ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමාගේ සහෝදරයකු වන ජෝර්ජ් ඔබාමා මුණගැසීම සඳහා ලන්ඩන් ඩේලි මේල් පුවත් පත පසුගියදා කෙන්යාවේ නයිරොබ් නුවරට ගියේය. එහි මුඩුක්කු නිවසක දිවි ගෙවන ජෝර්ජ් ඔබාමා මෙතනෝල් මත්පැනට තදින් ඇබ්බැහි වූවකු බවත්, ඔහු වටා සිටිනා මතුරන්ද තදින් හෙරොයින් මත්කුඩු භාවිතා කරන්නන් බවත් එම පුවත් පත වාර්තා කරයි. තමා ජෝර්ජ් ඔබාමා මිස ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා නොවන බව ඔහු ඩේලි මේල් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි මෙන්න මිනිස්සු.. අපේ රටේ නම්..!!(නු)
ජෝජ් බුෂ්ගේ පවුල එකම අවස්ථාවෙදි රට පාලනය නොකළ බැවින් ඔවුන් පවුල්වාදීන් නොවනු ඇත..!!(නු)
තමන්ගේ සහෝදරයාගේ බලපුලුවන්කාරකම නොපෙන්වා ඔය විදිහට ඉන්න එක නම්බුකාරයි ජෝර්ජ්. නැත්නම්, ඔයාලටත් " ඔබාමා සහෝදර සමාගම" කියලා කියයි. ඇමරිකාවවේ නම් හූරගෙන කන්න හරි දෙයක් ඉතුරු වෙලා තිබුණට, අපේ රටේ නම් ලෙවකන්නවත් දෙයක් ඉතුරු වෙලා නැහැ. (නි)
ඔබමටත් එක්ක ලැජ්ජයි (දී)
ලොව බලවතා හා සාමාන්‍ය මනුස්සයා
අනේ පව් .....(දී)
අපේ රටවල් වල විතරක් නෙවෙයි. හැම රටකම ප්‍රශ්න තියෙනවා (දී)
ලංකාවේ නම්??? (නි)
කළණ ජේ... ජෝජ් බුෂ්ගේ පවුල එකම මොහොතක රට පාලනය කළ වගක් අප නම් අසා නැත. බලයේ සිටින්නකු තම පවුලේ සාමාජිකයෙක් බලයට ගෙන ඒම සදහා රජ්‍ය බලය පාවිච්චි කිරීම පවුල් වාදය ගණයට වැටේ.. ඇමරිකාවේ එවැන්නක් සිදු නොවූ බැවින් එහි පව්ල් වාදයක් නැත..!!(නු)
පුදුමයි ඒත් ඇත්තයි
ඔබාමා මාමේ මොකද මේ වෙන්නේ (දී)
ඇමට නිකන් පිස්සු වගේ
කොහොමද වෙනස
ඔබාමාගෙ මල්ලී ලංකාවෙ වුණා නම් දිව්‍ය ලොකයේ යන්නත් තිබුණා. (නි)
හඳුනා ගත්තොත් ඔබ මා
සත්තකින්ම පින් දෙන්න බෑ (අ)
මට පුදුම කාටවත් පෙනුනේ නැද්ද මේ මනුස්සයා මත් පැන් වලට ඇබ්බැහි වෙච්ච අයෙක් කියො. අපේ අය මේ වගේ මනුස්සයෙක් ශ්‍රේෂ්ඨ කරන්න හදන්නේ මොකද මේ? අනිත් අතට අපේ සංස්‌කෘතියේ විදියට බැරක් ඔබාමා තමාගේ සහෝදරයව නොසළකා ඇරලා තියෙන එක හොඳයි කියලද කියන්නේ? ඒක හරියට දොස්තර පුතා අම්මාව දුප්පත් ගෙදරකට කොටු කළා වගේනේ ! (නි)
ඔවු ඉතිං, අතේ ඇගිලි පහම එක වගේ නැහැනේ. (නි)
කතාව හරි
මෙයාට ලැබීමක් නැහැ...දෙයක් කරන්න පුළුවං මිනිහෙකුට පින නැහැ.. මෙයාගෙ කරුමේ තමා.. නරක මිතුරන් ඇසුර තමයි හේතුව..!!(නු)
අයියෝ සල්ලි. (නි)
ඒ වුනාට පිනට පව් දෙන්න පුළුවන්.... මොකක් උනත් මසුරන් වටින කතාව.... අයියා රජ උනත් මල්ලි යන්නෙ නෑ සෙකොන්ඩ් වෙන්න. (ස)
ඇත්ත නේන්නම්
මට නම් හිතෙන්නේ සැබෑම සුන්දර මිනිසෙක්. අපේ රටේ නම් ලොකු ලොක්කන්ගේ නම විකුණගෙන තමන් ඉහළින් වැජඹෙන්නනේ හදන්නේ. මොහු එවන් වංචනිකයන්ට ආදර්ශයට ගන්න සුදුසුම සැබෑම මිනිසෙක්. (නි)
පේනවනේ තමන්ගේ බලතල අනවශ්‍ය විදියට පාවිච්චි කරලා නැහැ. ඒකට ලංකාවේ? (නි)
ඒ මිනිස්සුන්ට තණ්හාවක් නැහැ. (නි)
පව කිවුවේ, අපේ රටේ වගේ පවුල් පිටින් වැඩ කරන්නේ නැති නිසාද ? (නි)
අපිට මොකද අනේ
මල්ලි හරි මල්ලි ... (දී)
ජෝර්ජ් ඔබාමා කරන වැඩේ වැරදි වුවත් බැරක් ඔබාමා කරන දේ අගය කළ යුතුයි. (නි)
අයියා ජනාධිපති උනාට මල්ලි තමන්ගෙ පුරුදු සරල දිවි පෙවත වෙනස් කරලා නෑ.ලොවේ ඔබ වැනි මිනිසුන් දුර්ලභයි.මත්පැන් පානය නතර කරොත් ඔබ ශ්‍රේෂ්ටයි. (ස)
ලංකාවෙ වගේ...... (ස)
අයියෝ! ඔය වගේ ලිපි දාන්න එපා. ඇමෙරිකාවේ ඉන්න ලාංකික අයට තරහ යයි. (නි)
පිනට පවත් දෙන්න බැහැ (දී)
ලංකාවෙ කෙනෙක් ඇමරිකාවේ ජනාධිපති වුනානම් එයාගෙ මල්ලිට ඇමරිකාවෙන් බාගයක්ම දෙයි. ලංකාවේ අයටත් මේවා හොඳ ආදර්ශ.අධිරාජ්‍යවාදි ධනවත් රටවල් වලින් හොඳ දේ අපි අගය කරන්න ඕන.. (ස)
කතාව ඇත්ත (දී)
ඒ උනාට ඔබාමට තිබුණා අපේ ලංකාව ආදර්ශෙට අරන් තමන්ගේ සහෝදර පරම්පරාවත් ගොඩ දාන්න ... හික් ..හික් (ස)
කොහොමත් බේබද්දන්ට තණ්හාවක් නැහැ කිට්ටුවක හිටියනම් බොන්න සල්ලි නැතිඋනම ඉල්ලන්න යනහැටි බලන්න තිබුන , සමහර විට මෙයාව එහෙට ගෙන්න ගන්නේ නැතුව ඇති (දී)
ඇත්ත කතාව
ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමාගේ ජීවිත කතාව විස්තර කරමින් ඔහුම විසින් ලියන ලද "DREAMS FROM MY FATHER" පොත කියවන්න.
අයියා කවුරු වුණත් මල්ලිගේ ජීවිතය අයිති මල්ලිට. මේ විදිය හරියටම හරි. (නි)
කළන ඔබ සියයට 100ක් හරි (අ)
අයියෝ සල්ලි
100% ඇත්ත
අයියෝ සල්ලි
අපේ ලොකු ලොකු පවුල් වලටත් හොද ආදර්ශයක් මේක. (නි)
මෙහෙ ඉන්න ලිං මැඩි සමහරු හිතන් ඉන්නේ එහෙ පවුල් සමාගම්, සහෝදර සමාගම් නෑ කියලා. ජෝජ් බුෂ්ගේ සහෝදරයා ෆ්ලොරිඩාවේ ආණ්ඩුකාරයා. ඒ දෙන්නගේ තාත්තත් ජනාධිපති. බිල් ක්ලින්ටන්ගේ නෝනා ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඔබාමත් සහෝදරයාට තනතුරක් දුන්නෙ නෑ කියලා සුදනෙක්ද? ඔය ඉරාකේ ඇෆ්ගනිස්තානෙ කරන්නෙ පින් අතේ වැඩ වෙන්නැති. (දී)
අයියෝ සල්ලි
ඇයි මේ විදියට කතා කරන්නේ..? ඒ මල්ලි මෙහෙ මල්ලිලා වගේ අයියට උදව් කරන්න පුළුවං තත්ත්වෙක නැහැ.. අයියලා ම්ල්ලිලා වගේ ඉන්න එක අපේ සංස්කෘතියේ කොටසක්නෙ..!(නු)
අයියෝ සල්ලි
එතකොට සහේදර සමාගමක් නැද්ද? (නි)
ඔබාමා ජනපති වුණාම වැඩියෙන්ම සතුටු වුණේ කෙන්යාව. ඒත් දැන් ඒ ගැන වැඩියෙන්ම දුක් වෙන්නෙත් කෙන්යාව. (නි)
අදුරෙන් එලියට යන්න උත්ස්සාහ කරන්නේ නැද්ද
මේ කතාව ගැන නම් මට සැකයි. (නි)
පව් කාරයෝ (දී)
තමන්ගේ සහහෝදරයගේ හොඳ නමට කැළලක් ඇති නොකරන් ඉන්න බලන්න. කොච්චර ඉගෙන ගෙන මහාචාර්යවරයකු වුණත් ඒ වගේ පවුලක වුණත් මේ වගේ අය ඉන්න පුලුවන්.ඒ වගේ අය අල්ලගෙන ඇමරිකානු ජනාධිපති මහාචාර්ය බැරක් ඔබාමාට අපහාස කරන එක හොඳ නැහැ. (නි)
ලංකාවේ ඉපදුනා නම් බලන්න තිබුණා මෙයාට ලැබෙන තානාන්තර.එක අතකට පිටරට ලොක්කො සත පහකට වැඩක් නැහැ. (ස)
පවට පින දෙන්න බැරි එක ඇත්ත. ඒත් ඔයා ලංකාවේ ඉපදුණා නම් මෙලහකට ඇමති කෙනෙක්. (නි)
අනේ ඇයි මෙයා ලංකාවේ ඉපදුණේ නැත්තේ? (නි)
ලංකාවේ කෙනෙක් ඇමරිකාවේ ජනාධිපති වුණානම් කොහොමට තියෙයිද? (නි)
එක ඇත්ත (දී)
කළණ ජේ. මහත්තයෝ, බිල් ක්ලින්ටන්ගේ නෝනා ලේකම් හැටියට තෝරගත්තේ ඔබාමා මිසක් බිල් ක්ලින්ටන් නෙමෙයිනේ. ඒවාට සහෝදර සමාගම් කියන්නේ කොහොමද? අනිත් අයට ළිං මැඩියන් කියන්න කලින් සහෝදරයා කියන වචනේ තේරුම දන්න කෙනෙකුගෙන් අහලා ඉගෙන ගන්න. (නි)
අපේ රට ආදර්ශයට ගත්තොත් නරකද? හැබැයි එහෙම වුණොත් එහෙත් ඉවරයි. (නි)
කිසිම පවුල් වාදයක් නැති හැටි? ඒකටත් එක්ක මෙහේ? (නි)
'ඇමරිකාවේ එහෙම වුණත්, ලංකාවේ එහෙම වෙන්නේ නෑ' .... හී හී හී... (නි)
ඇමෙරිකාවේ එහෙම වුණත්, ලංකාවේ එහෙම නැත්තේ ඇයි? (නි)
ඒ වුණාට ඔබාමා අපි දිහා බලලා ඉගෙන ගන්න ඕනෑ. (නි)
ඩැනියල, ඔබේ කතාවට මම 100%ක් එකඟයි. (නි)
ඉතා හොද ප්‍රවෘත්තියක්. (නි)
ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා කොතරම් දුෂ්කරතා මැදින් ඉදිරියට ආ කෙනෙක්දැයි දැනගැනීම සදහා බැරක් ඔබාමා විසින් ලියන ලද තම ජීවිත කතාව "DREAMS FROM MY FATHER" පොත හැකිකමක් ඇතොත් කියවන්න. එය ජීවිත කතාව පමණක් නොව ඇමරිකාව ඇතුළත පවතින ප්‍රශ්න සියල්ල විදහා දක්වන සාහිත්‍ය රසයෙන් පිරි නවකතාවකට සමාන කළහැකි පොතක්ය. (නි)
ඒකට අපේ කට්ටිය? (නි)
අයියෝ ඔබාමා (දී)
කොහොමද ලංකාවෙ වුණා නම් මල්ලිට තියෙන තැන? (නි)