තිලකරත්න දිසානායක
පසුගිය කාලයේ ගම්පහ ප්‍රදේශයේ සිදුවු අපරාධ කිහිපයකට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පස් පොඩ්ඩා නමැත්තා ගිනි අවි තුනක් සමග ගම්පහ පොලීසිය මගින් අත් අඩංගූවට ගෙන ඇත.
ගම්පහ පොලීසිය අද (3) සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී උඩුගම්පොළ නැදගමුව ප්‍රදේශයෙහි නිවාස පහක් පරීක්ෂාවට ලක් කොට ඇති අතර මෙහිදී පස් පොඩ්ඩා නමැත්තාගේ නිවසෙහි සඟවා තිබී ටී - 56 ගිනි අවියක් සමග ඊට යොදන ජීව උණ්ඩ 58 ක් සහ පතරොම් ගැබක්ද, අමෙරිකාවේ නිශ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝලයක් සමග ඊට යොදන උණ්ඩ 8 ක් සහ පතරොම් ගැබක්ද, මිලි මීටර් 3 දශම 8 ප්‍රමාණයේ රිවෝල්වරයක් සමග ඊට යොදන උණ්ඩ තුනක්ද පොලීසිය සොයා ගෙන තිබේ.
41 හැවිරිදි පස් පොඩ්ඩා නමැත්තා සමග එම නිවසෙහි සිටි බව කියන උඩුගම්පොල සහ නැදගමුව ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 29 සහ අවුරුදු 31 වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකුද පොලිසිය අත් අඩංගූවට ගෙන ඇත.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුසසැල්ල මහතාගේ උපදෙස් මත පොලිස් නිල සුනඛයින්ගේද සහාය ඇතිව ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ අද සිදු කොට ඇති මෙම විශේෂ මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 44 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූ බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.