රියඅනතුරකින් මරණයට පත් වූ තඹුත්තේගම කාන්තාවකගේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් ඇගේ සිරුර රැගත් පෙට්ටිය මහා මඟ තබා තඹුත්තේගම පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වමින් ගල්මුල් ගැසීම නිසා කඳුළු ගෑස් ගසා පිරිස විසිරැවූ බව පොලිසිය කියයි. පොලිසිය හරිහැටි පරීක්ෂණ නොකරතියි ඔවුහු චෝදනා කළහ. රිය අනතුර සිදු කළැයි කියන වෑන් රියැදුරා තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකිරිදෙණිය මහතා හමුවට ඊයේ (1) ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් දෙලක්ෂයක සහතික ඇම මත මුදා හරිනු ලැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරු වළක්වා ගැනීම සදහා වූ වැඩසටහනක් පොලිසිය විසින් සකස් කර දියත් කළ යුතුයි යන්න මගේ අදහසයි. (නි)
ඩේවුඩ් 2012-08-02 23:17:38 "පුදුම වැඩක්නේ මේක. දවසින් ඇප? දඩුවම මදි හොදටම." බටහිර නීති පද්ධතිය ලංකාව තුළ ක්‍රියාත්මක කිරිමේ වරද තමයි ඒ. රටට ගෑළපෙන නීති පද්ධතියක් බිහිකල යුතුයි. (නි)
ගාමිණිට මෙහෙම දෙයක් වුණා නම් 50,000ක් දුන්නම සේරම හරි යනවද? (නි)
අනතුරක් කිසිවකු විසින් සිතාමතා කරන්නේ නැහැ. නමුත් නිවැරදි දත්තයන් උසාවියට ඉදිරිපත් කිරීම පොලිසියේ වගකීමයි. (නි)
දෙවියන්, බුදුන් බලන්නෙත් ස්වභාවිකව ජීවත් වෙන අයට ස්වභාවිකව කරදරයක් වුණොත් පමණයි. (නි)
මේක දැන් රැල්ලක් වෙලා. මිනී පෙට්ටි පාරේ තියාගෙන මෙහෙම කරන එක මියගිය පුද්ගලයාට කරන අගෞරවයක්. (නි)
මේක අන්තිම කෑත වෑඩක් අපේ වගේ යහපත් පොලිසියක් ලෝකෙම නෑ.....පොලිසිය වර්ජනයක් ආරම්භ කල යුතුයි.(නු)
අපේ රටේ ඉන්න මිනිස්සුන්ට දැන් පිස්සුද මන්දා? අනේ මන්දා, රටකට ගිය කලක්. (නි)
මේ නම් දකුණෙ කාන්තාවන්ද කොහෙද? (නි)
පොලිසිය සත්තු වත්තක් කියලා හිතාගෙන මෙහෙම කළාද දන්නේ නැහැ නේද? (නි)
දැන් ලංකාවේ නීතියක් කියලා දෙයක් තියෙනවද? (නි)
දැන් ලංකාවේ මොකක් හරි නීතියක් තියෙනවාද? (නි)
අපේ මිනිසුන් හරිම මෝඩයි. ඇත්ත නැත්ත හොයලා බලන්නේ නැහැ. (නි)
පොලිසිය විසින් නීතියත් සාමයත් දෙකම රැක ගත යුතුයි. (නි)
මේකද ආසියාවේ ආශ්චර්යය? (නි)
නීතිය සහ සාමය රජයන දවසක් අපේ රටටත් උදා වේවා!(නි)
මේක දැන් රැල්ලක් වෙලා ඉවරයි. (නි)
පුදුම වැඩක්නේ මේක. දවසින් ඇප? දඩුවම මදි හොදටම. (නි)
මේක පොලීසියේ කෙනෙක්ට උනානම් බලන්න තිබුණා එයාලත් කලබල කරන හැටි...(ස)
මට තියෙන ප්‍රශ්නේ පෝය දවසේ උසාවි වැඩද? (නි)
ගමේ අයව කුපිත කරන කණ්ඩායම් රටපුරා සිටින බව නම් පැහැදිලියි.මෙහි පිටුපස සමහර ආණ්ඩු විරෝධීන් සිටිනවා විය හැකියි.අගතියට පත් අය හා සමහර නූගත් ගැමියන් මෙවැනි අවස්ථාවක කුපිත කිරීම ඉතා ලෙහෙසියි.බලන්න මහේත්‍රාත්තුමා නියෝග කර තිබෙනවා ඉතා පැහැදිලිවම මියගිය අය වෙනුවෙන් රු 50000 ක්ද, එක් තුවාලකරුවකුට 10000 බැගින් හා රියැදුරාට ලක්ෂයක ඇප. ඉතින් මෙම තීන්දුවට අසතුටු නම් ඊළග නඩු වාරයේදී උසාවියේදී බේරගන්න තිබුණා,මහජන දේපලවලට අලාභහානි නොකර. (නි)
මොකද මෙතන වෙලා තියෙන්නෙ.. ඇයි මේ කලබල ලංකාවෙ පළවෙනි රිය අනතුර වගේ.. විස්තර පැහැදිළි මදි...(නු)
ජීවිතය අනියතයි, මරණය නියතයි. (නි)
මොකක්ද මේ? හරියට ලංකාවේ පළමුවැනි රිය අනතුර වගේනේ. (නි)
ඇයි මිනිසුන් මෙහෙම නීතිය අතට ගන්නේ? (නි)
මෙවා මෙ තත්වයට පත්වෙන්නෙ නිතිය වල් වැදිම නිසයි.....!(නු)
අයියෝ......... (නි)
පාලිත කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නේ. (නි)
පාලිත පැහැදිලි මදිනම් තඹුත්තේගමට ගියානම් හරි විස්තරය ඔක්කොම දැනගන්න තිබුණා..!!(නු)
පොලිසියෙ වරදක් නම් නැහැ වගේ පේන්නෙ... ඇප දුන්නයි කියලා උසාවියටත් ගල් ගහයිද දන්නෙ නැහැ..!!(නු)
මෙච්චර ඉක්මණට පොලිසියත්, උසාවියත් ක්‍රියාකාරී වීම ආශ්චර්යයක්. (නි)
මෙම මරණය සම්බන්ධයෙන් අපේ කණගාටුව! (නි)
මේක දැන් පුරුද්දකට ගිහිල්ලා, (ස)
ගල් ගහල මදි. (ත)