සබරගමු පළාත් සභා ඡන්දයේ මනාප අංක ලැබෙන්නත් පෙර කුරුවිට හා රත්නපුර මහ මග ප‍්‍රදර්ශනය කර තිබූ තම කටවුට් සියයක් පමණ ගිනි තබා වනසා ඇතැයි සබරගමු පළාත් සභාවේ සභාපති රංජිත් බණ්ඩාර මහතා කියයි. සන්ධානයේ දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක අතුල කුමාර රාහුබද්ධ මහතාගේ කටවුට් එරත්නේදී පුළුස්සා ,මලංගමදී කළු තෙල් දමා තිබිණැයි වාර්තා විය. මැතිවරණ නීතිය අනුව කටවුට් ප‍්‍රදර්ශනය නීති විරෝධීය. මේ කටවුට් වනසන්නට ඇත්තේ සන්ධානයේම ඇතැමුන්ගේ ක‍්‍රියාවක් විය හැකි බව සන්ධාන ආරංචි මාර්ග කියයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා හොඳ වැඩ (ස)
දේශපාලන කටවුට් වලින් පමණක් මහජනතාව රැවටී ඡන්දය ලබාදේවී යැයි නොසිතන්න. අද ඡන්දදායකයා බොහෝ බුද්ධිමත්ව කටයුතු කරන බවක් පෙනී යයි. ඒ නිසා පොස්ටර්,කටවුට්,බැනර් වලින් ඡන්දය කරපු කාලේ දැන් අවසන්වීගෙන එන්නේ. මීට පසුව ප්‍රතිපත්තිවලින් වැඩ කරන අයට තැන ඒවි. මිනිස්සු ඡන්දය දෙන්නේ වැඩ කරපු අයට පමණයි.හොර වැඩ කරලා ඡන්දේ ලංවුනාම කරන මෙවැනි බොරු සෝබන වැඩවලට මින් පසුව බුද්ධිමත් ඡන්දදායකයා නොරැවටෙන බව තේරුම් අරගත්තොත් කාට කාටත් ඇඟට ගුණදායක බව කියමි. (ස)
කටවුට් ගහලා දෙන්නේ ඡන්ද අපේක්ෂකයන් නෙවෙයි. දිනුවම ප්‍රයෝජන ගන්න පුළුවන් කට්ටිය. ඡන්ද ඉල්ලන කට්ටියට වියදමක් නැහැ. (ස)
මොලේ තියෙන මිනිස්සු ගිහින් චන්දෙ දෙන්න ඕන. නමුත් මොලේ පාවිච්චි කරලා පාට බලන්නේ නැතිව හොද මිනිස්සුන්ට චන්දෙ දෙන්න ඕන . චණ්ඩින්ට, මුදලාලිලාට, කාලකණ්නින්ට චන්දෙ නොදී උගත් බුද්ධිමත් මිනිසුන්ට මොන පක්ෂේ උනත් චන්දෙ දෙන්න. එකය් බුද්ධිමත්කම වෙන්නේ. (ස)
හොඳම දේ ඡන්දය පාවිච්චි නොකිරීම. අපේ රටේ දේශපාලනය අරහන්. රට විකුණුවත් අපිට කරන්න දෙයක් නෑ. දෙපැත්තම එකයි. (ස)
මිනිස්සුනේ පේනවද සේවයක් කරන්න දගලන තරම. ඔය කාට ආදරේටද ? හැම රස්සාවක්ම වගේ ඇමති කමත් රස්සාවක් කියලා හිතන්න. ඡන්දය කටුගාන්න. (ස)
මම හිතුවේ ආචාරි නැහැ කියලා. අනේ නෑ. මේ ඇවිත් ඉන්නේ. යස අගේට ආයෙත්. දැන් ඉතින් ආයෙමත් කරච්චල් තියෙයි. (ස)
ඔන්න ලංකාවේ බත්කන අයට දෙපැත්ත බෙදිලා ගහගන්න ආපහු අවස්ථාවක් ඇවිත්. හොඳට හොයලා බලලා පාතලේ අයටයි. කුඩු ගෙන්වන අයටයි ඡන්දය දෙයි. (ස)
ඡන්දදායකයිනි, ඡන්දය දෙන්නට කලින් අපේ රට වෙනත් රටවල් සමග සංසන්දනය කර හොදින් හිතන්න බලන්න. ඔබ බුද්ධිමත්නම් ඔබ ඡන්දය කටු ගා දැමීමට තීරණය කරණවා ඇත. (ස)
ඔය කිසි එකෙක් අපට කරපු සේවයක් නැහැ. ඔවුන් සේවය කරානම් අපෙ අද ලෝකෙට ණය නැත. ආහාර, වාහන ඇදුම්, නැව් එනතුරු මග බලා ඉන්නේ නැත. මග තොටේ භියකින් තොරව ගමන් කරනවා ඇත. ගෑණු රට රස්සා වලට නොයනවා ඇත. (ස)
මට උපාධියක් නැතිවත් මට අධ්‍යක්ෂ කමක් ලැබිලා තිබේ. (දී)
එකත් හොඳයි . එටකොට පොලිසියටත් වැඩ අඩු වෙනවනේ ... (දී)