ගලේවෙල ඉහළ දික්වෙල ප‍්‍රාථමික පාසල අද උදේ 9.55ට වැසූ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩල සාමාජිකයෝ මඟුල් ගෙදරක ගියහ. මේ පාසලේ ගුරුවරු 11 දෙනෙක්ද ළමෝ 90 දෙනෙක්ද සිටිති. ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ මෙත්තානන්ද වනසිංහ මහතා කීවේ පාසල වැසීමට අවසර නොගත් බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කාට කියන්නද?(නු)
අනාගත පරපුර ගොඩ ගන්න ඉන්න කට්ටිය මෙහෙම කරන කොට අපේ අනාගතය ගැන හිතා ගන්න පුළුවන් (දී)
සුපිරි පාසලක්. (නි)
ළමයින්ටත් මගුල්.... (නි)
අහිංසක වරදක්. මේ වෙනුවට නිවාඩු දවසක් වැඩ කරන්න කියන්න. හොරුන්ව බේරෙනවා. අහිංසකයෝ අල්ලන් දඟලනවා. (අ)
ඌරෝ කැකුණ තලද්දි හබන් කුකුළන්ට රජ මගුල්ලු. (නි)
ප්‍රින්සිපල්ටත් මගුල් ගෙදරක යන්න අස හිතෙන්න ඇති (දී)
නගරේ අපේ අයට ගමේ දේවල් තේරෙන්නේ නැහැ! ගුරුවරු දෙතුන් දෙනෙක් සිටින පාසලකට ගුරු මණ්ඩලයටම මේ වගේ දෙයකට සහභාගි වෙන්න තියෙනකොට වෙන මොකක්ද තියෙන ප්‍රයෝගික විසදුම? (නි)
අන්න ගුරුවරු... (නි)
අනේ දරුවන්ට දෙවි පිහිටයි..(නු)
ඉගෙන ගත් උදවියගේ මෝඩ වැඩ..... (ස)
ළමයින්ගේ අනාගතය අනාතයි (දී)
අනේ මෙහෙමත් මගුල් ගෙවල්...!(නු)
ඔකට 9.50ට යන්න ඕන නැහැනෙ.. කෑමට 1.30ට පාසැල වහලා ගියානම් හරිනෙ..(නු)
මේ පාසල 12.30ට විතර වැසුවානම් ප්‍රශ්ණයක් නැහැනෙ..!!(නු)
මොනවා කරන්නද මගුල්ගෙදර යන්නත් එපායැ...(නු)
අම්මලා තාත්තලාට අයිතිය තියෙනවා ගුරුවරුන්ගෙන් ගිහිල්ලා අහන්න අධ්‍යාපන ඇමතිට මේ ගැන දැනුම් දුන්නාද?(නු)
මගුල් ගෙදර ගිහින් සප්පායම් වෙලා උගන්වන්න එනවාට වැඩිය පාසල වහලා ගිය එක හොදයි. (නි)
උගන්වන එක වගේද මගුල් ගෙදර? (ත)
අන්න ගුරුවරු (දී)
අනෙක් පාසල් වලත් මෙවැනිම ගුරුවරුන් සිටියහොත් අපේ දරුවන්ට යන කලදසාව කුමක්ද? (නි)
වෙන දවසක් තිබුණෙම නැද්ද ???(ස)
එතකොට ඇමතිතුමා ආවේ නැද්ද? (නි)
තමන්ගේ ගුරු මණ්ඩලේ සේවය කරන කෙනෙකුගේ මංගල උත්සවයකට සහභාගි වීමේ ඇති වැරැද්ද මොකක්ද? (නි)
දරුවන්ගේ ඉගෙනීමට වඩා මේක කොතරම් වටිනවද (අ)
මෙම ගියොත් මුළු ඉස්කෝලෙම ම වහන්න වෙනවා (දී)
පාසල් අයිති ළමයිනට නොවේ ගුරුවරුනටයි (අ)
විදුහල්පතිතුමා අරගෙන තියෙන තීරණය ඉතාමත් නිවැරදියි. අද අහන්න ලැබෙන දේවල් එක්ක බලනකල, ළමුන්ගේ ආරක්ෂාව ගැනයි එතුමා හිතල තියෙන්නේ... ඔබට වරදින්නෙ නෑ විදුහල්පතිතුමනි......(ස.වි)
ආසියාවේ ආශ්චර්‍ය කියන්නේ මෙන්න මේකට තමයි....(ස.වි)
ගුරුවරියකගේ වෙන්න ඇති මගුල් ගෙදර........මෙහෙමත් පාසල් වහන්න පුළුවන්ද ???ඇමතිතුමා මේ ගැන මොකද දන්නේ නෑ...කියන්නේ......(ස.වි)
වෙ හැම දෙයක්ම ආණ්ඩුවේ වැරැද්දෙන් වෙනවා කියලා ප්‍රතිචාර දාන කට්ටියක් ඉන්නවා. ඒක වැරදියි නේද? (නි)
ඔවු ඔවු.කිසිම අවසරයක් නැතුව කරන මෙවැනි වැඩ වලට උපරිම දඩුවම් දිය යුතුයි. (නි)
අනේ මහත්තයො , ආයෙ අපේ ගමට නම් එන්න එපා. (නි)
දරුවන්ගේ අධ්‍යාපනයට වඩා මඟුල් කෑම වේල ලොකු උනා නේ.........(ස.වි)
නැකැත් තියෙන්නේ පාසල් දවස්වල, මගුල් ගෙදර නොගියොත් යාළුවා තරහ වෙනවා....අනේ මන්දා......(ස)
පාසල අයිති ගුරුවරුන්ට නොව ළමයින්ටයි. (නි)
මගුල් නටන ගුරුවරු ඉන්න රටක මගුල් කෑමත් වරදක්ද? (නි)
පවු.එයාලට නිවාඩුත් අඩුයිනේ.නොගිහින්ම බැරි ගමනක් වෙන්න ඇති. (නි)
ඡන්ද වැඩකට ගියාද දන්නේ නැහැ. (නි)
මගුල් වල ගිහින් දරුවන්ගේ අනාගතය අවමගුලක් කරන්න හදන ගුරු හොරුන්ට නිසි දඩුවම් දෙන්න ඕනේ. (නි)
මේකේ වැරැද්දක් ඇත්තේ නැහැ.හැබැයි හැමෝටම පඩි රහිත නිවාඩු දෙන්න ඕනේ. (නි)
කමක් නැ. එක දවසනෙ. (දී)
අයියෝ මේවක් වැඩද ?කොටුවේ දුම්රියපල ළඟට ගිහින් බලන්නකො හවස 4 වෙනකොට කට්ටියම එතනනේ.......(ස)
මගුල් ගෙදර ගියාට මොකද වෙන්නේ (දී)