රංජන් කස්තුරි
පාසල් අවට මීටර් 500ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ යෝජනාව මීටර් 100ක දුර දක්වා අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
මීට අමතරව වයස අවුරුදු 18 අඩු අයට පමණක් සිගරට් අලෙවි කිරීමේ තහනම වයස අවුරුදු 21 දක්වා වැඩි කිරීමට ද ඊට අදාල ගැසට් පත්‍රය අප්‍රෙල් මස හත් වැනි දා නිකුත් කිරීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇයි අප්‍රේල් මස හත් වැනිදා... ගන්නකෝ ඕක අප්‍රේල් පළවෙනිදාට...
සිගරට් බොන්න එපා.. මෙලෝ රහක් නැහැ. සල්ලි විතරයි වැය වෙන්නේ..
මොකටද මීටර් 100 කියන්නේ? කිලෝමීටර් එකක් ඇතුලත විකිණීම තහනම් කරන්න. ඕක විතරක් නෙවේ තැබෑරුම්, වයින් ස්ටෝස්, ගණිකා මඩම්, රූම් කුලියට දෙන ඒවා සියල්ලම කිලෝමීටර් 5 වත් දුරට තහනම් කල යුතුය
කොහොම උනත් මී.500 දුර මී.100 දක්වා අඩුකරපු එක ළමයි ගැන හිතලා ගත්තු හොද තීරණයක් මොකද දන්නවද මේ දවස්වල පවතින අව් රශ්මියත් එක්ක පාසල් ළමයින්ට ගොඩක් දුර පයින් යන්න බැහැනේ දුම්වැටියක් ගන්න පව්නේ අහිංසක ළමයින්ව අව්වට පුච්චන්න හොද නැහැනේ. පුලුවන්නම් තව ටික දවසකින් පාසැල ඇතුලෙම දුම්වැටි අලෙවිකරන්න පුළුවන් තත්වයකට රට ගෙන්න කියලා අපි යහපාලන රජයෙන් ඉල්ලා සිටිනවා.මොකද මිනිස්සු ඔයාලට ඡන්දය දීලා බලාපොරොත්තු වුනේ ඇත්තටම මේවගේ වෙනසක් තමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ඔබතුමාලගේ යහපාලන රජයටත් ජය වේවා.
දැන් ලංකාවේ උගත් බුද්ධිමත් නවක තරුණ පරම්පරාවේ දුම් පානය කරන පිරිස අඩුය. දුම්පානය බොහෝවිට නුගත් ගම්බද දිළිඳු තරුණයන් අතර ප්‍රචලිත බව පෙනේ. කොහොම නමුත් ප්‍රතිශතයක් ලෙස ගත විට දැනට අවරුදු 20 විතර ඉස්සරට වැඩිය දුම්පානය කරන තරුණ පිරිස 30% විතර අඩුවී ඇත.
මීටර් 100 කරලා තියෙන්නේ ඉතාමත් බුද්ධිමත් කමිටුවකින් වෙන්න ඕන. මොකද මේ මගින් දුම් පානය කරන ළමයි පාසල ඉවර වුන විගස මීටර් 100 දුවල ගිහින් සිගරුට්ටුව ගන්න යොමු වෙනවා. එමගින් අපට මීටර් 100 ඔලිම්පික් තරුවක් උනත් ලැබෙන්න ඉඩ තියෙනවා.
කොළඹ ඉස්කෝල වටේ තියන හෝටල් සේරම වහයි . ?
මද්‍යසාරය දුම්වැටි මගින් රජයට ලැබෙනවා කියන ආදායමට වඩා වැඩි වියදමක් දරන්න වෙනවා එම දහ ජරාව බීවට පසුව ඇතිවෙන රෝග වලට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ... මිනිසුන් වඳ භාවයට පත්වෙන්නේ කව්රුවත් කෑමට දාල දෙන පෙති වලින් නොවෙයි . මිනිසා වඳ භාවයට පත්වන්නේ මිනිසා විසින්ම තම පොකට්ටුවේ තිබෙන මුදලින් වෙනත් අය තර කරමින් බොන ඔය මලජරාව හේතුවෙනුයි ..
ජනාධිපතිතුමනි ඔන්න...
ලංකාව කොහොමත් ලෝකෙට විහිලු සපයන්න මේ කාලේ වැඩිපුර කාලය ගන්නවනේ. මීටර 100 කියන්නේ මහදුරක්ද?
මීටර් 500, 100 නෙමේ කොච්චර දුර තිබ්බත් බොන කෙනා බොනවා... ළමයි මේවට පුරුදු වෙන එක වලක්වන්න, දුර වෙනස් කරලා වැඩක් නෑ. ළමයි ගැන දෙමාපිය අවධානය වැඩි කරන්න, එතකොට සිගරට් එකක් අතට දුන්නත් බොන්නේ නැති ළමයි හදන්න පුළුවන්.
මේ ගැසට් පත්‍රය සිගරුට් බොන ලෙස දැන්වීමකි. 2015 ට පෙර : හොරෙන් සිගරට් බොති. 2015-2017 බය නැති කරයි. බය නැතුව කඩ වලින් සිගරට් ඉල්ලති. 2018 ජනවාරි සහ පෙබරවාරි වල : පාරේ , බස් හෝල්ට් වල ප්‍රසිදියේ බොති. 2018 මාර්තු සිට : පාසල් ළමයින් සිගරට් බොනු ඇත. නිදහස උපරිමයෙන් දී ඇත.
අනේ ඇයි කැන්ටින් එකේ විකුනන්නේ නැත්තේ ?
දැන් ලංකාවේ කොල්ලෙකුට අවුරුදු 18 වුන ගමන් කසාද බදින්න පුළුවන්. නමුත් සිගරට් මිලදී ගන්න අවුරුදු 21 වෙනකම් ඉන්න ඕන.
අරක්කු විකිණීම හැම තැනම බැරි ඇයි? සිගරට් විකිණීම තැන් සීමා කරන්නේ නැත්තේ ඇයි? ආගමික නායකවරු ජනතාවගෙන් ඉල්ලන්නේ නැත්තේ ඇයි?... සිගරට් විකිණීම නවතන ලෙස...
සිගරට් බොන අයට තෑගි දෙන්න. ජනපති පාසල්වලට ටැබ් දීම නවතා ඇත. මෙය සිරිසේන ප්‍රතිපත්තිය වේ.
මේක තමා අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් තත්වය.. මේවට ජනතාවත් වග කියන්න ඕනේ. මොකද ගම් ගොඩවල්වල කසිප්පු පෙරාපු, ගංජා ගහපු, කුඩු විකුණපු, මාල කඩපු ගෙවල් බිඳපු අට පාස් නැති පක්ෂයේ ලකුණ දිහා බලලා පාර්ලිමේන්තුවට යවපුවාම ඒ අය කරන්නේ දන්නා දේ රටේ ඉන්න බත් පතට, අරක්කු කාලට, රුපියල් 500 කත් අදින එකයි. ඡන්දෙ දෙන බත් කන අය දැන් කියනවා මේවා වැරදියි කියලා.. හරි දේ කරන්න නම් උගතුන් පාර්ලිමේන්තු යවන්න ඕනේ... ගමේ, නගරේ ඉන්න හරක් පාර්ලිමේන්තුවට නොයවා..