IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාසල් රග්බි අවසන් තරගයෙන් පසු දෙපිරිසක් ගැටී යුද පිටියක් වෙයි

පාසල් රග්බි සංගමය සංවිධානය කළ මයිලෝ ‘සභාපති’ කුසලාන වයස 20 න් පහළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල අතර රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේදී ඊයේ (16 වැනිදා) පැවැති අවසන් මහ තරගයෙන් පසු දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවක් නිසා ක‍්‍රීඩාංගණය යුද පිටියක් වූ බව වාර්තා වේ. මෙම තරගයෙන් ශාන්ත ජෝන් විදුහල ලකුණු 22 - 20 ක තියුණු ජයක් ලැබීමෙන් පසු පේ‍්‍රක්‍ෂකයන් පිරිසක් ක‍්‍රීඩාංගණය තුළදී විනිසුරුට පහරදීමට ගත් උත්සාහය සංවිධාකයන් වලක්වා තිබේ. ඉන් පසුව එම පිරිස ශාන්ත ජෝන් විදුහල් ක‍්‍රීඩකයන්ට පහරදී ඇති අතර පසුව ක‍්‍රීඩාංගණය යුද පිටියක් බවට පත්වූ බව වාර්තා වේ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලලිත් ඇතුළත්මුදලි විදුහල ලකුණු 20 - 10 ක් ලෙස පෙරමුණේ පසුවිය. සභාපති කුසලාන අවසන් තරගය පස්වරු 4.15 ට පමණ අවසන් වුවද ගැටුම හේතුවෙන් දෙවැනි තරගය ලෙස මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර එම ක‍්‍රීඩාගංණයේදීම පැවැති ‘අගමැති’ කුසලාන අවසන් මහ තරගය ආරම්භ කිරීම විනාඩි 40 කින් පමණ ප‍්‍රමාද වී තිබේ. අයහපත් අලෝක තත්ත්වය නිසා එම තරගය පස්වරු 6.10 ට පමණ අත්හිටුවීමට සිදුවිය. අදුර හේතුවෙන් අත්හිටුවන විට තරගය විනාඩි 70 ක් පවත්වා තිබූ අතර ඒ වන විට වේල්ස් කුමර විදුහල ලකුණු 5 - 3 ක් ලෙස පෙරමුණේ පසුවිය. තරග නීති රීතිවලට අනුව වේල්ස් කුමර විදුහලට ජය පිරිනැමීමට පියවර ගත්බව මේ පිළිබඳව කළ විමසුමකදී පාසල් රග්බි සංගමයේ නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. එම තරගය සම්පූර්ණ කාලය නොපැවැත්වීම පිළිබඳව ආනන්ද විදුහල දැඩි විරෝධය පළ කළ අතර ඒ අවස්ථාවේදී ද දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇති වූ බව වාර්තාවේ. ආනන්ද විදුහල අනු ශූරතා කුසලාන ලබාගැනීම ප‍්‍රතික්ෂේප කරමින් පිටව ගිය බව ද වැඩි දුරටත් වාර්තාවේ.



අදහස් (0)

පාසල් රග්බි අවසන් තරගයෙන් පසු දෙපිරිසක් ගැටී යුද පිටියක් වෙයි

පද්මලාල් Thursday, 18 October 2012 01:36 PM

ආනන්ද විදුහලට පරාජය බාර ගන්න බැරි නම් ඇයි තරගාවලියට ආවේ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 18 October 2012 08:44 AM

රග්බි ක්‍රීඩාවට සුද්දා කිවුවේත් 'මහත්වරුන් විසින් කරනු ලබන මැරයින්ගේ ක්‍රීඩාව' කියලයි. අපේ රටේ ක්‍රීඩාව තුළ තියා ඊට වඩා වැදගත් ක්ෂේත්‍ර වලවත් මහත්වරු හොයන්න අමාරු හන්දා මේ ක්‍රීඩාව මේ රටට ඔබින්නේ නැහැ. කීප දෙනෙකුට වැදගත්කමක් පෙනුනට මේවා වැඩි වැදගත්කමක් දී ප්‍රවර්ධනය කළ යුතු නැහැ. (නි)

:       0       0

සංජීව Wednesday, 17 October 2012 04:43 PM

කටුස්සට රත්තරන් ඇන්දුවම ඔහොම තමයි.(නදී)

:       0       0

සම්පත් Thursday, 18 October 2012 09:08 AM

අයියෝ සල්ලි

:       0       0

වරුණ Wednesday, 17 October 2012 11:27 AM

ගියපාරත් ඔහොම සිද්ධියක් වුණා නේද? (නි)

:       0       0

සවීන් Wednesday, 17 October 2012 08:27 PM

මොනවා වුණත් කරලා තියෙන්නේ කැත වැඩක්. (නි)

:       0       0

සවීන් Wednesday, 17 October 2012 08:20 PM

තරග විනිසුරුවෝ කරලා තියෙන්නේ කැත වැඩක්.(නදී)

:       0       0

දයා, සෞදි Thursday, 18 October 2012 03:11 PM

මේ ක්‍රීඩා ඉස්සර නම් තිබුණේ ජය පරාජය බෙදාගෙන විනෝද වෙන්නයි (නි)

:       0       0

දර්ශන් Wednesday, 17 October 2012 01:19 PM

මේ ළමයි ජය පරාජය භාරගන්න දන්නෙ නැද්ද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 17 October 2012 02:13 PM

එයාලට එපා නම් තුන්වන තැන ගත් අයට අනුශූරතාවය දෙන්න (නි)

:       0       0

වරුණ Thursday, 18 October 2012 07:41 AM

කොහොමත් පොඩි පාසැලක් ඔළුව උස්සනවට ලොකු පාසැල් කැමති නැහැ.(නදී)

:       0       0

යොහාන් Wednesday, 17 October 2012 03:04 PM

බොහොම ලස්සනයි චූටි දරුවන් ටික... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site