අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛයන්ට අනුව පාසල් ආපනශාලාවන්හි මේදය හා ලුණු අධික ආහාරපාන, දරුවන් සඳහා තවමත් අලෙවි වන්නේද යන්න සොයා බැලීමට කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
පාසල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියරයකු ආහාර පරීක්ෂක සහ මහජන සෞඛ්‍ය පරීඛ්ෂකවරුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් මගින් වැටලීම් කිරීමට නියමිත අතර කොළඹ නගරයේ ඇති පාසල් 153ක් මේ යටතේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.
පාසල් දරුවන් අතර දියවැඩියාව, ස්ථුලතාවය සහ හෘදයාබාධ වැනි බෝ නොවන රෝග ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙසට මෙම පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මන්දපෝෂණය නැත්තටම නැතිවෙලාද ?? එහෙම නැතිනම් අධි පෝෂිත සිසුන් කිහිප දෙනෙකු නිසා මන්ද පෝෂණයෙන් පෙලෙන බහුතරයකට පරළු පාන් ,දිය කිරි , කන්න බොන්න සිදු වෙලාද ??(ම)
සංවර්ධිත රටවල මට්ටමට ළඟා වෙලාද (බ)
ලංකාවේ හැම දෙයක්ම ටික දවසයි ඊට පස්සේ මුකුත්ම පරීක්ෂා කරන්නේ නැහැ. පාසල් ළමුන් ගෙනයන බස් රථවල තත්වය දැන් පරීක්ෂා කරන්නේ නැහැ. අනතුරක් වුනහම පරීක්ෂා කරනවා දවස් කීපයක් එපමණයි. කොළඹ මහජන පුස්තකාලයේ කැන්ටින් එක පරීක්ෂා කරලා නඩු දාල රුපියල් 10000 විතරක් දඩ ගහල කැන්ටිම කරගෙන යන්න ඉඩ ඇරියා . මේකයි ලංකාවේ තත්වේ (බ)
අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛයන්ට අනුව පාසල් ආපනශාලාවන්හි මේදය හා ලුණු අධික ආහාරපාන, දරුවන් සඳහා අලෙවි නොකළ යුතුයි. ඉතින් කොහොමද අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛයන්ට අනුව පාසල් ආපනශාලාවන්හි මේදය හා ලුණු අධික ආහාරපාන, දරුවන් සඳහා තවමත් අලෙවි වන්නේද කියා සොයා බලන්නේ? (බ)