(නිශාන්ත කුමාර )
බදුල්ල හාලිඇල, බෝගහමඩිත්ත ප්‍රදේශයේ නිවසක් අසල වූ බැම්මක් අවහිරවන ලෙස වැටී තිබූ පස් කන්දක් ඉවත් කරමින් සිටි පුද්ගලයෙකු අද (26) උදෑසන එම පස් කන්දට යටවී තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.
ප්‍රදේශවාසීන්, පොලීසිය, ගිණී නිවීම් ඒකකය, බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරීන් ඇතුලු කාර්යය මණ්ඩලය පැයක පමණ මෙහෙයුමකින් අනතුරුව , ඔහු නිරුප්පද්‍රිතව මුදවාගෙන බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මෙම පුද්ගලයා ඇතුළු පිරිසක් අද (26) පෙරවරුවේ ප්‍රදේශයේ නිවසක් අසල තිබූ පැති බැම්මක් අවහිර වන ලෙස කඩා වැටී තිබූ පස් කන්දක් ඉවත් කොට එය පිළීසකර කිරීමට යෑමේදී මෙම අනතුරට ලක්ව ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පස් කන්දට යට වූ අයෙක් පැයක මෙහෙයුමකින් පසු රෝහලට
Hafiz Monday, 26 May 2025 02:08 PM
පළමුව ආරක්ෂාව, කොච්චරනං ජීවිත නිරපරාදේ මෙහෙම නැති වෙනවද. අවදානම ගැන සලකන්නේ අනතුරු අවම වෙන විදිහට දෙයක් කරන්නෙ කීයෙන් කීදෙනෙක්ද. ඉක්මන් සුව..