අරණායක ගැබිනි මව්වරුන්ට ලබා දුන් පෝෂණ මල්ලේ නරක් වූ බිත්තර තිබූ බව ප්‍රදේශවාසීහු කියති.
අරණායක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ගැමුණු වික්‍රමසිංහ මහතා කීවේ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නැති බවයි. පැමිණිලි ලදහොත් විමර්ශනයක් පවත්වන බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේණුකා, ඔය කාගේ කාගේ මලුත් පිටින් බැලුවහම ලොකුවට පෙනුනාට ඔබලා බැලුවොත් ඔක්කොම කුණු බිත්තර තමයි. ඔබ කියන විදිහට බලාගෙන ගියාම දැන් ඉන්න අය ජේ ආර් ගේ අහලකින්වත් තියන්න බැහැනේ. (නි)
මුන් කිව්වේ සල්ලි දෙනවා කියල නේද බඩු දෙන කතාවක් කිව්වද ? දැන් කොහේ හරි පරණ වෙච්ච බඩු බෙදනවා (ම)
අහක දමන බදු වලට හොද විසදුමක්...යහ පාලනය. (බ)
කුණු බිත්තර කියලා පිටතින් බැලුවට කියන්න පුලුවන්ද? හෙදර ගෙනවිත් කඩලා බලලාම තමයි හොඳ නරක හොයාගන්න හැකිවෙන්නේ. (නි)
පෝෂණ මල්ල දුන්නේ නැතත් කමක් නැ වස විස දෙන්න එපා අම්මලාට. පැමිණිලි කලොත් ආය සායනයට ගියාම එයාලාට කුඩම්මාගේ සැලකිලි තමා (ම)
යහපාලනෙත් හරියට කුණු බිත්තරයක් වගෙයි.ඒ වුණාට කතාව කොහොමද?පෝෂණ මල්ල නැතත් කමක් නැ (ම)
පිරිච්ච ලොකු මල්ලක් බව පෙන්නන්න කුණු බිත්තර ඔබනවා.හරියට ජේ .ආර් .ගේ ඇට අට වාගේ. (ස)
රේණුක, ඔබේ දැනුම ප්‍රදර්ශනය කරන්න එපා. මුලින් පටන්ගන්නකොට ඕනෑම දෙයක අඩුපාඩු තිබෙනවා (නි)
පෝෂණ මල්ල හදන මිනිසුන්ට විරුද්ධව නඩු දාන වටිනවා. රජයට මල්ල..මල්ල බල- බල කරන්න කොහොමද. යහපාලනය විනාශ කරන්න හදන ගේමක් වෙන්න පුළුවන් (ම)
කමල්,ඒකේ අඩුපාඩු හැරෙන්න වෙන මොකුත් නැහැ (නි)
වරක් දෙවරක් අඩුපාඩු වෙද්දී එය මාධ්‍ය මගින් පුන පුනා ප්‍රසිද්ධ කරද්දීත් නැවත නැවතත් ඒදේම වෙනවා නම් මේ ගැන හොයලා බලන්න. (නි)
අරනායක සෞඛ්‍ය සේවාව අන්තිමේ. පැමිණිලි කලාට වැඩක් නෑ.(හේ)
රේණුකා, කොහොමද ඉස්සර දුන් පෝෂණ මල්ල මතකද? (නි)
මොන ආණ්ඩුවෙන් කලත් හොද දේට හොදයි කියන්න ඕන. අඩුපාඩු තිබුනත් මේ ක්‍රියාව වැදගත්. මේකේ වටිනා කම තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ලැබූ මහජනයාගේ විශ්වාසය දිනු රජයකින් දුන් පොරොන්දු ඉටු කිරීම. අපි මහින්ද මහත්තයාගේ රජයක් යටතේ පෝෂණ මල්ල අඩු පාඩු රහිතව දෙන්න උත්සහ ගන්නම්කො. එතකන් ඔය අඩු පාඩු පොඩ්ඩක් විද දරා ගන්න. (ර)