‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මන්ත‍්‍රීවරුන් අතරින් දෙවන පෙළ හා තෙවන පෙළ නියෝජනය කරන විශාල කණ්ඩායමක් ඉදිරි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා අත්වැල් බැඳගනිමින් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඉදිරියට යාමට සූදානමින් සිටිනවා’ යැයි ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ නිසා ඉදිරි කාලයේදී විශාල පරිවර්තනයක් වන බව ද ශාන්ත බණ්ඩාර මහතා කියයි.
පළාත් පාලන මැතිවරණය පැරණි ක‍්‍රමයටම පැවැත්විය යුතු බව ඇතැමුන් දැන් ප‍්‍රකාශ කළත් එදා පාර්ලිමේන්තුවේ සිටි සියලූ දෙනා අත උස්සා නව ක‍්‍රමයකට එකඟ වූ බව කී සභාපතිවරයා ඇතුලේ එක් දෙයකුත් එළියට පැමිණ තවත් දෙයකුත් පැවසීම අනුමත කළ නොහැකි බව ද ප‍්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd