ෆේස්බුක් සමාජ ජාල වෙබ්අඩවිය මඟින් පිලිපීන ජාතික කාන්තාවකට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වැරැදිකරු වූ ශ්‍රී ලාංකිකයකුට එරෙහිව ඩුබායි අධිකරණය මාස තුනක සිර දඬුවම් පනවා ඇතැයි ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි මාර්ග කියයි. මෙලෙස සිරදඬුවම් නියමවූයේ ඩුබායිහි හෝටලයක විදුලි කාර්මිකයකුටය. සිරදඬුවමින් පසු ඔහු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලෙසට අධිකරණය ඩුබායි ආගමන විගමන නිලධාරීන්ට නියෝග කෙළේය. විසිහතර හැවිරිදි පිලිපීන ජාතික කාන්තාවකට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ මරණිය තර්ජන කළ බවට චෝදනා ලැබ ඉකුත් අපේ‍්‍රල් මාසයේදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී එම චෝදනාවට ලාංකිකයා වරදකරු වූයේය. අදාල නඩු විභාගයේදී ලාංකිකයා ප‍්‍රකාශ කළේ එම පිලිපීන කාන්තාව සමග තිබූ හිතවත්කම මත ඩිරාම් 1000ක් දුන් බවයි. නැවත එම මුදල් දීම මඟහරිමින් සිටි බවය. මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවද ලාංකිකයා අධිකරණය හමුවේ කියා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලිපීන අය ගැන අපි හොදට දන්නවා (නි)
මරණ තර්ජන කරන්න ඕනද .සල්ලි ඉල්ලුවානම් හරිනේ (ස)
නහයෙන් හුස්ම ගන්නවා කියන එකත් විශ්වාස නෑ වගේ (ස)
මමත් ඩුබායි හිටිය නිසයි දන්නේ. හුගක් ලංකාවේ අය පිලිපීනේ ගෑණු ළමයින්ට තමන්ගේ පඩිය වියදම් කරනවා. (නි)
පිලිපීනයේ කාන්තාවන් සොයා යන අයට හොද පාඩම් මේවා..!(නු)
අපේ සමහර අයට සුදු හමක් පේන්න බෑ (ස)
වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන්න (නි)
ඕවා නිකම් සාමාන්‍ය දේවල්.(නදී)
අපේ ඇත්තෝ කියන්නේ බොරු. හෝටල් වල වැඩකරන හුගක් අය පිලිපීන අය සමගයි වැඩිපුර ආශ්‍රය කරන්නේ. (නි)
නොදන්න රට වලට ගිහින් අනවශ්‍ය දේවල් පටලවා ගන්නවට මේවා හොද පාඩම්. (නි)
ලාංකික හිතවතුනි, නොදන්න රටක, නොදන්න හිතවතුන් සමග සම්බන්ධකම් පවත්වද්දී ටිකක් ප්‍රවේශම් වෙන්න බලන්න. (නි)
ලෝකය පුරාම ඔයවගේ තමයි (නි)
ඒ හෝටලෙනුත් කාලා මේ හෝටලෙනුත් කන්න උනා නේද? හොදයි කාලා එන්නකෝ..!(නු)
අනේ මෙහෙම මෝඩ මිනිස්සු..!(නු)
අයියෝ! මෙහෙමත් අවුල්? (නි)
අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ලෝකයෙ අනෙක් රටවලත් නීතිය අපේ රට හා සමානයි කියලා. (නි)
සැබෑ ආදරය ඇත්තේ ඔවුන් ළගය. දන්නෝ දනිති. (නි)
ෆේස් ටු ෆේස් (නි)
සිරිනිමල් අර කවුද කිවුවලු මිදි තිත්තයි, කවුද ඕවා කන්නෙ කියලා. (නි)
මමත් ඉන්නේ මෙහේ (නි)
අපේ ලංකාවෙ අය ගිය තැන කනවා .ඉන්න දන්නෙ නැහැ, කොහේ ගියත්. (නි)
වරද කරලා තියෙන්නේ අපේ හරකානේ . එක නීතියෙනුත් තීන්දු කරලා ඉවරයි. මොන එහකටද පිලිපීන් ගෑනුන්ට බනින්නේ. පිලිපීන ගැනු විතරක් නොවී අපෙ ගැනුත් ඔහොම තමයි. පිට රටවලදී හරි ඉක්මනට වරදේ බැදෙනවා ඉක්මන් සල්ලී හොයන්න (ස)
ලංකාවේ විදියට දිවුරුම් පෙත්සමක් දීලා බේරෙන්න. (නි)
මොකක්ද දැන් සිද්ධ වෙලා තියෙන්නේ? (නි)
ඇත්තටම ලංකාවේ හුගක් මිනිස්සු පරිඝනකයක් අල්ලන්න ඉගෙනගන්නෙත් ෆේස්බුක් නිසා (නි)
මෝඩ මිනිසුන් විසින් ලංකාවේ නම කා දමනවා. (නි)
මම දන්නා තරමින් පිලිපීන කාන්තාවන් හරිම වංචාසහගතයි. එනිසා දඩුවම් දිය යුතුයි. (නි)
පිලිපීන කාන්තාවන් බොහෝ දෙනෙක් අන්තිමයි. කතා කරලා වැඩක් නැහැ. (නි)
පිලිපීන කාන්තාවන්ට මුදල් ලැබෙනවා නම් ඕනෑම දෙයක් කරයි. (නි)
පුළුවන් තරම් ලංකාවේ නම කැත කරපල්ලා (නි)