කිසිදු හේතුවකට පාසල් සඳහා දෙමාපියන්ගෙන් මුදල් අයකිරීමට නව රජය ඉඩ නොතබන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අද ගාල්ල මහින්ද විද්‍යාලයේ දී කීවේය. පළමු වසර සඳහා රජයේ පාසල්වලට සිසුන් 340,000ක් අද බඳවා ගැනීම නිමිත්තෙන් ජාතික උත්සවය පැවතියේ මහින්ද විද්‍යාලයේ දී ය. අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් විදුහල්පතිවරු මුදල් එකතුකිරීමට කිසිදු ඉඩක් නොතබන බවයි. චක්‍රලේඛවලට අනුව පාසල පවත්වාගෙන යාමට අවශ්‍යම මුදලක් පාසල් සංවර්ධන සමිතිය මගින් සොයා ගැනීම දැනට අනුමත කරණ බව ද හෙතෙම කීවේය. පසුගිය වසර 20ක පමණ කාලයක් මුදල් අයකරමින් චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අවිචාරවත් ලෙස ළමුන් ඇතුලත් කිරීම ගැන වහාම සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇමතිවරයා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ප්‍රණාමය. (නදී)
ගොඩාක් හොඳ අදහසක්. ඒ වගේම රජයේ ගුරුවරුන්ගේ පෞද්ගලික පන්ති පැවැත්වීමේ ව්‍යාපාරය නවත්වනවා නම් තවත් හොඳයි.රජයේ සේවකයන්ට වෙනත් ව්‍යාපාර කරගෙනයාමට විශේෂ අනුමැතියක් ගතයුතුයි. ගුරුවරයාත් රජයේ සේවකයෙකි. තවද ගුරුවරයා හරියට තම පන්තියේදී උගන්වන්නේ නම් වෙනම පෞද්ගලික පන්තියකට ළමයින් යවා ඉගැන්වීමට දෙයක් ඉතුරුවන්නේ නැත. ඒ වගේම පාසැල් වල අනවශ්‍ය උත්සව නවත්වනවා නම් තවත් වැදගත් වෙනවා. (නි)
මම දන්නා අපේ ගමේ මම ගිය පාසලට මේ වාරයේ මගේ අයියාගේ පුතා දානවා. 3000ක් ගෙවන්න කිවුවා, තීන්ත ගන්න. අපිට මේ පිළිබඳ කතාකරලා කියන්න විස්තරයක් දැනගන්න පුලුවන් නම් හොඳයි (නි)
ගොඩක් හොද දෙයක් (නදී)
ඒක හොඳයි හැම පාසැලකම සමානව ප්‍රතිලාබ දෙනවා නම් (නදී)
මෙහෙම තමයි හිටපු ඇමැතිත් පුන පුනා පාර්ලිමේන්තුවේත් කිවුවේ. නමුත් පාසල්වල සල්ලි ගත්තා. (නි)
බස්නාහිර පලාත් කැලණිය ගුරුකුල විද්‍යාලයට නිවස පිහිටා ඇති දුර ප්‍රමානය මීටර පන්සීයකට වඩා අඩුය. තවද මාගේ සහෝදරයා එම විද්‍යාලයෙහිම ආදි ශිෂ්‍යයෙකි. නමුත් තම දියණිය එම පාසලට ඇතුලත් කර ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා සිටී. තවද ධර්මාලෝක විද්‍යාලයට ඇතුලත් කර ගැනීම සදහා පනස්දාහක මුදලක් ඉල්ලා සිටී (නදී)
ගරු ඇමතිතුමනි, මාගේ පුතාව ලබන වසරේ පළමු වසරට ඇතුලත් කරන්න ඕනා. කොළඹ හොඳ පාසැලකට දාන්න මා හට උපකාර කරන්න ඔබට ගොඩක් පින්. (නදී)
බොහොම හොඳ දෙයක්. මගේ ප්‍රණාමය.(හේ)
ලොකු පිනක්. තෙරුවන් සරණයි (නදී)
සල්ලි වගේම ද්‍රව්‍ය ගන්න එකත් නතර කරන්න.(හේ)
ජනප්‍රිය පාසල් වලට දේශපාලකයන්ගේ දරුවන් බලය පමණක් සුදුසුකම හැටියට ගෙන ඇතුලත් කිරීම නවත්වනවා නම් ඉතා හොඳයි. මගේ මහත්තයාගේ නංගි එක්තරා ජනප්‍රිය කාන්තා පාසලක ආදී ශිෂ්‍යාවක් වන අතර ඇගේ දියණිය ඇතුලත් විමී ලේඛනයෙන් කැපී ගියේ දේශපාලකයෙකුගේ දියණිය අර දරුවා ගේ නම කපලා ඇතුලත් කිරීම නිසාය. මගේ නෑනා උගත් වෘත්තීය කාන්තාවක් වන අතර විදුහලේ ශිෂ්‍ය නායිකාවක්ද ද විය. අන්තිමේ දරුවාව පුද්ගලික කාන්තා විදුහලකට දැමුවේ වියදම් කිරීමට පුළුවන් කමකට නොව අවසාන මොහොතේ වෙනත් පාසලක් සොයා ගැනීමට නොතිබුන නිසාය. මේ පාසලේ මිට කලකට පෙර ශිෂ්‍යතව් විභාගයෙන් පැමණි දැරියන් සහ උගත් ආදී ශිෂ්‍යාවන් ගේ දරුවන් නිසා ඉතා ඉහල විභාග දස්කම් පැවතී අතර දැන් එය ඉතා පහතට වැටි ඇති බවට ආදී සිසුවියෝ මැසිවිලි කියති. මිට හේතුව දේශපාලන බලය මිසක් බුද්ධි මට්ටමක් නැති දරුවන් ගෙන් පාසැල කලක පටන් ඉතිරි යාමයි. (නදී)
මුදල් වගේම ලිංගික අල්ලස් ගැනීමත් තහනම් කරන්න (නදී)
සතුටුයි, ඒ වගේම දුමින්ද කියන කතාවට මම එකඟයි (නදී)
ලංකාවේ වැඩිම පගාගන්න පාසැල තමයි ඔය පාසැල. (නදී)
මහත්මයානනි, ඉතාම හොඳ වැඩක්. ඔය කොපමණ කීවත් තීන්ත ගාන්න කියා කීයක් හරි ඉල්ලනවා. ඔය වැඩ නතර කරන්න. ජය වේවා (නදී)
කරුණාකර දේශපාලකයන් අයතා විදියට ජනප්‍රිය පාසල් වලට ළමයින් ඇතුලත් කිරීමත් නවත්තන්න. (හේ)
සමහර පාසල් වලට විදුලි බිල ගෙවන්නවත් රජය සල්ලි දෙනවද පරිගණක ,විදුලි මෙවලම් ,උත්සව ,මේවාට රජය මුදල් දෙනවාද?(හේ)
අද මගේ මිනිබිරි පාසල් බාර දුන්නු මුල් දවස ,තීන්ත ගාන වැඩේ ඉදල මේ වෙනකොට අපි සැහෙන ගානක් පාසලට දීල තියෙනවා .මේ වැඩේ නතර කරනවනම් ගොඩක් ස්තුතියි (බ)
වැඩේනම් හොඳයි. නමුත් ක්‍රියාත්මක කරන්න ප්‍රයෝගිකව බැරිවෙනවා. විවෘත ආර්ථිකය නිසාම අත්වෙන සමාජ ප්‍රශ්නයක් මේක.(හේ)
මැතිතුමනි , නිකන් කිව්වට වැඩක් නෑ , ඒ සදහා කමිටුවක් පත් කර දුරකථන අංකයක් ලබා දෙන්න , එතකොට අවශ්‍ය අය කතා කර විස්තර ලබා දෙයි . මොන දේ වුනත් රජයේ පාසල් වලින් කියක් හරි එකතු කර පාසැල් ගොඩගැනීම කරනවානම් එය ඉතාමත් කාලෝචිතයි , එහෙත් පුද්ගලික පාසල් වලින් අයආ ලෙස අය කරන මුදල් ගැනයි අපි සොයා බැලිය යුත්තේ. (හේ)
ඇමතිතුමා, ඔය අවශ්‍යම මුදල කියන්නේ කීයක්ද? රු.20000 ක් 25000 ක් ගන්න පාසල් මෙහේ තියනවනේ.(හේ)
ඉත්තෑපාන පාසැලකත් සල්ලි ගන්නවා. එ්කට මොනවද කරන්න පුළුවන් ? කාටද දැනුම් දෙන්න ඕනේ උදව් කරන්න (නදී)
කිසිම කෙනෙකුගෙන් මුදල් ලබා ගන්නේ නැහැ. නමුත් වෙන්නේ පරිත්‍යාග ලෙස පාසැලට මුදල් ලබා ගැනීමකි (නදී)
සමහර පාසල් වලට තාමත් රජයෙන් උදව් කරන්නේ නෑ. (හේ)
එහෙම දෙයක් වුනොත් මේ රටේ අසරණ දෙමාපියන්ට හොදයි.ඒ වගේම කිසිම බරක් නැතුව දරුවා පාසලට ඇතුලත් කර ගත හැකිවෙනවා.(හේ)
දැන් නම් ලංකාව ගැන සුබවාදී සංකල්පයක් ගොඩ නැගී ගෙන එනවා .නමුත් මේ දේවල් දින 100 විතරක් සීමා නොකරන්න. වෙනද වගේ ජනතාව රැවටෙන්නේ නෑ.හැමදාම ඇස් ඇරගෙන බලාගෙන ඉන්නවා (බ)
මේ වසර සඳහා මේ වනවිට මුදල් එකතුකර හමාරයි. ඒ ගැන සොයා බලන්න. ඒකත් හොඳයි (නදී)
දැනටම ගාල්ල දිස්ත්‍රික්කයේ සමහර පාසරල් වල හයේ පන්තියට ළමුන් බාර ගන්න රුපියල් පන්දහ ගානේ අරගෙන ඉවරයි. ඒවට මොකද කරන්නේ? (නදී)
ඔය බැල්ම කළුතර පැත්තට තියෙන ලොකුම බාලිකා පාසලටත් හෙලන්න. කැසිනෝ මැඩම් කෙනෙක් බෑන්ඩ් එකට රිංගල මොනවාද කරන්නේ. (බ)
කිරිබත්ගොඩ විහාරමහා දේවී එකට ආධාර දෙන්න කියලා සල්ලි ඉල්ලුවා...ඒ වගේ දෙවල් නතර කරන්න..(බ)
ලංකාවේ ප්‍රදානම කාන්තා විද්‍යාලය වන මගේ පාසලට ආදී ශිෂ්‍ය ගණයෙන් මා මගේ දියණිය ඇතුලත් කිරීමට ඉල්ලුම් කර සම්මුක පරීක්ෂණ වලටද සහභාගී උනා. නමුත් අපගෙන් විද්‍යාලයට ආධාර ලෙස ලක්ෂ 2 ක මුදලක් ගෙවිය යුතු බව පවසා ඇත. නමුත් අපගේ මුදල් තත්වය අනුව අපට එතරම් මුදලක් ගෙවිය නොහැක. කෙසේ නමුත් එහිදී මගේ දරුවා තොර ගත්තේ නැත. මා පොරොත්තු ලේඛනයේ 9 වන ස්ථානයට දමා තිබුනා. අභියාචනයෙන් පවා මාගේ දරුවා තෝරා ගත්තේ නැහැ. ලක්ෂ ගණන් දීපු මිනිස්සුන්ගේ ළමයි ඇතුලේ. අපේ අහිංසක දරුවෝ ගත්තේ නැහැ. අපි නොසෑහෙන්න ඉස්කෝලෙට වැඩ කලා. මේ අසාදාරන සොයා බලා අපේ අහිංසක දරුවන්ට සාදාරනයක් ඉෂ්ට කරන්න ඇමතිතුමනි. (නදී)
ජනප්‍රිය පාසල් වලට දේශපාලකයන් ගේ ලැයිස්තු වලින් ළමයින් ඇතුලත් කිරීම නිසා පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳින් සමත් වූ දරු දැරියන්ට ජනප්‍රිය පාසල් අහිමි වූ අවස්ථා තිබෙනවා. අර ලැයිස්තු නිසා ජනප්‍රිය පාසැල වල එක පන්තියක සිටිය යුතු ළමයින් පිරෙන්න අරන්. ඊළඟට දක්ෂ ළමයට ඒ පන්ති වල ඉඩ නැහැ. මේක හරිම අසාධාරණයි. මේ ගැන පසුගිය කාලයේ පුවත් පත් වාර්තා පවා පල වුනා. (හේ)
ළමයාව ඇතුල් කරනකොට ගන්න මුදලට අමතරව තීන්ත ගාන්න, පන්ති කවයට ආදී වශයෙන් සල්ලි එකතු කරන ගමන් අපි පහසුකම් ගාස්තු කියලා මුදලකුත් ගෙවනවා. (හේ)
කටුගස්තොට පැත්තේත් මේක වෙනවා (නි)
හෙට මගේ දරුවා පාසැලට ඇතුල් කරනවා. රු. 10,000/= ක් පරිත්‍යාග ලෙස දෙන්න ඕන. (නදී)
දේශපාලකයන්ගේ බුද්ධි මට්ටම අඩු ළමයින් ශිෂ්‍යත්වය පාස් වෙන ළමයින්ට තිබෙන ජනප්‍රිය පාසල් වලට පස්සා දොරෙන් රිංගා ගන්නවා. අන්තිමට දක්ෂ ළමයින්ට පන්ති වල ඉඩ නැහැ. කරුණාකරලා මේකත් සොයල බලන්න. (නදී)
කොළඹ සුපිරි පාසල් වල ආදි ශිෂ්‍යයන්ට වන අසාධාරණය ගැන විශේෂයෙන් සොයාබලන්න (නි)
ඒක නම් බොහොම හොඳයි (නි)
මම ඉගෙනගත්, දැනට මගේ පළමු දරුවා ඉගෙනගන්න පාසලට,දෙවැනි දරුවාව රුපියල් ලක්ෂයක් දීලවත් දාගන්න බැරිවුණා. (නි)
මේ ගැන කිව්වට වැඩක් නෑ කෙරෙනවද කියලා හොයලා බලන්න.(හේ)
මේ වගේ වැඩ නතර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ගන්න එක මොන ජාතියෙන් හරි ගන්නවා. (බ)
ඔය කියන විදියට වෙනවද බලමු.(හේ)
බොහොම හොද වැඩපිළිවෙළක් (නි)
ඔබතුමාට සුබපතනවා , (හේ)
නිදහස් අධ්‍යාපනයට වටිනාකමක් දෙන්න මැතිඳුනි (නි)
ගරු ඇමතිතුමාගේ අවධානය කොළඹ විශාඛාවට යොමු උනොත් මැනවි. ආදී ශිෂ්‍යාවන්ගේ ළමයින්ට වඩා දේශපාලක ලැයිස්තු වලින් එතන ළමයින් ඇතුලත් කර ගන්නේ. මෙය එහි දීප්තිමත් ආදී ශිෂ්‍යාවන්ට වෙන අසාධාරනයක් වගේම පාසලේ මින් දශක ගණනාවකට ඉහත සිට පැවැති උසස් විභාග ප්‍රතිපල පහල වැටීමටත් හේතුවක්. (නදී)
පන්ති කාමර අලුත්වැඩියා කිරිමට මුදල් ගෙවියයුතු යැයි කියා මෙම මාසයේදීම මුදල් ඉල්ලාසිටිනවා මුලු අවුරුද්දටම (නි)