(ඩයනා උදයංගනී සහ රන්ජන් කස්තුරි)
සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් ඉදිරි සති දෙක තුනක කාලයේදී පාසල් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවත් එහිදී පළමුව ළමුන් 200 ට අඩු පාසල්, පෙර පාසල් හා 6 වන ශ්‍රේණිය දක්වා වූ පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මෙරට ළමුන් 200ට අඩු පාසල් 5000 ක් පමණ ඇති බවද අමාත්‍යවරයා කීවේය.
එම පාසල් කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (15) පැවති සාකච්ඡාවකදීය.
පාසල් ආරම්භ කිරීම පිළිබඳව දින වකවානු තීරණය කිරීම හා ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීති රීති හා මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කිරීමටත් මෙහිදී තීරණය වූ බව ද ඇමතිවරයා පැවසීය.
මේ අතර මේ වන විට පාසල් ගුරුවරුන් , අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවත්, එයට අමතරව මේ වන විටත් එන්නත්කරණය කර නොමැති පාසල් ප්‍රවාහන සේවාවන්හි නිරත වන්නන් සියල්ලන්ම ඉතා කඩිනමින් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන්, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ද මේ සඳහා සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය එන්නත් ලබා ගත්තම ළමයින්ට නොහැදී තියෙයිද ? මොකද මේ කලබලය . දරුවන් ටික රැක ගැනීම ඉතා වටිනා දෙයක්. ඒ තමයි රටේ අනාගතය.
12ට අඩු ළමයින්ට එන්නත ගහන්නේ නැති නිසා 1සිට 5 පටන් ගැනීම හොඳයි. සිසුන් විශාල ලෙස මානසික ගැටළු වලට හිරවෙලා. පන්ති පටන් ගෙන විෂය උගන්වන එක නොවෙයි කළ යුත්තේ.. මානසික ගැටළු නිරාකරණය කරන්න වැඩ සටහන් පටන් ගන්න එක...
දරුවන්ගේ වගකීම් බිඳ වැටුනොත් දෙමව්පියන් ඔහෙට පන්න පන්න පහර දෙයි
කඩිනමින් නොවෙයි, ඉතා අරක්ෂාකාරීව පාසල් ආරම්භ කරන්න.කිලෝමීටර් 40,50 අපහුකරගෙන අම්බලන්ගොඩ පාසල් වලට ලමයි එනවා. බොහෝ විදුහල්පතිවරැ,අධ්‍යාපන බලධරයින් සහ දේශපාලකයින් ඒ දරැවන්ගෙ දෙමාපියන්ගෙන් හොද මුදලක් ගරා ගන්නවා.එනිසා ඉතා දුර බැහැර සිට එන ලමුන් ගමේ පාසල් ව්ලට යොමු කරන්න.අනතුරැ දායක බව හැකිතාක් අඩුකරන්න.පතිපත්තිමය තීරණයක් ගන්න.හරියාම නොදැන පොඩි දරැවන්ට එන්නත් දෙන්න යන්න එපා.ඒ නිසා වෙන වෙනත් ආරක්ෂක වැඩ පිළිවෙලවත් කියාත්මක කරන්න.
පාලනය නොකර ජනප්‍රිය තීන්දු නොගෙන අවසානයට පාසල් පටන් ගන්න එකයි හොඳම දේ .ඔන්ලයින් ක්‍රමයට තව කාලයක් යන්න පුළුවන්
අනේ ම්න්ද මෙයාල දරුවො යොදාගෙන මොකක්ද අමතු නැටුමක් නටන්න වගේ හදන්නෙ. 20 ට අඩු වයස්වල ලමයින්ට කොරෝනා හැදුනොත් ආපහු වහන්න හිතාගෙන වෙන්න ඇති ඉන්නෙ.