ෆේස් බුක් සමාජ වෙබ් අඩවියට අනවසරයෙන් ඡායාරූප ඇතුළත් කෙළේ යැයි කියන සිද්ධියක් මුල්කරගෙන බම්බලපිටය ජාත්‍යාන්තර පාසලක අපොස උසස් පෙළ සිසුන් දෙදෙනකු අතර පාසලේ දී ඇති වූ ගුටිබැට හුවමාරුවකින් සිසුවකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ගහගත්තෙ නෑ ..,මාක් සකර්බර්ග් ඇවිල්ලා අපිට ගැහුවා...(නු)
කලකදී මිතුරු කලකදී සතුරු වෙනවාලු කලකදී රස කලකදී වස වෙනවාලු... (නි)
විදුහල්පතිට ගහලා නැද්ද? (නි)
ෆේස් බුක් භාවිතයෙන් හොද මිතුරන් ඇසුරු කිරීම පමණක් නොව සමාඡ දැනුමද වර්ධනය කරගැනීමට ඉවහල් වෙයි. ෆේස් බුක් තහනම මෝඩ වැඩකි. උදා-පිහියක් ගේදොර වැඩ සදහා උපයෝගි කරගත හැක. ඒ වගේම මිනිසකු ඝාතනයද කළ හැක. පිහිය භාවිතා කිරිම තහනම් කළ හැකිද ? එය මෝඩ වැඩකි. (නි)
වරද ෆේස් බුක් එකේ නෙමෙයි , කොල්ලන් නැහැදිච්චකමේ ?(ස)
මේ ළමයින්ට මොනවා වෙලාද? (නි)
අනාගත මන්ත්‍රීතුමන්ලාද ?(ස)
ෆේස්බුක් හොදයි පිස්සන්ට. (නි)
කවුරු කිවුවත් ෆේස්බුක් තහනම් කරනවා නම් බොරු. අපි කළ යුත්තේ ඒක නිවැරදි දේට පමණක් භාවිතා කිරීමයි. නැතුව අහක යන කුණු ගොඩවල් දාගන්නේ මොකටද? (නි)
( http://sg.news.yahoo.com/blogs/what-is-buzzing/amy-cheong-vacant-job-posted-career-094026501.html ) මේක බලා තීරණය කරන්න ෆේස් බුක් ගැන දියුණු රටවල් ක්‍රියා කරන හැටි . මේ ගැන ලිපියක් පල කරනවානම් හොඳයි (ස)
මුහුණු පොත නැති කරන්න ඕනේ ලෝකෙන් (දී)
හැමදේකටම හික්මීම තියෙන්න ඕනි, ඔලුවක් තිබ්බට වැඩක් නෑ මොලයකුත් තියෙන්න ඕනි (ස)
ජගත් හරි . ෆේස් බුක් එකේ හොඳ නරක දෙකම තියෙනවා .ඒත් ෆේස් බුක් තහනම් කිරීම විහිළුවක් (ස)
හැම කෙනෙක්ම වැදගත් අදහසක් ඉදිරිපත් කරත්දී හර්ෂණ තමන්ගේ මොලේ අමාරුවක් පෙන්වලා (ස)
වරුණ ෆේස් බුක් වහන්න කලින් එහෙනම් ලංකාවේ අරක්කු විකුණන බාර් වහන්න ඕනි.ලංකාවේ ඕන තරම් ගුටි ගහ ගහගන්න ඒවා තියනවා බීමත්කම හින්ද.ගොන්නු දෙන්නෙක් තුන්දෙනෙක් ඇන ගත්තට ඔක්කොම ගොන්නු මරනවද. ෆේස් බුක් වැහුවම එකද උත්තරේ.(ස)
පිහිය තියෙන්නේ ප්‍රයෝජනයකට ගන්න මිසක් මිනී මරන්න නෙවෙයි.(ස)
ඉන්ද්‍රජිත්, පනින රිලවුන්ට ඉණිමං බදින්න එපා.(ස)
වරද ෆේස් බුක් නෙමෙයි.. (ස)
ෆේස් බුක් කියන්නේ මහා මොහකටවත් නැති දෙයක් (දී)
ඔක්කොටම ඉස්සෙල්ලා ඡන්දේ නවත්වන්න වේවි .ඡන්දේ කාලෙටනේ වැඩි හරියක් මරා ගන්නේ (ස)
නිලානි, ඉනිමන් බැන්දත් නොබැන්දත් පනින රිලවු පනිනවාමයි. කොල්ලෝ කියන්නේ මොන කාලේ මොන රටේ ජීවත් වුනත් කොල්ලොමයි. මේකට නොවේ නම් වෙන දේකට හරි ගහගන්නවා, ආයේ ෆිට් වෙනවා. ඒක සොබාදහමෙන් පිරිමි මානවයින්ට කරන ඇනවුමක්. ඔයාලා පුදුම ලෝකවල නේ ජීවත්වෙන්න හදන්නේ. (ස)
අයියෝ මොනවද මේ? (දී)
මුහුණු නැතිකරන්න ඕනේ
අපෝ තුල්සි අපි එහෙම දැනගෙන හිටියෙ නැහැනෙ.(ස)
කළකම් පලදේ
වර්තමානයේ ළමුන් පාසල් යන්නේ අධ්‍යාපනය ලැබීමට නොවේද.(ස)
ෆේස් බුක් කියන්නේ ඒඩ්ස් වගේ සමජ රෝගයක් (ස)
පිස්සෝ (ස)
මමනම් කියන්නේ ලංකාව තුල ෆේස්බුක් තහනම් කල යුතුයි .මොකද රටේ ඇතිවෙන බොහෝ අපරාධ වලට හේතුව මේක තමයි, විශේෂයෙන් බාල අපරාධ (ස)
පේස් බුක් කියලා මේකට ඉතින් අපිට එකග වෙන්න පුළුවන්ද? (නි)
නිලානි දම්මිකා ගුණරත්න, පාසල් යන කාලේ කොල්ලෝ ගහගත්තේ අධ්‍යාපනික ගැටළු වලටද? අපි යන කාලේ නම් ගහගත්ත තරමක් ගහගත්තේ මොනවාහරි මේ වගේ දේවල් වලට තමා. ඒ කාලේ (77-89) ෆේස්බුක් නැති වුනාට අපෙත් ඔය පොඩි පොඩි ලටපට තිබුනනේ... ෆේස්බුක් වලට අපටත් බය වෙන්න කියලා පහුගිය දාක කවුදෝ ලොකු තැනක් කියනවා ඇහුනා. හසිතට ඒක ඇහිලා වෙන්න ඇති ගිරවෙක් වගේ ඔහොම කියන්නේ . මහත්තයෝ මිනිස්සු එකාට එකෙක් මුණගැසී අදහස් හුවමාරු කරගැනීම භයානක දෙයක් නම් පන්සලේ සති පිරිතත් සල්පිලත් ඉරිදා පොලත් නාන තොටුපලත් ඒ වගේ භයානකයි. (ස)
වැරදියට භාවිතා කලාම ඔහොම තමයි
ෆේස් බුක් තහනම විහිළුවක් ...!!! එහෙමගියොත් ආයෙම වැද්දෝ වගේ අපිට. අදහස් .ඊතලවල අමුණලා යවන්නවෙවී . කලයුත්තේ සදාචාරමත් පුරවැසියන් බිහිකරන ..දේසපාලන නියායක් සහ මානසිකත්වයක් ස්ථාපිත කිරීම නේද ??? (ස)
ඉන්ද්‍රජිත් ඔයා නාන තොටුපලවල විස්තර දන්නේ ඔයා කළුකුමාරයාද . නැත්නම් එබිකම් කරන කෙනෙක්ද ?(ස)
මුහුණු පොත නවත්තමු
මාර අපරාධයක්නේ (ස)
දැරිවියෙක්ගේ පින්තූරෙකට ගහගන්න ඇත්තේ (ස)
දැක්කානේ පල විපාක (දී)
ෆේස්බුක් කියන්නේ එඩ්ස් වගේ වසංගතයක් තමයි (ස)
සුළු දෙයක් නේ . ගණන් ගන්න එපා , ගුවන්යානා කඩන්වැටුනා කියලා ගුවන් ගමන් නවත්වන්නේ නෑනේ , සෙල්ලම් වයසට ඔහොම තමයි (ස)
මම හිතුවේ ඉන්ද්‍රජිත් කියන්නේ කොල්ලෙක් කියලා. බැලින්නම් අති පණ්ඩිත වයසක කෙනෙක්නේ. (නි)
කැස්සට තියෙන බේත වෙරි වෙන්න බීලා මෝඩයන් කීප දෙනෙක් මැරුණා කියලා ඒ බේත තහනම් කළා. ඒකෙන් ප්‍රයෝජනයක් ගත්ත මිනිස්සුන්ටයි ප්‍රශ්න ඇතිවෙන්නේ. ඒ වගේම ෆේස් බුක් නිසා පිස්සු නටන අය ඇති තරම් ඇති. (සමහරු මුණු පොතට එන්නෙම කෙල්ලක් එක්ක චැට් කරන්න හිතාගෙන) ඒත් තමන්ගේ ව්‍යාපාරයක් ප්‍රචාරය කරගන්න, යාළුවෝ, නෑදෑයෝ එක්ක ලේසියෙන් හමුවෙන්න ෆේස් බුක් එකම මහා වටිනා තැනක්. හැම දේම තහනම් කරලා හරියන්නේ නැහැ. ඒවාට ක්‍රම/මොළ හදන්න ඕනෑ. (නි)
දැන්ම චන්ඩිකම් පෙන්වනවා වගේ (ස)
දෙමාපියන් තමයි වගකියන්න ඕනි (ස)
ධම්මපදය වගේ වටින පොතක අයිතිය මුල් කරගෙන ළමුන් දෙන්නෙක් දහම් පාසලකදී දබර උනොත් ධම්මපදය සහ දහම් පාසැල තහනම් කරනවා ද?(ස)
අන්තර්ජාලය සහ ෆේස්බුක් හොදයි. පාවිච්චි කරන අය එය හරියට පාවිච්චි කරන්න දැනගන්න ඕනෑ. (නි)
ජගත් හරි. ඒකේ හොද නරක දෙකම තියෙනවා. හැබැයි ඒක තහනම් කිරීම විහිලුවක්. (නි)