පාසල් සිසුන්ට සපත්තු සඳහා වවුචර්පත් නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට අනුව මෙම ව්‍යාපෘතිය 2018 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
දුෂ්කර පාසල් 4000ක සිසුන් 600 000ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.මෙම ව්‍යාපෘතිය සඳහා දැනටමත් රුපියල් මිලියන 800ක් වෙන් කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සිල් රෙද්ද දැමීමද වැරදි...?
2018 ඉඳන් ක්‍රියාත්මක වන ව්‍යපෘතියකට මුදල් වෙන් කිරීමයි, රටේ විදුලි සංදේශ නියාමනයට වෙන් කරපු මුදල්, අඩුම ගානේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතියක් වත් නැතිව, ඡන්දයක් ප්‍රකාශ කරලා තියෙද්දි, තෝරාගත් පිරිසකට කිසිම විනිවිද බවකින් තොරව සිල් රෙද්දක් බෙදන්න භාවිතා කිරීමයි දෙකක්. මේ ළමයින්ට ඡන්ද බලයක් නෑ. ජාති, ආගම් භේදයකින් තොරව ලැබෙන්නේ....
මෙයාලගේ මාර නීතියක් තියෙන්නේ? මහින්දලා සිල් රෙදි දීපු එක වැරැදියි. මෙයාල දෙන දේවල් හරි? දැන් පළාත් සභා ඡන්දේ ලඟයි නේ? කොහොමද මෙහෙම කරන්නේ. මහින්දට හොඳ නැත්නම් මෙයාලටත් හොඳ නැති විය යුතුයි. තමන් දුන්නට කමක් නැහැ. වෙන කෙනෙක් දෙයක් දුන්නම එකේ වැරදි දකින්න එපා.
සිල් රෙදි දුන්නේ, උපාසක අම්මලාගේ ඡන්ද ටිකට ගහන්න. නමුත් පැරදුණා. මේ සපත්තු දෙන්නේ ඉගෙන ගන්න පාසල් යන ළමයින්ට. මේවා කරනකොට බයයි.. පැරදුණාට පස්සේ මොලේ කචල් එකට කියන ඒවා. කුහක මිනිස්සු... ඊයේ එන්න බැරිවෙයි කියලා බයෙන් දොඩවනවා...
කලකට පෙර කොළඹ ප්‍රදේශයේ පාසල්වලට වැඩි ගාණට සපත්තු දුන්නා වගේ මතකයි.
සපත්තු නැතිව පාසැල් යන්න අදිමදි කරන ළමයි දහස් ගණනකට සෙත සැලසෙන මෙය අගනා ක්‍රියාවකි. ඡන්දයයි, මුදලුයි සොරා කෑමට සිල්ගැනිමට කිසිම සම්බන්ධයක් නැති අයතනයක මුදල් අවභාවිතයයි අහසට පොළව වාගෙයි.
ඇබිත්තයා කියන දේ හරි.. මෙම සපත්තු දීමත් කොළඹ වගේ අතිදුෂ්කර පළාත්වලටම වේවි... විදේශිකයින්ට අපි යටත් වීමට පෙර අපේ රට සශ්‍රීක රටක්.. සුද්දන් අපිට පිටරටින් ගෙනත් කන්න පුරුදු කළා. කළු සුද්දෝ නිකන් ඉඳගෙන කන්න පුරුදු කළා. නොලැබෙන විට පිකටින් කරන්න පුරුදු කළා. මම දන්න එක මැණික් ව්‍යාපාරිකයෙක් එයාගේ දරුවගේ ශිෂ්‍යත්ව මුදල් ගන්න එයාගේ පියා ඔහුගේ ප්‍රාඩෝ රථයෙන් කිලෝමීටර 40 ක් ගොස් මුදල් ගත්තා. නමුත් මාසෙටම රුපියල් 10000 ක පමණ වැටුපක් ලබන ගාර්මන්ට් සේවකයින්ට එම මුදල් ගන්න බැහැ. සපත්තු එහෙම දේවිනේ... දුෂ්කර පාසල් තේරීමත් එහෙම වෙලා මම උදාහරණයක් දෙන්නම් පරකඩුවෙන් ඇතුල් පාරක තියෙනවා දිද්දෙණිය කියලා පාසලක්... එහාට යන්න තවත් දෙමළ පාසලක් පසුකරගෙන දෙමළ පාසලට යන්න බස්රථ කීපයක්ම තියෙනවා දිද්දෙනියට තියෙන්නේ එකම බසයක් පමණයි. නමුත් දිද්දෙණිය පහසු පාසලක්... දෙමළ විද්‍යාලය දුෂ්කර පාසලක්... මෙම කටයුත්තේදී එහෙම නොවේවා !!!
මේකේ අදහස් දාපු බොහොමයක් අයගේ දරුවෝ පාසල් යන්නේ නැති බවයි පෙනෙන්නේ. පාවහන් දීම පටන්ගෙන ටික කාලයක්. මෙවර පාවහන් වෙනුවට වවුචරයක් දෙනවා එපමණයි. වෙනස නිල අැඳුම්, පාවහන් දෙන්නේ අලුත් පාසල් වර්ෂය ආරම්භයට පෙරයි. ඡන්ද ඉවර වෙනකන් ඒවා බෙදන්න හිටියොත් වෙන තත්වේ තේරුම් ගන්න පුලුවන්නේ. හැම දෙයක්ම දේශපාලන කෝණයකින් බලන්න එපා. සිල් රෙදි බෙදුවේ ඡන්ද ගන්න බව මොලේ කලඳක් හෝ ඇති අයට තේරෙනවා. මේ අය කියන විදිහට පෙළ පොත්වත් බෙදන්න බැරිවෙයි. සත්‍ය තේරුම් ගන්න. බොරුවට නිදාගන්න අය ඇහැරවන්න බැහැ.