මෙරට පාසල් පද්ධතිය ශක්තිමත් කිරිම සඳහා ස්වාධීන සුපරික්ෂණ මණ්ඩලයක් ඉදිරි මාස දෙක තුන තුළදී පිහිටු වන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එමගින් සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල ඉගැන්වීම් ක්‍රමවේදය සහ සම්පත් ආදිය මෙම මණ්ඩලය මගින් අධික්ෂණයට හා ඇගයීමට ලක් කෙරෙන බව කී ඇමැතිවරයා එම තොරතුරු ගුරුවරුන් ඇතුළු ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටම ලබාදීමට අපේක්ෂා කරන බවද කීවේය.
මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ අද (6) පැවති වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවයේදී ඇමතිවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාතේ මහා ඇමතියට (කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති ) ඕන විදිහට තමා ඉස්කෝල වලට විදුහල්පතිවරු පත් කරන්නේ තුට්ටු දෙකේ දේශපාලු මන්ත්‍රී තමා ඉස්කෝල වල අධ්‍යාපනය අධීක්ෂණය කරන්නේ.. උගත් මිනිස්සුන්ව පාලනය කරන්න දන්නේ අධ්‍යාපන සුදුසුකමක් නැති මැටි මෝල්ලු. (බ)
පාසල් පද්ධතියට නෙමෙයි මහා බැංකුවට මේක පත්කරන්න බැරිද? (බ)
එ්කනම් නියම වැඩක්.ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනත් මේ වගේ නියාමනයට ස්වාධීන අධිකාරියක් පිහිටුවොතින් ඒවා ප්‍රමිතියකට ලක් කළ හැකි.උසස් අධ්‍යාපන ආයතන වසාදැමීම වෙනුවට ඒවා නියාමනය කිරීමයි කළ යුත්තේ. (බ)
මම මේ හොයන්නේ "ස්වාධීන" කියන වචනයේ තේරුම මොකක්ද කියලයි
ස්වාධීනයි කියලා කියන්නේ හැමතැනම තියෙන දේශපාලකයින්ගෙන් 10යි පිටින් තුනයි ජාතියේ ඒවාටද දන්නෙ නැහැ නේද? ස්වාධීන කමිටු වල කෙරුවාව අපි අද අත්දකිමිනුයි ඉන්නෙ (නි)
සියලුම පෞද්ගලික පාසල් නියාමනය කරන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි (නි)
මෙම යෝජනාව කාලෝචිත නමුත් ප්‍රමාද වැඩියි (නි)