(පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මීගමුව පල්ලන්සේන සිරකඳවුරේ ඇති වූ නොසන්සුන්කාරි තත්වය  අතරතුර තුවාල ලැබූ රැඳවියන් 28 දෙනකු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

අද පෙරවරු කාලයේ ඇති වූ කලහකාර තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. 

අද සවස් කාලය වන විට කලහකාරි තත්වය පාලනය කළ ආරක්ෂක අංශ එහි පාලනය කටයුතු  සිය බාරයට ගැනීමට පියවර ගත්තේ.