IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පොලිසියට පහර දුන් ප්‍රා.සභාපති රිමාන්ඩ්

ඩබ්ලිව් ඒ පියතිලක

රාජකාරියේ යෙදී සිටි පොලිස්  නිලධාරීන් දෙදෙනෙකුට බැන තර්ජනය කර පහරදීම සම්බන්ධයෙන්  පොලොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 24 වැනි දා දක්වා    රිමාන්ඩ්   කරන ලෙස  පොලොන්නරුව   ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති නුවන් කුමාරගේ මහතා අද (10) නියෝග කළේය.
 
මෙසේ රිමාන්ඩ් කළේ  පොලොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ, පොළොන්නරුව ඕනෑගම  ඩබ්ලිව්.එම් සමිත්‍ර හේෂාන් (29) සහ පොළොන්නරුව නවනගරයේ   දෙනගමගේ චමින්ද (36) යන තිදෙනාය.
 
පොලොන්නරුව, කදුරුවෙල සෝමීල් මංසන්ධියේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් වන (57042) ආරියවංශ සහ (76966) විජේරත්න යන මහත්වරුන් මෙසේ පහර කෑමට ලක් වූයේ ඊයේ (09) රාත්‍රී 7.20 ට පමණය.
 
ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ අනෙක් සැකකරුවන් දෙදෙනා පැමිණි වාහනයක් රථවාහන තදබදයක් ඇතිවන පරිදි මාර්ගයේ අසල නවතා තිබියදී එය එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසට පොලිස් නිලධාරීන් වි කළ දැනුම්දීමකට එරෙහිව මෙම පහරදීම සිදු කර තිබෙන බවත් සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.
 
මෙම පහරදීම සිදු කළ අවස්ථාවේදී සභාපතිවරයා සහ ඔහු සමග පැමිණි එක් සැකකරුවකු බීමත්ව සිටි බව වෛද්‍ය වාර්තා මඟින් තහවුරු ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.

 



අදහස් (15)

පොලිසියට පහර දුන් ප්‍රා.සභාපති රිමාන්ඩ්

shan saudi Tuesday, 10 April 2018 11:27 AM

ඔන්න ඕක තමා රටේ දේශපාලකයන්ගේ තත්වේ. දැඩි දඩුවම් පමුණුවන්න

:       0       173

බද්රානි Tuesday, 10 April 2018 11:31 AM

රටේ ඉන්න මිනිස්සු, මොන කට කැඩිච්ච කතා කීවත්, රටේ ඡන්දදායකයා, කොතරම් බුද්ධිමත්ද කියලා මේ වගේ සිදුවීම් වලින් අපිට අවබෝධ වෙනවනේ. මේ වගේ උත්තමයින්ට ප්‍රාදේශීය සභාවක් වගේ පොඩි තැනක් භාර දීලා මදි, රටම භාරදෙන්න ඕනා. අන්න එතකොට තමයි. අපිට අපේකම ලෝකෙටම ප්‍රදර්ශනය කල හැක්කේ.

:       0       138

rocky Tuesday, 10 April 2018 11:37 AM

පොලිසියට බැරිවුනාද මේ තුන් දෙනාව මෙල්ල කරන්න?

:       1       6

එර්දි Tuesday, 10 April 2018 11:42 AM

පුදුම රටක් ගමේ මැම්බරයා හිතන්න ඇති රජකම හම්බවුනා කියල. අනේ පොලිස් මහත්වරුනි ඔය අතේ තියන ආයුධයෙන් වැඩක් ගන්නකො එහෙම නොවුනොත් ඔය අයගෙන් ගුටිකකා තමයි ඉන්න වෙන්නෙ හැමදාම.

:       0       260

සතයපාල Tuesday, 10 April 2018 12:46 PM

මැරයන් හොරුන් දූෂිතයන් තමන්ගේ පළාත්පාලන ආයතන වලට පත්කර යැවු ජනතාවට ඒකේ ප්‍රතිඵල දැන් බලා ගන්න පුළුවන්.

:       0       140

abaran Tuesday, 10 April 2018 12:52 PM

චුට්ට චුට්ට ඉහලට යනකොට කොහොමද තත්වය කියල නිකම්ම හිතාගත්තහැකි ..

:       0       138

Aluthgama A. Samathasena. Tuesday, 10 April 2018 12:54 PM

සභාපති ගිය දුර. කාගේ හරි හයියක් අරගෙන ඇති. වහාම මොවුන්ගේ බල බිඳ නීතිය අකුරට ක්‍රියාත්මක විය යුතුව පවතී.

:       0       150

THENNAKOON Tuesday, 10 April 2018 01:53 PM

මේ අය‍ට මතක නැහැ කොහොමද මෙතන්ට ආවේ කියලා. මේ අය‍ තනතුරු වලින් වහාම නෙරපා දැමිය යුතුයි

:       0       133

naradha Tuesday, 10 April 2018 01:54 PM

මෙවැනි සභිකයින් නෙරපා හැරීම පක්ෂ නායකයින්ගේ වගකීමයි. පක්ෂ නායකයින් මෙවැනි දේ ගැන නිහඩව සිටීමෙන් පිලිඹිබු වන්නේ, ඔවුන් මෙවැනි මැරකම් අනුමත කරන බවයි.

:       0       136

sachith Tuesday, 10 April 2018 02:11 PM

මෙවැනි ඔලුව උදුම්මව ගත්ත මිනිස්සු මේ තැන්වලට යවපු සාමන්‍ය ජනතාවගෙන් අහන්න තියෙන්නේ, ඔබට සතුටුයිද දැන්.

:       0       116

Chanak Los angeles Wednesday, 11 April 2018 02:45 AM

අපේ රටේ පොලිසියට ස්වාධීනව කටයුතු කරගෙන යාමට නොහැක. විශේෂයෙන් දේශපාලනය අබියස ඔවුන් හිඟන්නොය. දුබලයා අබියස ඔවුන් මහා ඇලෙක්සැන්ඩර්ලාය. දුබලයෙක් ඔහොම පාපැදියක් නතර කරගෙන හිටියනම් දෙකතුනක් ඇනලා පැත්තකට දානවා. නමුත් ඔවුන් දේශපාලක බලවතුන් නිසා පොලිසියට ගුටිකාගෙන ඉන්න වුනා. මේක තමයි ලංකාවේ දෙපැත්ත දෝලනය වෙවී යන ක්‍රමය. මේවා ඉර හද තිබෙනා තුරුම ලංකාවේ පවතීවි

:       0       0

Sathya Wednesday, 11 April 2018 03:30 AM

හැමෝම වටෙන් ගොඩෙන් කතා කරනවා මිසක් මොවුන් කුමන දේශපාලන පක්ෂයේද කියන එක නැත්තේ ඇයි? රටේ මුල් පුටුවල උෂ්ණය මාධ්‍යයටත් වැදිලද? මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්කඩුව ප්‍රාදේශීය සභාවට තරග වැදී පසුගියදා සභාපතිවරයා ලෙස තේරී පත්වූ තැනැත්තෙකු හා ඔහුගේ මිතුරන් දෙදෙනෙකි.

:       0       0

padmini Wednesday, 11 April 2018 04:24 AM

පොහොට්ටුව පිපෙන ලස්සන. අනේ වාසනාවන්.

:       0       0

Anton austria Wednesday, 11 April 2018 08:11 AM

මේ දක්වා ප්‍රකාශකර තිබූ ප්‍රතිචාර ඇත්තටම සතුටුයි. අපේ රටේ තාමත් මෙවැනි මිනිසුන් සිටිනවා... මෙම රට ආරක්ෂා කරනවා නම් මෙවැනි මන්ත්‍රී ඇමතිලා ඉවත් කළ යුතුයි. පොලිසියේ මහත්වරුන, දඬුවම ලබා දුන්නා නම් තවත් සතුටුයි.

:       0       0

samurai Thursday, 12 April 2018 02:05 AM

කටුස්සට රත්තරන් බැන්දම මේ වගේ වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2041 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site