දඹුල්ල ඇල්වෙහෙර මිනීමරු හංදියේදී ත්‍රීරෝද රියක් පස් ගොඩකද, අයිස් පටවාගත් ලොරියක ද ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් තවත් අයකු බරපතල තුවාල ලැබූ බව පොලීසිය කියයි.
පාර දෙපසෙහිම පස් ගොඩවල් ගසා ඇත.
අද අලුයම 3.00 පමණ ත්‍රීරෝද රිය පස් ගොඩේ හැපී පෙරළෙද්දීම පිටුපසින් ආ ලොරිය ගැටී ඇත.
මියගිය දෙන්නා සමීප නෑයන් (35 සහ 54) බව පොලීසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර හැමතැනම පස් ගොඩවල් ගොඩ ගහපුවම ඔහොම තමයි. පව් අහිංසක ජිවිත දෙකක් . (ස)
මම දන්නා විදිහට නම් පාරක පස් හෝ ගල් හෝ වෙනත් පාර වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ගොඩ ගැසීමේදී ගතයුතු ආරක්ෂක පියවරක් ඇත. එම පියවරවල් ගෙන නැද්ද. එසේ නම් අදාල අයට විරුද්දව අනතුරුදායක ලෙස පර අවහිර කිරෙමට පිළිබඳ පියවර ගන්නවාද ? (ස)
මේ අවුරුද්ද මගියන්ට අසුබ අවුරුද්දක් කියලයි මටනම් හිතෙන්නේ. (ස)
යම් රියදුරෙක් නිශ්චල වස්තුවක ගැටී අනතුරක් කරගන්නවා නම් බොහෝ දුරට එතැන වරද රියදුරාගේ. මොකද රියැදුරු අනතුර වළක්වා ගැනීමට උත්සහ කර නැත.රියැදුරන් තමාගේත් අන් අයගෙත් ජීවිත ගැන වරක් නොව සියවරක් සිතා රිය පදවනවා නම් මෙවැනි අනතුරු නොවේ (නි)
මේ අවුරුද්දේ රිය අනතුරු වැඩියි කියලයි මම කියන්නේ (නි)
පස් ගොඩේ තමයි වැරැද්ද. (නි)
සම්පත්, හැම අනතුරක්ම පස්ගොඩවල්වල වෙනවා කියලා කතා කරන්න එපා. ගොඩක් අනතුරු වෙන්නේ ජංගම දුරකතන නිසා. ගමන් කරන අපටම බය හිතෙනවා.(නදී)