පොසොන් පොහොය නිමිත්තෙන් කරුවලගස්වැව - තබ්බෝව මීසමේ ජේසු බිළිඳු දහම් පාසලේ දරු දැරියන් පිරිසක් නිර්මාණය කළ බුදු හිමියන්ගේ තෙමගුල සිහිපත් කෙරෙන පහන්කූඩු එකතුවක් කරුවලගස්වැව කතෝලික දේවස්ථානය ඉදිරිපිට ප්‍රදර්ශනය කෙරිණි.
කරුවලගස්වැව මීසම් සේවක සමන් කිත්සිරි පෙරේරා, මීසම් සහායක දිනේෂ් කීර්ති පියතුමන්ලාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ දහම් පාසැල් දරු දැරියන් හා ඔවුන් දෙමාපියන් එක්ව මෙම නිර්මාණ කර ඇත.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හැමෝම අගය කළ යුතු වැඩක් මෙය. පල්ලියේ සහ පන්සලේ බැඳීම් තහවුරු කළ යුතු අවදියක. මේ සිත් පහළ වූ සැමට පින් (බ)
මගේ පුංචි දුලා පුතාලා මේ කරපු වැඩේ ගැන මට ගොඩක් ආඩම්බරයි. ඕගොල්ලන්ගේ හදවත් කොතරම් පිරිසිදුද. එහෙත් මට දුක සිදුහත් කුමරු ඉපදුනේ පොසොන් පොහොය දාක වැනි හැඟීමක් දෙන විදියට මේක නිමා කරන්න නොදන්නා පුංචි අයට උපදෙස් දුන් අපේ වැඩිහිටියො ගැන. බුදුහාමුදුරුවන්ගේ තිබෙන්නේ කරුණාභරිත ඉතාමත් සෞම්‍යය මුහුණක්. (නි)
මෙකී ආගමික සහජීවනය කියන්නේ ඇත්තටම හොඳ වැඩක්. හැමෝටම හොද ආදර්ශයක් (නි)
මට මතක් වෙනවා පල්ලියේ පියතුමා, ගරු මර්සලින් ජයකොඩි පියතුමා (නි)