(රංජිත් රාජපක්‍ෂ )
හැටන් එම්.ආර් නගරයේ අනවසරයෙන් ඉදිකරමින් පවතින පස්මහල් ගොඩනැගිල්ලකින් පහළට වැටි එම ගොඩනැගිල්ලේ සේවය කරමින් සිටි පෙදරේරුවකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බව හැටන් පොලිසිය පවසයි.
අද (23) උදැසන 10.00 ට පමණ එම ගොඩනැගිල්ලේ පස් වැනි මහලෙන් පහළට වැටුණු ඔහු එම ගොඩනැගිල්ල අසලින් ඇද තිබෙන අධීබලැති තෙකලා විදුලි රැහැනක ගැටි පහළ තිබු නිවසක වහල මතට වැටි ඇතැයි පොලිසිය කියයි.මින් පහළ තිබු නිවසේ වලටද සුළු අලාභහානි සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් එස්.පි‍්‍රයදර්ශනි මහත්මියගෙන් කළ විමසීමකදී පැවසුවේ කිසිදු අවසරයකින් තොරව ඉදිකරන මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු නතර කරන ලෙස එම ගොඩනැගිල්ලේ අයිතිකරුට ලිඛිතව දැනුම් දි ඇති බවයි.
ඔහුට එරෙහිව නෛතික පියවර ගැනිමට නගර සභාව මගින් කටයුතු කරමින් සිටින බවද හැටන් ලේකම්වරිය වැඩි දුරටත් පැවසුවාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්මහල් අනවසර ඉදිකිරීමක්? මේ මොන විහිලුවක්ද, ඇයි මේක අනවසර ඉදිකිරිමක්නම් ඉවත් කරන්නේ නැත්තේ?
මේවා තම ලංකාවේ විහිලු. පස්මහල් ගොඩනැගිල්ලක් හදනවා තහනම් නියෝග දීල තියෙද්දිත්, අන්ධ බූත ජාතකේ වගේ...
"අනවසරයෙන් ඉදිකළා කියන මේ පස් මහල් ගොඩනැගිල්ල" එක රැයකින්ද පොළොවෙන් උඩට මතු වුනේ ? මේකට හැටන් එම්.ආර් නගර සභාවේ යටිකූට්ටු අන්දමින් සහභාගීවී සිටින අය සිටිනවාද ? අනවසරයෙන් ගොඩනැගිල්ලක් ඉදිකරන්නේ, එය නියම ප්රමිතීන්ට අනුව නොහදන නිසා බව ළදරුවෙක් උනත් දන්නා කාරණයක් නිසා, මතුවට ඇති විය හැකි මීට වඩා භයානක අනතුරු සිදුවීමට පෙර කඩා ඉවත්කිරීම නගර සභාවේ වගකීමක් නොවේද ????