තිලකරත්න දිසානායක
පසුගිය කාලයේ ගම්පහ ප්‍රදේශයේ සිදුවු අපරාධ කිහිපයකට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පස් පොඩ්ඩා නමැත්තා ගිනි අවි තුනක් සමග ගම්පහ පොලීසිය මගින් අත් අඩංගූවට ගෙන ඇත.
ගම්පහ පොලීසිය අද (3) සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී උඩුගම්පොළ නැදගමුව ප්‍රදේශයෙහි නිවාස පහක් පරීක්ෂාවට ලක් කොට ඇති අතර මෙහිදී පස් පොඩ්ඩා නමැත්තාගේ නිවසෙහි සඟවා තිබී ටී - 56 ගිනි අවියක් සමග ඊට යොදන ජීව උණ්ඩ 58 ක් සහ පතරොම් ගැබක්ද, අමෙරිකාවේ නිශ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝලයක් සමග ඊට යොදන උණ්ඩ 8 ක් සහ පතරොම් ගැබක්ද, මිලි මීටර් 3 දශම 8 ප්‍රමාණයේ රිවෝල්වරයක් සමග ඊට යොදන උණ්ඩ තුනක්ද පොලීසිය සොයා ගෙන තිබේ.
41 හැවිරිදි පස් පොඩ්ඩා නමැත්තා සමග එම නිවසෙහි සිටි බව කියන උඩුගම්පොල සහ නැදගමුව ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 29 සහ අවුරුදු 31 වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකුද පොලිසිය අත් අඩංගූවට ගෙන ඇත.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුසසැල්ල මහතාගේ උපදෙස් මත පොලිස් නිල සුනඛයින්ගේද සහාය ඇතිව ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ අද සිදු කොට ඇති මෙම විශේෂ මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 44 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සගවා තිබෙන තවත් ආයුධ පෙන්නන්න එක්ක යන්න තියෙන්නේ. නඩු අහ අහ කාලය සහ ධනය වියදම් නොකර.
මෙවැනි සමාජයට පිළිලයක් වන අපරාධකරුවන් අල්ලාගෙන යාම සඳහා සුදු වෑන් තිබුණාට කමක් නැහැ.
කිසිම ගේමක් නැතිව ගම්පහ පොලීසිය පාතාලයෙක්ව අත්අඩංගුවට ගත්තා කිව්වාම මට පොඩි සැකයක් ඇතිවෙනවා. එස්.ටී.එෆ්.එකෙන් දැන් පාතාලයෝ දඩයම් කරන නිසා යහළු පොලිස් නිලධාරින් එක්ක හොරා පොලිස් සෙල්ලමක් දැම්මද දන්නේ නැහැ... මොකද බොහෝ පාතාල කල්ලි තමන්ට අයිති පොලිස් කොට්ඨාශයේ තියෙන පොලිසිවල නිලධාරින් එක්ක කිට්ටු සබඳකම් පවත්වන බව රටම දන්නා කරුණක්...
කොහොමද අපේ අලුත් ඇමති, අගමැතිතුමාගේ වැඩ? මහින්දටත්, ඒ කාලේ බැරි වුණු දේවලුත් කරනවා.
මගේත් ගම උඩුගම්පළ... මේ කව්ද? අර කඳ මහත දේශපාලකයා තමයි මෙයාලව පෝෂණය කළේ...
මේගොල්ලන්ව ආයුධ පෙන්වන්න අරන් ගියාට කමක් නැහැ
අපරාධකරුවන්ට දඬුවම් දෙන්නේ උසාවිය. පොලිසිය නොවෙයි.
මොහුව නිදහස් කරගැනීමට උඩුගම්පල රජයට සම්බන්ධ මන්ත්‍රී කෙනෙක් දත කනවා කියල ආරංචි. සති පොළකට මැරයන් සමග පහරදුන්නෙත් මොවුන් දෙදෙනායි
චන්දන උඩුගම්පොල වුණාට ලඟදී ගමේ ගිහින් නෑ වගේ. පොඩ්ඩා ඉන්නේ කෙට්ටු උස ආණ්ඩුවට සම්බන්ධ නිල් පාටියේ ආසන සංවිධායක එක්ක...