීම් ලබා ගත්ත නුසුදුස්සන් අප්‍රමානයි. මම දන්නා තැනක සා පෙළ ගණන් විෂය අසමත් තරුණයෙකුට බැංකුවේ රැකියාව ලැබුනා. ඔහුගේ පියා පෝස්ටර් ඇලවීම භාරවයි සිටියේ. (නදී)
බන්දුල පෙරේරා නම වෙනස් කරගැනීම සාධාරණයි. (නි)
මෙයා කියන දේවල් කවද්ද හරි ගියේ (දිල්)
මට ලොකු අනුගාමිකයන් පිරිසක් ඉන්නවා කියල ඔන්න සුමනදාස වැඩ පටන් අරන්. ඒ කියන්නේ තණකොළ කන අය තවත් ඉන්නවා. මම දැනගත්ත ලිබියාවට යනකොටම මහින්දට ගඩාෆිගේ වැඩේ වෙන බව. (නදී)
මිත්‍යා දෘෂ්ටියට පැවැත්මක් නැත. රාජ්‍ය නායකයෙක් මිත්‍යා දෘස්ටිකයෙක් වීම මොනතරම් අවාසනාවක්ද? (නදී)
ජනවාරි 8 න් පසුව තමන් අපකීර්තියට පත්වෙන වග තමන්ගෙ කේන්දරේ ලියැවිලා තිබුනේ නැද්ද මහත්තයෝ (නදී)
මෙවැනි බහු බූතවාදීන් නිසා සියලු කටයුතු අවුල් වී මෙයින් සනාථ විය. මෙවන්නන් නිසා සිදුවන ආපදාව අති මහත්ය. (නදී)