(සුජිත් හේවාජුලිගේ )

කැරලි සහ කලකෝලාහල මර්දනය සඳහා කැරලි මර්දන හිස් වැසුම් 1500ක්ද  ගෑස්  මුහුණු ආවරණ ( මාස්ක්) 750 ක් සහ  රබර් බැටන් පොලු  1000ක්ද  මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මේවා ඉදිරියේදී මිලදීගෙන කැරලි මර්දන ඒකකයන්ට අවශ්‍යතාව පරිදි නිකුත් කිරීමට නියමිතය.

කැරලි  මර්දන උපකරණ රැසක් මීට පෙරද පොලිසිය විසින්  වරින් වර මිලදී ගනු ලැබීය. පසුගිය කාලයේදී විවිධ උද්ඝෝෂණවලදී ඇතිවූ කලබල මැඩ පැවැත්වීමට පොලිසිය  කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර සිදු කළේය.