(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුව සෙන්ගල්ඔය වැලිතුඩුව මංකඩට තම පාසල් මිතුරකු සමග දිය නෑමට ගිය පාසල් සිසුවකු ගිලි  මරණයට පත්ව ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි.

මෙසේ මියගොස්  ඇත්තේ ආරච්චිකට්ටුව වයිරන්කට්ටුව පදිංචිව සිටි 13 හැවිරිදි එස්.ජේ.එම්.ලකිදු චාමික සිසුවෙකි.

වැඩිමහල් සොහොයුරීයන් දෙදෙනෙකුගෙන් පවුලක බාලයා වු ලකිදු පසුගිය 19 දින සවස පාසල නිමා වි නිවසට පැමිණ සවස තම පාසලේ මිතුරකු සමග පාවහන් දෙකක් මිළදි ගැනිමට ආරච්චිකට්ටුව නගරයට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බව පරික්ෂණ වලදි තහවුරු වි ඇති බව කියයි.

ලකිදු නිවසින් පිටව යන මොහොතේ ඔහුගේ පියා හා මහ නිවසේ සිට නැති බවත් ඔවුන් රැකියාවන් සදහා පිටත්ව ගොස් තිබු බවද කියයි.