කහවත්ත කොටකෙතන මව දියණිය මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ලක් කළ ත්‍රීරෝද රියදුරකුට රහස් පොලීසිය පහර දුන්නයි ඇතිවූ ලැජ්ජාවෙන් වස බී මියගිය බව ඇඹිලිපිටිය නාගරික හසිරි මරණ පරීක්ෂක ආර් එස් ගුණසේන මහතා නිගමනය කළේය. මෙසේ මියගියේ කොටකෙතන දෙදරු පියකු වන කම්මලේ සෙනවිරත්න (47) යි. ‘පොලිසියෙන් නිකම් ගුටිකෑවා. ගුටිකාලා ඉන්න බෑ. ලැජ්ජයි.‘ යනුවෙන් සැමියා රෝහලේදී කී බව ඔහුගේ බිරිය දයාවතී චන්ද්‍රලතා මරණ පරීක්ෂණයේදී සාක්කි දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘පොලීසියෙන් ගුටිකාලා ඉන්න බෑ‘
කුරුවිට Monday, 08 October 2012 03:29 PM
දිල්රුක් ..ලැජ්ජාවට මැරුණ මිනිස්සු කොහෙද ඉන්නේ ,(ස)
හංසනී Sunday, 07 October 2012 11:06 PM
පොලිසියේ අය කියන්නේ මිනීමරුවන් හා සමාන කට්ටියක්. (නි)
ලක්මාල් Monday, 08 October 2012 11:36 AM
මිනිස්සු ඇත්ත දන්නවා වුණත් බය නිසා කියන්නේ නැහැ.(ස)
යොහාන් Sunday, 07 October 2012 02:50 PM
හෙට අනිද්දට බිරිදට කම්පනයක්වත් හැදුණොත්? (නි)
ගාමිණි Sunday, 07 October 2012 11:54 PM
සමන් හරි. (නි)
සමන් Sunday, 07 October 2012 02:44 PM
මේක වෙන්න පුලුවන් ද හැබෑටම? ගුටි කාපු ලැජ්ජාව නිසා වහ බොන්නෙ මොන ලෝකෙද? එක්කො මේ මිනිහා ටිකක් පිස්සෙක් වෙන්න ඕනෑ. නැත්තම් බිරිඳ ඇත්ත හේතුව වහන්න බොරු කියනවා වෙන්න ඕනෑ. (නි)
තේජා Sunday, 07 October 2012 03:22 PM
වරුණ,නසාර්, ජරා කතා කියන්න එපා. (නි)
රාජා Sunday, 07 October 2012 03:24 PM
නියම මිනීමරුවො හෙළිවෙනකොට ඒ පැත්තෙ පොලීසි වලටත් කම්පනය හැදීගෙන එනවද මන්දා? (නි)
ගිම්හානි Monday, 08 October 2012 12:38 PM
සමහර වෙලාවට පොලිසිය වළහා, හාවා කරන්න හදනවනේ. අන්න එහෙම වුණාද දන්නේ නැහැ. (නි)
කරුණා Monday, 08 October 2012 02:19 AM
ගුටි කෑව එකටත් වඩා බලපාන්න ඇත්තේ "මිනීමරුවා" කියල හැම තැනම පැතිරෙන එක වෙන්න ඇති. කොහොමටත් අපේ රටේ අපරාධ පරික්‍ෂණය ඔච්චරයිනේ. දෙකක් ඇනල තමා සාක්කි ගන්නේ. දියුණු විද්‍යානුකූල ක්‍රම තියෙනවා. ඒවා භාවිතා කරනවාද දන්නේ නැහැ. භාවිතා කරනවා නම් පහර දෙන්න ඕනෑද? ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් කෑගසන්නන් මේ සිද්ධිය ගැන නිහඩ ඇයි? පොලීසියට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. (නි)
සෙනරත් Sunday, 07 October 2012 03:45 PM
මට නම් මේ මරණය ගැන සැකයි. මේ හැබෑම අපරාධකරුවන්ද? (නි)
සමීර Sunday, 07 October 2012 03:43 PM
මොකක්හරි අපි නොදන්න සම්බන්ධයක් ඇති. (නි)
ෂර්ලි Monday, 08 October 2012 06:40 AM
එහෙනම් ඇයි මේජර් වස නොබිවුවේ? (නි)
බඝ්යා Sunday, 07 October 2012 05:33 PM
අයියෝ සල්ලි
නසාර් Sunday, 07 October 2012 12:08 PM
මැරෙන්න පුලුවන් නම් ගුටිකන්න බැරි ඇයි? (නි)
සෙනරත් Sunday, 07 October 2012 12:19 PM
මේවා මෙහෙම වෙන්නේ කොන්ද පණ නැති නිලධාරීන් නිසයි. (නි)
දිල්රුක් Monday, 08 October 2012 09:23 AM
ලැජ්ජාවට මැරුන මිනිස්සු ඕනි තරම් ඉන්නවා (ස)
භාෂිත Sunday, 07 October 2012 12:21 PM
එයාලට පුලුවන් ඔච්චරයි. (නි)
සිල්වා Sunday, 07 October 2012 12:25 PM
අනේ පවු! එයා නිකන් ගුටි කාලා තියෙන්නේ? (නි)
රොෂාන් Sunday, 07 October 2012 12:41 PM
පොලිසියේ ඉන්නෙත් වෙලාවකට මහ එපා කරපු මිනිස්සු. (නි)
චන්ද්‍රසිරි Sunday, 07 October 2012 12:40 PM
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ. (නි)
වරුණ Sunday, 07 October 2012 12:52 PM
ගුටි කාපු ලැජ්ජාවකට සිය දිවි හානි කර ගන්න කෙනෙක් ගැන ඇහුවමයි මේ ලංකාවෙ. ඔච්චර ඕකෙ තියෙන ලැජ්ජාව මොකද්ද? මට නම් හිතෙන්නෙ මෙතන මොකක් හරි වෙන හුටපටයක් තියෙනවා. (නි)
මනම්පේරි Monday, 08 October 2012 10:02 AM
අනේ මන්දා කවුද හරි කවුද වැරදි (ස)
ලලිත් Sunday, 07 October 2012 01:14 PM
වැරදිකරුවන්ට නිතියෙන් ගැළවුණත් ස්වභාව ධර්මයෙන් නම් ගැළවෙන්න වෙන්නෙ නැහැ (නි)
සිල්වා Sunday, 07 October 2012 01:25 PM
මේවා සහගහන අපරාධ. (නි)
ඉන්ද්‍රජිත් Sunday, 07 October 2012 01:22 PM
කාට හරි දෙකක් ඇනලා 'අපි පරීක්ෂණ කරගෙන යනවා' කියා පෙන්වීමට ඇති පොලිස් උනන්දුව සැබෑ අපරාධකරුවන් ඇල්ලීමට නොමැති බව ඕලුගල මහතාට දුන් මාරුවීමෙන් පෙනුණි. (නි)
පුබුදු Sunday, 07 October 2012 01:39 PM
ඔන්න මෙයාලගේ වැඩ. අහිංසකයන්ට තමයි චණ්ඩිකම. (නි)
මංජු Sunday, 07 October 2012 01:47 PM
ඔය වගේ වරදක් කරපු නැති කී දෙනෙකුට පොලිසියෙන් ගහලා ඇත්ද? පවු ඒ මනුස්සයා. (නි)
දිල්ශාන් Sunday, 07 October 2012 01:47 PM
මේවාට නිසි පියවර ගන්න (නි)