( ටී.කේ.ජී.කපිල )

ගම්පහ ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුව සිටි ’’ පස් පොඩ්ඩා ’’ නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවරට පළා ගොස් සිටි වෙඩික්කරු  අද(10)  පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

මොහු මීගමුව , කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇටැම්පොළ ආරච්චිලාගේ අවිෂ්ක මධුසංඛ නැමැති අයෙකි .

මොහු ගම්පහ " පස් පොඩ්ඩා " ට ඉකුත් 2022 ජූලි මස වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව , එසැනින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර බලා පළා ගොස් තිබුණි .

අද යළි පැමිණෙමින් සිටි මෙම වෙඩික්කරු වෙත ගුවන් ගමන් තහනමක් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ අතර , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හදුනා ගෙන , අත් අඩංගුවට ගෙන  , පසුව කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .