IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


‍'පුස්වෙඩිල්ල'

'පුස්වෙඩිල්ල' නාට්‍යයේ අධ්‍යක්ෂක පළමුවතාවට සිංහල පුවත්පතකට ලබාදුන් පිළිසඳර

ෆෙරෝස් කමාදීන් යනු මෙරට ඉංග්‍රීසි නාට්‍ය වේදකාවේ ප්‍රේක්ෂකයින්ට අමුත්තෙකු නොවෙයි. නමුත් සිංහල වේදිකා නාට්‍ය විතරක් නරඹන බොහෝ දෙනා ඔහු ගැන කතා කරන්න පටන් ගත්තෙ 'පුස්වෙඩිල්ල' නමැති දේශපාලන ප්‍රහසන තේමාවක්ගත් වේදිකා නාට්‍ය නිසයි. පසුගිය දින කීපය පුරාවට කොළඹ හතේ ලයනල් වෙන්ටඩ් රංග ශාලාවේ පැවැති මේ නාට්‍ය නැරඹීම සඳහා රඟහල පිරෙන්නම සෙනඟ ඇවිත් හිටියා. සම්පුර්ණයෙන්ම සිංහල දෙබස් නොවූ සියයට හැතැත්තෑවක් පමණ ඉංග්‍රීසි දෙබස් සහිත රචනයක් වූ මෙය නැරඹීමට අන්තිම දවසේ විශේෂිත අමුත්තෙකුද පැමිණ සිටියා. ඒ සුවිශේෂි ප්‍රේක්ෂකයා අන් කවරෙක්වත් නොවෙයි. කලාවට හදවතින්ම ආදරය කරන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ය. මේ නාට්‍ය සංවිධානය කළ අය පැවසුවේ කිසිදු දැනුම්දිමකින් තොරව එතුමාම ප්‍රවේශ පත්‍රයක් මිලදීගෙන නාට්‍ය නැරඹීමට පැමිණීම ඔවුන්  මවිත කළ දෙයක් බවයි. එලෙසින් බොහෝ දෙනා නැරඹූ 'පුස්වෙඩිල්ල' නිර්මාණය කළ ෆෙරොස් කමාදීන් යන ඔහු කවුද? සිංහල පුවත්පතකට ප්‍රථම වතාවට පිළිසඳරකට එක්වූ ඔහුගේ හඬට දැන් සවන් දෙන්න. ෆෙරොස් ඔබගැන කෙටියෙන් සඳහන් කළොත්? ඉංග්‍රීසි නාට්‍ය කලාවට සම්බන්ධව 1996 සිට කටයුතු කරනවා. මැජික් නමින් නාට්‍ය සමාගමක් ආරම්භ කළේ 96 දීග එය ස්ටේජ් හෙවත් වේදිකාව සම්බන්ධ නිර්මාණය කෙරෙන සමාගමක්. මම නාට්‍යකරණයට පිවිසුණේ 1985 ගණන්වල සිටයි. වර්ෂ 13 ක ඉදලාම රඟපෑමට එක්වුණා. මීට වසර 10 කට පෙර රංගනයෙන් ඉවත්වෙලා අධ්‍යක්ෂණයට පිවිසියා. රචනය සිදුවන්නේ බොහෝ විට මා අතින්මයි. ඉංග්‍රීසි නාට්‍ය නිර්මාණ මේ දක්වා කොපමණ සංඛ්‍යාවක් කරලා තියෙනවද ? අපි සමාගමක් ලෙස නාට්‍ය 40 කට වඩා කරලා තියෙනවා. රෝමියෝ සහ ජුලියට්ගේ සිට වැනීසියේ වෙළෙන්දාගේ සිට ලෝ ප්‍රකට නාට්‍ය බොහෝමයක් අපේ රිද්මයෙන් කර තිබෙනවා. පුස්වෙඩිල්ල නාට්‍ය තුනක් (ත්‍රිත්වයක් ලෙස) මේ වන විට නිර්මාණය කර තිබෙනවා නේද ? මේක හරි ජනප්‍රියයි. ඉංග්‍රීසි වේදිකාවේ නාට්‍ය කරන්න ඔබ මේ නම යොදා ගත්තේ ඇයි ? මිනිස්සු හිතන්නෙ මෙය සම්පුර්ණයෙන්ම සිංහල නාට්‍යයක් කියලයි. එහෙම නේද ? පුස්වෙඩිල්ල කියන මෙය භාවිත කළේ මුලින්ම අප කළ ඇමරිකා කියන නාට්‍යයටයි. එය ඇමරිකන් දේශයේ මුළු ඉතිහාසයම හාස්‍යය රසයක් සමඟ අපි පැය දෙකක කාලයකදී ඉදිරිපත් කළා. පසුව පුස්වෙඩිල්ල කියන චරිතය මවාපු එකක්. 2006 දී මෙය මතුවුණේ එදා අපි කළ කම්ප්ලීට් හිස්ට්රි ඔෆ් ඇමරිකා කියන නාට්‍යයටයි. ඒ චරිතය ප්‍රේක්ෂකයාට තදින්ම අල්ලා ගියා. ඒ නිසා ඒ චරිතය හරහා වෙනම නාට්‍යයයක් කරන්න අදහස් කළා. එහි පළවෙනි අදියර 2007 දී පෙන්නුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පළමු දවස කාර්යාලයට එන දින සිට මන්ත්‍රීවරයෙකු වීල පසුව ඇමති වීල ඉන්පසුව විපක්ෂ නායකයාවීල අන්තිමට ජනාධිපතිවීම දක්වා විවිධ කොටස් නියෝජනය වන අයුරින් චරිතය විකාශය කළා. එහිදී පෙන්නුවේ එයා කොහොමද ජනපති වුණේ කියලා. 2009 දී පුස්වෙඩිල්ල අංක දෙක කළා. තේමාකර ගත්තෙ ජනාධිපති ජිවිතයේ පැය 24 ක් කියලයි. ඒ පළමු සහ දෙවැනි පුස්වෙඩිල්ල වෙනස් වුණේ එහි කතාව ගලාගියේ සම්මුඛ සාකච්ඡාවක් ලෙස වීමයි. රොබර්ට් වෙස්ටර්න්තින්කින් කියන බටහිර ජනමාධ්‍යවේදියා පුස්වෙඩිල්ල ජනපති සමඟ කරන සාකච්ඡාවක් ලෙසයි. දෙවැනි අදියරයේදී වෙස්ටර්න් තින්කින් පුස්වෙඩිල්ල හමුවන්න එනවා. දැන් එයාලා හොඳ යාළුවෝ. තුන්වැනි අදියරේදී පුස්වෙඩිල්ල ලංකාවේ චරිතයක් නොවෙයි. දැන් එයා ආසික්ලන්තයේ ලොක්කා. ඒ ආසික්ලන්තයට සාමය ගෙනැල්ලා දුන්නට පස්සේ ලෝක නායකයිනුත් දැන් එයාට කතා කරනවා. මේ සියල්ල අතරේ ලෝක සාමය ගේන්න ඔහු ගත්ත උත්සාහය තමයි ප්‍රකාශ වෙන්නෙ. ඇයි ඔබට මෙහෙම දෙයක් කරන්න හිතුණෙ ? මේකෙ ලෝක සාමය විතරක් නොවෙයි ආසික්ලන්තයේ විපක්ෂ නායක එනවා. මගේ පුටුව ගන්න කට්ටියක් සුදානම් වෙනවා. එය රැකදෙන්න කියලා. හරි හරි ලෝක දේශපාලනය විසඳනවාට වඩා උඹේ පුටුව රකින එක තමයි මට වැදගත් කියලා. පුටුව රුකදෙන්න හදන ප්‍රයත්නයයි. ඒ වගෙ වෙන් වෙන් මාතෘකා ඇතුළත් වෙනවා. නාට්‍යකින් ලාංකීය සමාජයට කෙසේ කතා කළ යුතුයි කියල ඔබ හිතන්නේ? ඕනෑම සමාජයක් දිහා බලලා හිනාවෙන්න ඕනෙ. ඇයි හිනාවෙන්න ඕනෙ? සමාජයක හැදියාව පෙන්වන එකයි උතුම් සමාජය කියන්නේ. තමුන් තමුන්ගේ අඩුපාඩු දැකලා තමුන්ටම එය වටහා ගන්න පුළුවන් වෙන්න ඕන. ලෝකයේ සෑම සත්ව ජාතියකටම වඩා තමුන් තමුන්ගේ අඩුපාඩු බලා හිනාවෙන්න පුළුවන් එකම සත්ත්වයා මිනිසා විතරයි. සමාජය දියුණු වන්නේ ඒ අඩුපාඩු හදාගත්තොත් විතරයි. නැත්නම් සමාජය එකතැන කිසිදු හරයකින් තොරව තිබේවි. නමුත් අපි කරන්නේ සතුන් කරන මෝඩ වැඩ බලා හිනාවීමයි. ඇයි අපි කරන මෝඩ වැඩ කරලා හිනාවෙන්න බැරි.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
 



අදහස් (0)

‍'පුස්වෙඩිල්ල'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2370 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site