පාසල් රග්බි සංගමය සංවිධානය කළ මයිලෝ ‘සභාපති’ කුසලාන වයස 20 න් පහළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල අතර රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේදී ඊයේ (16 වැනිදා) පැවැති අවසන් මහ තරගයෙන් පසු දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවක් නිසා ක‍්‍රීඩාංගණය යුද පිටියක් වූ බව වාර්තා වේ. මෙම තරගයෙන් ශාන්ත ජෝන් විදුහල ලකුණු 22 - 20 ක තියුණු ජයක් ලැබීමෙන් පසු පේ‍්‍රක්‍ෂකයන් පිරිසක් ක‍්‍රීඩාංගණය තුළදී විනිසුරුට පහරදීමට ගත් උත්සාහය සංවිධාකයන් වලක්වා තිබේ. ඉන් පසුව එම පිරිස ශාන්ත ජෝන් විදුහල් ක‍්‍රීඩකයන්ට පහරදී ඇති අතර පසුව ක‍්‍රීඩාංගණය යුද පිටියක් බවට පත්වූ බව වාර්තා වේ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලලිත් ඇතුළත්මුදලි විදුහල ලකුණු 20 - 10 ක් ලෙස පෙරමුණේ පසුවිය. සභාපති කුසලාන අවසන් තරගය පස්වරු 4.15 ට පමණ අවසන් වුවද ගැටුම හේතුවෙන් දෙවැනි තරගය ලෙස මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර එම ක‍්‍රීඩාගංණයේදීම පැවැති ‘අගමැති’ කුසලාන අවසන් මහ තරගය ආරම්භ කිරීම විනාඩි 40 කින් පමණ ප‍්‍රමාද වී තිබේ. අයහපත් අලෝක තත්ත්වය නිසා එම තරගය පස්වරු 6.10 ට පමණ අත්හිටුවීමට සිදුවිය. අදුර හේතුවෙන් අත්හිටුවන විට තරගය විනාඩි 70 ක් පවත්වා තිබූ අතර ඒ වන විට වේල්ස් කුමර විදුහල ලකුණු 5 - 3 ක් ලෙස පෙරමුණේ පසුවිය. තරග නීති රීතිවලට අනුව වේල්ස් කුමර විදුහලට ජය පිරිනැමීමට පියවර ගත්බව මේ පිළිබඳව කළ විමසුමකදී පාසල් රග්බි සංගමයේ නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. එම තරගය සම්පූර්ණ කාලය නොපැවැත්වීම පිළිබඳව ආනන්ද විදුහල දැඩි විරෝධය පළ කළ අතර ඒ අවස්ථාවේදී ද දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇති වූ බව වාර්තාවේ. ආනන්ද විදුහල අනු ශූරතා කුසලාන ලබාගැනීම ප‍්‍රතික්ෂේප කරමින් පිටව ගිය බව ද වැඩි දුරටත් වාර්තාවේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනන්ද විදුහලට පරාජය බාර ගන්න බැරි නම් ඇයි තරගාවලියට ආවේ. (නි)
රග්බි ක්‍රීඩාවට සුද්දා කිවුවේත් 'මහත්වරුන් විසින් කරනු ලබන මැරයින්ගේ ක්‍රීඩාව' කියලයි. අපේ රටේ ක්‍රීඩාව තුළ තියා ඊට වඩා වැදගත් ක්ෂේත්‍ර වලවත් මහත්වරු හොයන්න අමාරු හන්දා මේ ක්‍රීඩාව මේ රටට ඔබින්නේ නැහැ. කීප දෙනෙකුට වැදගත්කමක් පෙනුනට මේවා වැඩි වැදගත්කමක් දී ප්‍රවර්ධනය කළ යුතු නැහැ. (නි)
කටුස්සට රත්තරන් ඇන්දුවම ඔහොම තමයි.(නදී)
අයියෝ සල්ලි
ගියපාරත් ඔහොම සිද්ධියක් වුණා නේද? (නි)
මොනවා වුණත් කරලා තියෙන්නේ කැත වැඩක්. (නි)
තරග විනිසුරුවෝ කරලා තියෙන්නේ කැත වැඩක්.(නදී)
මේ ක්‍රීඩා ඉස්සර නම් තිබුණේ ජය පරාජය බෙදාගෙන විනෝද වෙන්නයි (නි)
මේ ළමයි ජය පරාජය භාරගන්න දන්නෙ නැද්ද? (නි)
එයාලට එපා නම් තුන්වන තැන ගත් අයට අනුශූරතාවය දෙන්න (නි)
කොහොමත් පොඩි පාසැලක් ඔළුව උස්සනවට ලොකු පාසැල් කැමති නැහැ.(නදී)
බොහොම ලස්සනයි චූටි දරුවන් ටික... (නි)