(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විකෘති කළ බලපත්‍රයක් උපයෝගී කර ගෙන පස් ප්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයකුට පස් ජාවාරම්කරුගේ තර්ජනයෙන් පැය විසි හතරක් යාමට මත්තෙන් දෙහිවල පොලිසියට මාරුවීමක් ලැබීමේ සිද්ධියක් පානදුර පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ. පානදුර කොට්ඨාස රථවාහන අංශයේ හොරණ පොලිසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල් 42116 ඩබ්ලිව්.ඒ.ටී. පෙරේරා මහතා ඉකුත් 01 වැනි දින තවත් පොලිස් කොස්තාපල්වරයකු සමඟ වාද්දුව තල්පිටිය පාලම අසල සිට පොතුපිටිය දක්වා රථවාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටියදී පස් පටවන ලද ටිපර් රථ කිහිපයක් එක පෙළට ගමන්කර ඇත.
එම රථ පෙළ නතර කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ටිපර් රථ දෙකකට තිබූ බලපත්‍ර පරීක්ෂා කිරීමේදී ඒවා විකෘති කර ව්‍යාජ අත්සන් යොදා සකස් කර ඇති බවට පෙනී ගිය හෙයින් එම ටිපර් රථ දෙක අත්අඩංගුවට ගෙන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීමේ වරද යටතේ වාද්දුව පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් සටහන්
යොදා ඉදිරිපත් කර තිබේ. එම බලපත්‍ර පැහැදිලිව පස් ප්‍රවාහනය කිරීමට අවසර ඇත්තේ බෙන්තොට සිට කොල්ලුපිටිය හෝටල් ව්‍යාපෘතියකට පමණක් බව සටහන්ව ඇතත් එකම අවස්ථාවකවත් මෙම ලොරි රථ දෙක එම ව්‍යාපෘති භූමියට පස් රැගෙන ඇතුළු වී නොමැති බවට එහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගෙන් විමසීමේදී පොලිසියට දැනගත හැකි වී ඇත.
එයින් සිවු දිනකට පසු එනම් අප්‍රේල් 5 වැනිදා එම පස් ව්‍යාපාරයේ හිමිකරු පොලිස් කොස්තාපල්වරයාගේ (42116) ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන ඔහුගේ පස් ලොරි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තර්ජනය කර පැය විසි හතරක් තුළ මාරු කරන බව ද ‘මගේ හැටි තමුසේ දන්නේ නැහැ’ යැයි ආදී වශයෙන් පවසා තර්ජනය කර තිබේ.
එම පස් ජාවාරම්කරුගේ තර්ජනාත්මක ඇමතුම මල්ඵල ගන්වමින් පසුදිනම (6) බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අංකීෘ ෂඨරැඋඡරැඔඍරැ37රැ2018 දරණ ස්ථාන මාරුවීම් නියෝග අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි දෙහිවල පොලිස් ස්ථානය වෙත මාරුවීමක් කර ඇත. මෙම ස්ථාන මාරුව ලබාදීමට හේතුව පස්ජා වාරම්කරු විසින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පස් ප්‍රවාහනය කරන ලද ටිපර් රථ අත්අඩංගුවට ගැනීම බව තමන්ට හැඟී යන බවත් තමන් කිසිදු අක්‍රමිකතාවක් කර හෝ පොලිස් සේවයේ නමට කැළලක් වන අයුරින් කටයුතු කර නොමැති බවත් රාජකාරිය නීත්‍යානුකූල ආකාරයට ඉටු කිරීම හේතු කොටගෙන මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑමට සිදුවී ඇති බව කියන කොස්තාපල්වරයා ඔහුට සාධාරණයක් කරන ලෙස පොලිස්පතිවරයාට හා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාට යොමු කරන ලද ලිපියකින්ඉ ල්ලා තිබේ.
පොලිස් නිලධාරියකු නීත්‍යානුකූල ක්‍රියා කලාපය තුළ කටයුතු කිරීමට යාමේදී සිදුවන මෙවැනි සිදුවීම් හේතු කොටගෙන අසරණ තත්ත්වයට පත්ව ඇති අතර නීත්‍යනුකූලව කළ රාජකාරියක් සම්බන්ධයෙන් මෙවන් ඉරණමකට මුහුණ පෑමට සිදුවන්නේ නම්මහජනතාවට සේවය කිරීමට බැඳී සිටින අවංක නිලධාරියකුට අත්වූ ඉරණම පිළිබඳ කනගාටුවට පත්වන බව ඔහු පොලිස් කොමිසම වෙත යොමු කරන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම කල යුත්තේ මෙම නිලධාරියාට මාරුව ලබා දුන් පුද්ගලයාගේ සේවය අත්හිටුවන එකයි. එතකොට වත් මෙවැනි දේවල් වලට අත තියන එකක් නැහැ.
පොලිස් දෙපාර්තමේන්තුව ඉවරයි මේ පොලිස්පති යටතේ.
මෙම නීති විරෝදී වැඩ දිගටම කරගෙන යන්නේ පසුගිය වකවානුවේ කෙරීගෙන ආපු විදියටමයි. ඒ සමයේත් ප්‍රසිද්ධ වැලි ජාවාරමේ යෙදුනේ කව්ද කියල මුළු ලංකාවම දන්නවා. ඒ පුරුදු, විශේෂ අණ පරිදි තවමත් ලංකාවේ කරගෙන යනවා. කව්ද ඉතින් මේවා නතර කරන්නේ? තමන්ගේ මාඉමෙන් ඇතුලේ තියෙන අඹ කඩන්න අනුන්ට අයිතියක් තියෙන රටක . මේවා නතර කරන්න ඉන්නේ කව්ද? දුෂිත වැඩ ඔක්කම ඡන්ද , ඊළගට පක්ෂය විතරයි.
ජනපතිතුමනි, සාගල රත්නායක මැතිතුමනි, මෙන්න කරනවානම් වැඩ. ඔබලාගේ නිර්දෝෂී බාවය පෙන්වීමට මහගු අවස්තාවක් ලබී ඇත.
ලෝකෙන් උතුම් රට ලංකාවයි
මට මතකයි හිටපු DIG කොටකදෙනිය මහතා වරක් කිව්වා මෙම පොලීස් තනතුර ඇවිල්ල හරියට පාපන්දු වගේලු. පාපන්දු ගහන්න ගහන්න තැන් වලට වීසිවෙනවනේ.
රුවන්, ඔබගේ දැනුම යාවත්කාලීන වී නොමැතිබව පෙනේ. සාගල රත්නායක නීතිය සහ සාමය පිලිබඳ ඇමති නොවේ. දැන් ඒ ඇමති රංජීත් බණ්ඩාර මහත්තයනේ.
මෑතකදී සිංහල භාෂාවේ ඉතාම විකෘතිවූ වචනයක් වූයේ නම් එය "යහපාලනය" නම්වූ ශුද්ධ වචනයයි.
මොකද මේ පස් ජාවාරම්කාරයට පොලිස් නිලධාරියාගේ ජංගම දුරකතන අංකය දුන්නේ ? "වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුනා" වගේ දෙයක්නේ මේ පොලිස් නිලධාරියට වෙලා තියෙන්නෙත්! නීතිය ඉටුකරනවා වෙනුවට, දෑස පියාගෙන ඉන්නද මොවුන්ට වෙන්නේ?
මේ එක සිද්ධියක් විතරයි. තව ඕන තරම් ඉන්නවා. අසාධාරණය හිතේ දරාගෙන කියන කියන තැනට විසිවෙලා යන පුංචි මිනිස්සු මේ. ලොකු මිනිස්සුත් ඉන්නවා ඊට වඩා ලොකු මිනිස්සු නිසා තැන් තැන්වලට විසිවෙලා ගිය සහ විසිවෙලා යන. මේ කුනුවෙච්ච ජරා ජීර්ණ දේශපාලනයයි, තනතුරු රැකගැනීම සඳහා දේශපාලුවන්ට නැවෙන උසස් නිලධාරීනුයි ඉන්න අපේ රටේ මේවා සුළු සිදුවීම් පමණයි.
පසුගිය යුග කිහිපය තුලම ක්‍රියාත්මක් කැරගෙන එන දේවල් , උතුම් ලෙස සලකන සිංහල ක්රමයේ හැටියට පාරම්පරික දෑ බවට පත් වෙමින් ඇත . පරම්පරාවක කාල පරිච්ඡේදයක් ගතවී ඇත. දැන් පෙනෙන හැටියට ගලන ගඟ ආපස්සට හැරවීමට නොහැකි බවකි. උගුරට හොරා බෙහෙත් කන බලධාරීන්ද එමට සිටින බව පසක් වේ. තමන්ගේ මඩිය තර වේ නම් රට බල්ලට ගියත් කමක් නැත. තුන්වන ලෝකයේම දිගටම නම රඳවා තබා ඇති අප මාතෘ භූමියට ජය වේවා .
පොලිස් මහජන සම්බන්ධතා අධ්යක්ෂවරයාගේ විශ්ලේෂණය කුමක්ද?
වෙන රටක නම් උසස් වීමක්...ඒකට මෙහෙ දඩුවම් මාරුවක්....
නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන ලෝකේ එකම රට නේ?
වහාම ඒ පොලිස් නිළධාරි මහතාට සාධාරණය ඉටුකරන්න. මාරුවීම කළ උසස් හෙවත් "පහත්" පොලිස් නිළධාරියාට හොඳ පගාවක් ලැබෙන්න ඇති.
හරියට රාජකාරිය කල නිලධාරියාට ඉහලින් දී ඇති ගෞරවය සහ ඇගයීම අතිශයින්ම පුදුම සහගතය. වැලි පස් ආදී ට්‍රක් වලින් අල්ලස් ගන්නා නිලධාරීන් කව්දැයි වටහා ගැනීමට මේ පුවත හොඳටම ප්‍රමාණවත්. වරදට වහාම දඬුවම් දී අසාධාරණයට ලක්වූ පොලිස් නිලධාරියා ඇගයීමට ලක් කල යුතුයි.
කෝ දැන් අර පොලිස් කොමිසමේ ලොක්කා?
දැන් පේනවනේ පොලිස් සේවය මහජනයාට එපා කරවන්නේ මහපාරේ දුවිලි, වැසි වාහන දුම් කකා මහා පාරේ හිටගෙන ඉන්න පොලිස් නිලධරීන් ට වඩා අපට නොපෙනෙන ලොකු පුටු රත් කරන දූෂිත පොලිස් නිලධාරීන් කියලා.
ඔය ගොල්ලන් මොනවා කිව්වත් පානදුර කොට්ටාස රථ වාහන අංශයේ හැටි අපි දන්නවා. එක් කෙනෙක් නෙමේ ඕකේ ඉන්න ඔක්කොමලා මාරුකරන්න ඕනෑ.
මගේ සහෝදරයා දිගින් දිගටම වැලි සම්බන්ධ වැටලීම් කළ නිසා ඔහුව වෙනත් පොලිස් ස්ථානයකට මාරු කළා. ඔහුව මාරු කළ දවසේ වැලි ජාවාරම් කරුවන් නගරය මැද රතිඤ්ඤා පත්තු කළා. මොනතරම් අවාසනාවන්ත රටක්ද?
"යස් සර් ඇරෙස්ට් කරන්නේ නැහැ... සර් ප්‍රොමිස් යූ සර් ,"