ඩබ්ලිව් ඒ පියතිලක
රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බැන තර්ජනය කර පහරදීම සම්බන්ධයෙන් පොලොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 24 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස පොලොන්නරුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති නුවන් කුමාරගේ මහතා අද (10) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් කළේ පොලොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ, පොළොන්නරුව ඕනෑගම ඩබ්ලිව්.එම් සමිත්‍ර හේෂාන් (29) සහ පොළොන්නරුව නවනගරයේ දෙනගමගේ චමින්ද (36) යන තිදෙනාය.
පොලොන්නරුව, කදුරුවෙල සෝමීල් මංසන්ධියේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් වන (57042) ආරියවංශ සහ (76966) විජේරත්න යන මහත්වරුන් මෙසේ පහර කෑමට ලක් වූයේ ඊයේ (09) රාත්‍රී 7.20 ට පමණය.
ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ අනෙක් සැකකරුවන් දෙදෙනා පැමිණි වාහනයක් රථවාහන තදබදයක් ඇතිවන පරිදි මාර්ගයේ අසල නවතා තිබියදී එය එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසට පොලිස් නිලධාරීන් වි කළ දැනුම්දීමකට එරෙහිව මෙම පහරදීම සිදු කර තිබෙන බවත් සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.
මෙම පහරදීම සිදු කළ අවස්ථාවේදී සභාපතිවරයා සහ ඔහු සමග පැමිණි එක් සැකකරුවකු බීමත්ව සිටි බව වෛද්‍ය වාර්තා මඟින් තහවුරු ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕක තමා රටේ දේශපාලකයන්ගේ තත්වේ. දැඩි දඩුවම් පමුණුවන්න
රටේ ඉන්න මිනිස්සු, මොන කට කැඩිච්ච කතා කීවත්, රටේ ඡන්දදායකයා, කොතරම් බුද්ධිමත්ද කියලා මේ වගේ සිදුවීම් වලින් අපිට අවබෝධ වෙනවනේ. මේ වගේ උත්තමයින්ට ප්‍රාදේශීය සභාවක් වගේ පොඩි තැනක් භාර දීලා මදි, රටම භාරදෙන්න ඕනා. අන්න එතකොට තමයි. අපිට අපේකම ලෝකෙටම ප්‍රදර්ශනය කල හැක්කේ.
පොලිසියට බැරිවුනාද මේ තුන් දෙනාව මෙල්ල කරන්න?
පුදුම රටක් ගමේ මැම්බරයා හිතන්න ඇති රජකම හම්බවුනා කියල. අනේ පොලිස් මහත්වරුනි ඔය අතේ තියන ආයුධයෙන් වැඩක් ගන්නකො එහෙම නොවුනොත් ඔය අයගෙන් ගුටිකකා තමයි ඉන්න වෙන්නෙ හැමදාම.
මැරයන් හොරුන් දූෂිතයන් තමන්ගේ පළාත්පාලන ආයතන වලට පත්කර යැවු ජනතාවට ඒකේ ප්‍රතිඵල දැන් බලා ගන්න පුළුවන්.
චුට්ට චුට්ට ඉහලට යනකොට කොහොමද තත්වය කියල නිකම්ම හිතාගත්තහැකි ..
සභාපති ගිය දුර. කාගේ හරි හයියක් අරගෙන ඇති. වහාම මොවුන්ගේ බල බිඳ නීතිය අකුරට ක්‍රියාත්මක විය යුතුව පවතී.
මේ අයට මතක නැහැ කොහොමද මෙතන්ට ආවේ කියලා. මේ අය තනතුරු වලින් වහාම නෙරපා දැමිය යුතුයි
මෙවැනි සභිකයින් නෙරපා හැරීම පක්ෂ නායකයින්ගේ වගකීමයි. පක්ෂ නායකයින් මෙවැනි දේ ගැන නිහඩව සිටීමෙන් පිලිඹිබු වන්නේ, ඔවුන් මෙවැනි මැරකම් අනුමත කරන බවයි.
මෙවැනි ඔලුව උදුම්මව ගත්ත මිනිස්සු මේ තැන්වලට යවපු සාමන්‍ය ජනතාවගෙන් අහන්න තියෙන්නේ, ඔබට සතුටුයිද දැන්.
අපේ රටේ පොලිසියට ස්වාධීනව කටයුතු කරගෙන යාමට නොහැක. විශේෂයෙන් දේශපාලනය අබියස ඔවුන් හිඟන්නොය. දුබලයා අබියස ඔවුන් මහා ඇලෙක්සැන්ඩර්ලාය. දුබලයෙක් ඔහොම පාපැදියක් නතර කරගෙන හිටියනම් දෙකතුනක් ඇනලා පැත්තකට දානවා. නමුත් ඔවුන් දේශපාලක බලවතුන් නිසා පොලිසියට ගුටිකාගෙන ඉන්න වුනා. මේක තමයි ලංකාවේ දෙපැත්ත දෝලනය වෙවී යන ක්‍රමය. මේවා ඉර හද තිබෙනා තුරුම ලංකාවේ පවතීවි
හැමෝම වටෙන් ගොඩෙන් කතා කරනවා මිසක් මොවුන් කුමන දේශපාලන පක්ෂයේද කියන එක නැත්තේ ඇයි? රටේ මුල් පුටුවල උෂ්ණය මාධ්‍යයටත් වැදිලද? මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්කඩුව ප්‍රාදේශීය සභාවට තරග වැදී පසුගියදා සභාපතිවරයා ලෙස තේරී පත්වූ තැනැත්තෙකු හා ඔහුගේ මිතුරන් දෙදෙනෙකි.
පොහොට්ටුව පිපෙන ලස්සන. අනේ වාසනාවන්.
මේ දක්වා ප්‍රකාශකර තිබූ ප්‍රතිචාර ඇත්තටම සතුටුයි. අපේ රටේ තාමත් මෙවැනි මිනිසුන් සිටිනවා... මෙම රට ආරක්ෂා කරනවා නම් මෙවැනි මන්ත්‍රී ඇමතිලා ඉවත් කළ යුතුයි. පොලිසියේ මහත්වරුන, දඬුවම ලබා දුන්නා නම් තවත් සතුටුයි.
කටුස්සට රත්තරන් බැන්දම මේ වගේ වෙනවා.