IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පුවත්පත් විශිෂ්ටයෝ සම්මාන දිනති

ජනමාධ්‍යවේදීන්ගේ දක්ෂතා ඇගැයීමේ අරමුණින් ”ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කැරුණු 2011 පුවත්පත් විශිෂ්ටතා සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ගල්කිස්ස මහ හෝටලයේදී ඊයේ (31) රාත‍්‍රි පැවැත්විණ. ඉන්දියා ”හිමාල්” සඟරාවේ ප‍්‍රකාශක හා ප‍්‍රධාන කර්තෘ කනක් ඩික්සිත් ප‍්‍රධාන ආරාධිතයාය. කන්දයියා නිත්‍යානාදන්, සිබිල් වෙත්තසිංහ, සුසිල් මාධව පේ‍්‍රමතිලක සහ කීර්ති විජේසේකර යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු ද ඡායාරූප ශිල්පී එස් විත‍්‍රානන්ද ද මෙහිදී රන් තිළිණ සම්මානයෙන් පිදුම් ලැබූහ. ඒ අනුව වසරේ හොඳම තරුණ මාධ්‍යවේදිනිය ලෙස ඬේලි මිරර් පුවත්පතෙහි ඩියෑන් ද සිල්වා, වසරේ හොඳම කාටුන් ශිල්පියා ලෙස ඬේලිමිරර් හි ගිහාන් ඞී. චිකේරා, වසරේ හොඳම ක‍්‍රීඩා මාධ්‍යවේදියා ලෙස ඬේලි මිරර් හි චන්නක ද සිල්වා, වසරේ හොඳම ගවේෂණාත්මක මාධ්‍යවේදිනිය ලෙස ඉරිදා ලංකාදීප පුවත්පතේ දයාසීලි ලියනගේ ද සම්මාන දිනා ගත්හ. වසරේ හොඳම විශේෂාංග ලේඛිකාව (ඉංග‍්‍රීසි) ලෙස ද සන්ඬේ ටයිම්ස් පුවත්පතෙහි නාදියා ෆස්ලූල්හක්, වසරේ හොඳම තීරු ලිපි රචකයා (ඉංග‍්‍රීසි) ලෙස සන්ඬේ ටයිම්ස් හි චාන්දනී කිරින්දේ සහ වසරේ උණුසුම් පුවත් වාර්තාකරණයට හිමි සම්මානය සන්ඬේ ටයිම්ස් හි ඇන්තනී ඬේවිඞ් ද, වසරේ හොඳම ඡායාරූප ශිල්පියාට හිමි ඇගයීම් කුසලතා සහතිකය ලංකාදීප පුවත්පතෙහි දඹුල්ලේ වාර්තාකරු කාංචන කුමාර ආරියදාස දිනාගත්හ. වසරේ හොඳම පිටු සැකසුම සහිත පුවත්පත ලෙස සන්ඬේ ටයිම්ස් පුවත්පත තේරී පත්විය. මෙම වසරේ හොඳම මාධ්‍යවේදිනියාට හිමි ”මර්වින් ද සිල්වා” සම්මානය ”ලක්බිම” පුවත්පතෙහි ලසන්ත වීරකුලසූරිය  විසින් හිිමිකර ගැනුණි. වසරේ හොඳම ඡුායාරූප ශිල්පියාට හිමි සම්මානය ”සිලෝන් ටුඬේ” පුවත්පතේ සංඛ විදානගමට හිමිවිය.



අදහස් (0)

පුවත්පත් විශිෂ්ටයෝ සම්මාන දිනති

විදුරංග Thursday, 02 August 2012 11:01 AM

ලසන්තට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ප්‍රවීන් Friday, 03 August 2012 09:47 AM

අයියෝ, අපේ මේ අදහස් සංස්කරණය කරලා හදන අපේ අයියලාට නැද්ද සම්මානයක්? කමක් නැහැ. මෙන්න අපගේ උත්තමාචාරය! (නි)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Wednesday, 01 August 2012 05:36 PM

~~~~~ අපගේ උණුසුමි සුබ පැතුමි ~~~~~ (ස)

:       0       0

ලලිත් කටාර් Wednesday, 01 August 2012 06:16 PM

මොකක්ද මේ වර්වින් ද සිල්වා සම්මානය ?

:       0       0

අමිල කටුනායක Wednesday, 01 August 2012 09:05 PM

මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් සියළු දෙනාලබාගත් මේ ජයග්‍රහණයට හද පිරි සුබපැතුම්. (ස)

:       0       0

රුවන් Friday, 03 August 2012 02:18 PM

”මර්වින් ද සිල්වා” සම්මානය.... අනේ මට හිනා යනවනේ. (නි)

:       0       0

නිරෝෂා Thursday, 02 August 2012 03:18 PM

ලසන්තට හද පිරි සුභපැතුම්.. ඔබ හැබෑම දක්ෂයෙක්(නු)

:       0       0

ස්ලික් Thursday, 02 August 2012 01:14 AM

කෝ මෙතන හොඳම කඩේ යාමට දෙන සම්මානය දීලා නැහැනේ ? (නි)

:       0       0

ජුඩ් සමන්ත Thursday, 02 August 2012 05:42 AM

සියළු සහෘදයින්ට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

මේරි Thursday, 02 August 2012 08:49 AM

සියළු දෙනාටම සුභ පැතුම්!(නි)

:       0       0

රිශාඩ් Thursday, 02 August 2012 09:15 AM

එකම අරමුණක් එකම රටක්. ජය ශ්‍රී හැමෝටම‍..... (ස)

:       0       0

අචිනි Thursday, 02 August 2012 10:16 AM

මර්වින් සිල්වා මහත්තයා කියන්නේ උගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site