මහින්ද රාජපක්ෂ අගමැතිවූ විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පීසී ගේ සිට සියලු දෙනා ගල් ගසා මරා දමන බව දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී.උපුල් මහතා පසුගියදා තිස්සමහාරාමයේ පැවති රැස්වීමකදී කීවේය.
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පහළම නිලධාරියාගේ සිට ඉහළම නිලධාරියා දක්වා ලැයිස්තුවක් ගෙන ඔවුන් ගල් ගසා මරා දමන බවත් වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව කීවත් නයි පොළඟුන් සමග එසේ කළ නොහැකි බවත් ඔහු පැවසීය.
‘1989 භීෂණ සමයේ සපුගස්කන්ද බටලන්දේ 60,000ක් මරා දැමූ මිනීමරුවන්ට දඬුවම් දීමට ශ්‍රීලනිප රජය කටයුතු කළේ නෑ. නමුත් ඔවුන් දැන් බලය ලබාගෙන අපේ අයගේ පුංචි පුංචි වැරදිවලටත් එළව එළවා දඬුවම් දෙන්න හදනවා. නැවත මහින්ද අගමැති වූ වහාම ඒ අයට නිසි දඬුවම් දෙනවා. අපේ අය කූඩුවට දාන මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් කාරයෝ ගල් ගහලා මරනකන් අපි බලන් ඉන්නේ‘ යැයි උපුල් මහතා කීවේය.
හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
This man is talking with hate. If Mahinda Rajapakshe has this kind of mentality people, you will go down hills once again. You are going to temples and doing all the good things now but your people are talking about killings when they got the power. I didn't hear the video but if that was true statement please get rid of this kind of people from your patry or otherwise give them very straight forward advice not to say things like that in public. He is not doing any faver for you. I don't think he has a brain only the body. And please tell your politicians not to do the same things which Sirisena government is doing right now. If you do, your government is not going to be any different to them. That is not what your public is expecting from you. Please choose your men and make your decisions wisely. Make Sri Lanka beautiful and calm place to live with no hates and killings. I wish you all the best. (K)
මෙයා මැරෙන්න බය නෑ කියනවා හැබැයි මෙයාගේ කතාවෙන් පේනවා මෙය මරන්න බය නැති බව. මෙවන් මිනීමරුවන් තමයි අපේ කරුමෙට දේශපාලනය කරන්නේ. නාමල් හිනාවෙවී ඉන්නවා ඒ කියන්නේ දැන් බලයට එනකන් ඉන්නේ පොලිසියේ අයව මරන්න. එතකොට මේ රටේ නීතියක් නැද්ද? ශරීරයේ තරමට මොලයක් නැති දේශපාලුවෙක් බවනම් ඉතාම හොදින් පේනවා. (නදී)
නයනි ඔබ මොනතරම් කුරිරු මනසක් ඇති කෙනෙක්ද . මේකද රටක දේශපාලනය කියන්නේ එකිනෙක මරනවා කියන එකද ? (කේ)
මමනම් හිතන්නේ මෙයාල වගේ අයට චන්දය දෙන චන්ද දායකයන්ට ගල් ගහන්න ඕන . (කේ)
මේවගේ මැර අදහස් තියන මිනිස්සු ඊලග චන්දෙන් අතුග දැමිය යුතුය. කරුමේ කියන්නේ ඊලග පාරත් උඩින්ම දිනන්නේ මොවුන් වීම.ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන අභිලාශ මට නොතේරේ. (කේ)
මේක තොරතුරු දැනගැනීමේ, හා ප්‍රකාශ කරීමේ නිදහස (නදී)
අසාදාරන පීඩනය නිසා අාවේග ශීලී වීම අනුමත කල නොහැක (නදී)
මේ මෝඩ කතාවට අත් පුඩි ගහන මෝඩ මිනිස්සුත් ඔතන ඉන්නවනේ.(නදී)
මෙයාව මෙතැනදී කුදලාගෙන යන්න පොලිසියක් නැද්ද මේ රටේ? ඉවසන්න ඉවසන්න නයාගෙනුත් දර මිටි බැන්දලු. (නි)
මේ කතාවට ආවඩන අය සැහෙන්න කොමෙන්ට් කරලා(නදී)
මට හිතෙන්නේ මේ කෑගහන මනුස්සයා පිවිතුරු යහපාල වද්ද කියාලා ! (නදී)
මේ වගේ අය නිසා අන්තිමට මහින්ද මහත්තයටම තමයි ප්‍රශ්නය (නි)
මේ... අර ලා රෝසපාට පෙති 2 බැගින් දවස් 300 බිපුවාම ඔය මොළේ අමාරුව නැතිවෙලා යාවි.ක්ෂණිකව ලෙඩේ හොඳකරගන්න ඕනෑ නම් ආණ්ඩු පක්ෂයේ පාක්ෂිකයන් ඉන්න තැනකට ගිහින් ඔය කිවුව ටික කියන්න.අත්දුටුවයි සත්‍යයි (නි)
මේ වගේ අය මැති ඇමති කරලා පාර්ලිමේන්තුවට යැව්වේ කව්ද? ඒක තමියි පාර්ලිමේන්තුවට ඔහොම වුණේ. චණ්ඩිකම් දාමරිකකම් ඉවත්කරලා උගත් වැදගත් උත්තම පුද්ගලින් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. (නි)
අනේ මහා රජාණනි නැවත මේ වගේ මොලේ නැති හරකුන්ගෙන් පරිස්සම් වෙන්න. අායෙමත් මේ අය ලඟට ගන්න එපා. ඔබතුමාගෙන් අපි ඉලන්නේ එපමණියි. මහරජාණනි ඔබ තුමාව නැති කලේ ඔය වගේ වාචාල අය. ඔබ තුමට තෙරුවන් සරණයි. නැවත අප ලක් බිමේ ඔබ තුමා රජ වේවා. (නදී)
අනේ! මෙයා හරිම කෙට්ටුයිනේ.පසුගිය කාලේ කන්න හම්බවෙලා නැහැ වගේ.පව්. බඩගින්නේ වෙන්න ඇති කෑගහන්නේ (නි)
එන මැතිවරණයේදී මොළ දෙකකින් කල්පනාකරලා කතිරේ ගහන්ඩ. නැතිනම් වෙන්නේ අපේ බෙල්ල අපිම කපා ගැනීම. ජනතාව චන්ඩිකම් වලට ගරු කරපු කාලේ අවසන් (නදී)
බලන්නකෝ නියමයිනේ.... (නි)
මමත් පුංචි කාලේ කතාවක් පැවැත්තුවා 'අපේ අයියා ජනාධිපති වුණොත් කියලා.' (නි)
ගල් ගහන එක කාගේ ක්‍රමයක්ද කියලා අපි නම් දන්නවා (නි)
මේ රැළම මේ වගේ දරුණුයි. පරීක්ෂණ කරනවාට බයේ ඉන්නේ. වැරදි කෙරුවේ නැත්නම් ඇයි බය. වෛරයෙන් තැම්බෙන්නේ නැතුව නිර්දෝෂීබව ඔප්පු කරන්න. මේ වගේ අය නැවත ආවොත් වෙන දේ පේනවා නේද? (නි)
පේනවා නේද කතාකරන හැටි? (නි)
පිවිතුරු යහපාල, පේනවද මහින්දලාගේ නාමල්ගේ දේශපාලනය? රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලීසියටත් මරණ තර්ජන. (නි)
පවතින රජය කරන වැරදි එම රජය විසින්ම නිවැරදි කරගෙන වැරදි කරන අයට දඬුවම් දියයුතුය .එවිට නව රජයට ගිය රජයේ වැරදි හොයන කාලය ඉතුරු කරගැනීමට හැකිවේ.මම දකින විදියට 1977 සිට වර්ධනය වූ පාතාල පාලන ක්‍රමය වෙනස් කර යහපාලනය (හොඳින් ) කළයුතුය (නි)
මේ මිනීමරන්නට කතාකරන්නේ තවත් එක පලාබබෙක් නේද? පේනවා නේද මානසිකත්වය වෙනස් කරන්න අමාරු මිනිස්සු වපුරන අදහස්? සල්ලි හොරාකාපු අයගෙන් ප්‍රශ්න කරන අයටයි මෙයා දඬුවම් නියම කරන්නේ. (නි)
මේවට තවත් ආවඩන අය ඉන්නවනේ! (නි)
මේ කතාවට අත්පුඩි ගහන අයත් මෙතන ඉන්නවා (නි)
මේ ප්‍රකාශය ගැන ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න. මෙවන් අපරාධකරුවන්ට නිදහසේ යන්න දියයුතු නැත. (නි)
මම වහලුන් දැක ඇත උන් ගැන කියවාද ඇත එහෙත් "පිවිතුරු යහපාල" වැන්නෙකු ගැන නම් අසා නැත. (ර)
ඇඟ තිබුනට මොළය නැහැ වගෙයි (නි)
අපි මෙච්චර කල් මේ හාදයින්ට ඡන්දෙ දීලා කරගෙන තියෙන විනාශය මතක් වෙනකොට මට හිතෙන්නෙ ලොකු ගල්ගෙඩියක් අරගෙන මගෙම ඔලුවට ගහගෙන මැරෙන්න. (නි)
මේ වගේ කතා ඕන තරම් අපි පහු ගිය කාලේ ඇහුවා. වෙනසකට තියෙන්නේ අද පැත්ත මාරු වෙලා. (ර)
ශ්රී ලංකාවේ නීතියක් කියලා එකක් තියනවා නම් මොහු වහාම පොලිස් අත්අඩංගුවට ගතයුතුයි (නි)
මේ විදියට තර්ජනය කරද්දී පොලිසිය මොකද කළේ? මොකද පොලිසිය මෙතරම් අසරණවෙලා? (නි)
මෙම රැස්වීම් භූමියේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් නිල ඇඳුම් ගළවා ගෙදර ගියා නම් හරි (නි)
සමහරුන්ගේ කඳ විතරයි, මොළය නැහැ (නි)
ඇඟේ තරමට ඔලුව නැහැ වගේ. (නි)
මේ වගේ අය නිසා තමයි ජනාධිපතිවරණයේදිත් පැරදුනේ. මේ අය කරන්නේ මහින්ද මැතිතුමාට ලැබෙන ඡන්ද නැතිකරන එකයි. පළමුවෙන් මේ වගේ අයට කතා කරන්න උගන්වන්න. නැත්නම් අයින් කරන්න. මේ රටේ බුද්ධිමත් අය , තැනට අවශ්‍ය ලෙසට කතාව වගේම වැඩට දක්ෂ, රටට ඇත්තටම ආදරය කරන අයව තෝරාගන්න.මේ වගේ අයත් එක්ක ආවොත් ආයෙත් පැරදෙන එක වළක්වන්න බැරිවේවි. (නි)
අමුත්තක් නැ පහු ගිය කාලෙත් අපි නම් ඔව්ව ඇහැව්වා. තරු පටි ගලවනවා කිව්වා. රටේ නැති දේවල් කිව්වේ. පැත්ත වෙනසක් නැතුව ඔය කතා නම් හැමදාම කියනවා. (ර)
මොවුන්ට ගල් ගහන්න ඕනෑ මුලින්ම (නි)
මම හැමදාම ඡන්දෙ දුන්නේ මහින්දට. මේ කතාව අහලා ඔන්න මගේ ඡන්දෙත් රනිල්ට ගියා. පොලිසියේ ඉන්න කිසිම කෙනෙක්වත් ඔවුන්ගේ පවුලේ කෙනෙක්වත් ආයේ මහින්දට ඡන්දෙ දෙන්නේ නැහැ. (නි)
මෙම නිලධාරීන් කරන්නේ ඔවුන්ගේ රාජකාරිය මිස ඔවුන්ගේ පුද්ගලික වෛරයක් පිරිමසාගැනීමක් නෙමෙයිනෙ. මේ මිනිස්සු බලයට ආවහම ඔවුන්ට ගල්ගසා මරනවා කියන්නේ කිසිම නිලධාරියෙකුට නිදහසේ රාජකාරිය කරන්ට බැරි තත්වයක් ඇතිවෙයි. (නි)
භූමිතෙල් වැදුනු සර්පයෝ වගේ මොවුන් හරියට.ළඟදීම ඔක්කොටම බොරැල්ලෙන්,මහරින්,බෝගම්බරින් නොම්මර ලැබේවි. (නි)
නියමයි නියමයි ඔහොම යමු! (නි)
අනේ කාලේ වනේ වාසේ! (නි)
පුහුල් ගෙඩියක් වගේ බඩ ගෙඩියක් තිබුනට අබ ඇටයක් තරම්වත් මොළයක් නැහැ. (නි)
ප්‍රසිද්ධියේ පොල්සියට මරණ තර්ජන කරනවා. අයි මේවට විරුද්ධව ක්‍රියාකරන්න බැරි? ලංකාවේ නීතිය දේශපාලකයින්ට වලංගු නැද්ද? මේක විහිළුවක් වගෙයි මට පෙනෙන්නේ. කවුරුහරි මේකේ නීතිමය තත්වය පැහැදිලි කළොත් හොඳයි. මට නම් මේ නීති පද්ධතියේ ස්වභාවය පිළිබඳව ගැටළු තියෙනවා.මේක හරිම විහිළුවක්. (නි)
තවමත් මෙයාලගේ ගතිගුණ ගිහිල්ලා නැහැ. සංවේදී තාත්තා මේ කියන දේවල් දිහා බලාගෙන ඉන්නවාද?(අනේ මන්දා) (නි)
එහෙමත් කරන්න පුලුවන්ද? (නි)
මේ අය ඔක්කොම ප්‍රාදේශිය සාභාවල ඉදන් පළාත් සභා පාර්ලිමෙන්තු ගෙනාවේ ඔය දැන් බොධිසත්වයා වගේ පන්සල් ගානේ යන අයම තමයි. මෙයා තමයි ඌවේ ඡන්ද කාලේ ඌවේ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවලට බැහලාම වැඩ කලේ.(නදී)
අයියෝ! වැඩේ කනවනේ! (නි)
දෙන්නම්කෝ එහෙනම් අපි. එන්නකෝ (නි)
බලයට ආවා නම් කොහොමට තියෙයිද චණ්ඩිකම? (නි)
එයාලගේ ආණ්ඩු කාලේ කරපුවා තමා ඔය ආයෙමත් කරනවා කියන්නේ. බුද්ධිමත් ජනතාව මෙයා කියන දේවල් තේරුම්ගන්න ඕනෑ (නි)
මේක පුදුමයක්ද එක අතකට? (නි)
පේනවා නේද බලයට එන්න දඟලන අයගේ තරම?කොහොමද බලයට ආවොතින්? ජනතාවට දෙවියන්ගේම පිහිටයි. (ර)
පොලිසිය මේ තත්ත්වයට වැටිලා ඉන්නේ පොලිසියේම වැරැද්දෙන්. (නි)
ඉන්දික ගම්පහ, නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කිරිම යටතේ කටයුතු කල හැකිය. (නදී)
මමත් එනවා ගලක් අතට අරගෙන! (නි)
රාජපක්ෂගේ පරාජයට මූලික හේතුව මේ වගේ අයයි (නි)
හිතාගන්න පුලුවන් නේද බලය තියෙද්දි වැඩ කරපු හැටි? (නි)
ඇඟේ තරමට තියා, කොහොමටවත් මොලේ නැති අය ළඟ තියන් හිටි නිසා තමයි, මහින්ද මහත්තයට ගෙදර යන්න උනේ. මහින්ද මහත්තයෝ දැන්වත් තේරුම් ගන්න, මේ වගේ මැටි රැලක් යන පාරක වත් ඉන්න එපා, ඒ වගේම ඔබගේ දරුවන්ටත් මේ දේවල් කියල දෙන්න, එයාලත් වැඩ කරන්නේ ඇඟේ හයියට, මොලේ දැනුමට නෙවි. (නදී)
බලන්නකෝ වටේ ඉන්න ටික අත්පොළසන් දීලා, ජයවේවා කියන අපුරුව. මෙදා පාරත් මහින්ද මහතාට දෙයියන්ගේම පිහිටයි (නි)
මහින්දට අබ සරණයි ලබන මැතිවරනෙන් (නදී)
මට බයේ බැහැ. මේ වගේ නුගත් අයට ඡන්දෙ දුන්නොත් අපි කපෝති! නීතියට ඔහොම නිගරු කරනවා නම් සාමාන්‍ය මිනිසුන්ට කොහොම කතා කරයිද? පව්. ඇපත් නැතිවෙන පාටයි. (නි)
මේ වගේ අඩු අධ්‍යාපන මට්ටමක් හෝ මෙවන් අය කියන කරන කතාවලට අවට අත්පුඩි ගහන මිනිස්සුන්ට කවදා මොළ පෑදෙයිද??? (නි)
මහින්ද පිල දකින තවත් සිහිනයක්... අවදිවෙන්න එපා. දිගටම නිදාගෙන සිහිනය දකින්න. පවු! අවදිවුණොත් දුක හිතෙයි (නි)
මැද මුලන අය රට අල්ලා ගන්න වගේ ඒ පාර (නදී)
අනේ මේ වගේ අයවනේ මහජන නියෝජිතයන් වශයෙන් පත් කරන්නේ. රටට ගමට දෙන ආදර්ශය නම් බොහොම හොදයි! (කේ)
මෙයාට විරුද්දව මට නඩුවක් දාන්න බැරිද. මම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් හැටියට අපේ පොලිසියට මෙහෙම කිව්වට. (නදී)
ඔන්න මැද මුලන චින්තනය (අ)
ඉතින් නංගියේ මල්ලියේ ඔයාලත් ලංකාවේ කවදා හරි නායකයෝ වෙනකොට මෙන්න මේ පින්ගුත්තරයා වගේ තමයි කතා කරන්න ඕනේ... හැසිරෙන්න ඕනේ. සුභ අනාගතයක්. (බ)
පෝය ලගයිනේ ඒකයි ඔය (නදී)
මට කියන්න වචන නැහැ මෙහෙමත් කතා කියන නොසංඩාලයින්ට (නදී)
නියමයි පෙනේද නාමල් මහත්තයගේ හිනාව. බලයෙන් මත් වෙලානේ හිටියට මේවට හිනා වෙන්නේ මොලේ විකෘතියක් උනොත් විතරයි (නදී)
මේවා හොඳට තේරුම් අරගෙන කලබල නොවී පක්ෂ පාට වලට යට නොවී රටේ අනාගත පරපුර වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න හිතට ගන්න (නදී)
ඔය ගයනිලා වගෙ මොලේ උඩ වාඩිවෙලා ඉන්න අය ඉන්නකන් මේ රටේ ඔය වෙගේ දේශපාලකයෝ තමයි බිහිවෙන්නේ (නදී)
යහපාලනය යටතෙවත් පොලිසියට කොන්ද ඇතිව වැඩකිරීමට හැකිවේවායි මගේ ප්‍රාර්ථනය. මෙයත් හොරු/තක්කඩි 40 න් එකෙක්. පොලිස්පති තුමනි වහාම මොහු අත්අඩංගුවට ගන්න.(නදී)
මා දන්නා තරමින් දිවංගත සර් ජෝන් කොතලාවල මැතිතුමාත් පොලිසියේ සේවය කලා. පොලිසියට අවනම්බු නොකර පිටකොන්දක් නැති අය අයින්වෙන්න (නදී)
යකෝ මේක මාර වැඩක්නේ? ගල් යුගයේද ඉන්නේ අපි තාම...??? (නි)
මේ කතා සහ කෙරුවාවල් නිසා තමයි යුද්ධය නිමා කළ දවස් වල ජනතාව මහින්ද මහත්තයට තිබුන ආදරය ගරු සැළකිලි ඔක්කොම නැතිවෙලා පරාජය වෙන්න හේතුව. (නි)
මහාජනතාවගේ ආරක්ෂාව සඳහා කැපවී සිටින පොලිස් නිලදරුවන් ගල්ගසා මරන්න යෝජනා කරන මේ පුද්ගලයාගේ ප්‍රකාශයට, වටේ සිට අත්පුඩි ගහන මන්දබුද්ධිකයන් හැරුනවිට තවත් ලක්ෂ 58ක් ඉන්න බව අමතක නොකරන්න. (නි)
1989 භීෂණ සමයේ සපුගස්කන්ද බටලන්දේ 60,000ක් මරා දැමූ තරුණ මිනිස් සංහාරයේ විමර්ශනය ගැන තවමත් එහි ජනතාව බලාසිටිනවා. (නි)
මහජනතාවගේ ආරක්ෂාව සදහා කැපවී සිටින පොලිස් නිලදරුවන් ගල්ගසා මරන්න යෝජනා කරන මේ මන්ද බුද්ධිකයාගේ ප්‍රකාශයට, වටේ ඉදන් අත්පුඩි ගහන මන්ද බුද්ධිකයන් හැරුන විට තවත් ලක්ෂ 58ක් ඉන්න බව අමතක නොකරන්න.(බ)
නාමල් අත්පොලසන් දෙමින් සිනාසෙන්නේ මේ කතාව අනුමත කරන නිසා වෙන්න ඇති. මේ කතා හොඳයි හැමදාම මහින්දට ඡන්දෙ දෙන අයට. ලබන වතාවෙත් පරදින්න ඕනෑ නැත්නම් මේගොල්ලෝ හරවා ගන්නඕනෑ ඡන්දෙ දුන්නේ නැති අයයි. මෙවැනි අය නිසා තමා ගිය වතාවේ මහින්ද පැරදුනේ කියන එක මේ මිනිස්සුන්ට වැටහෙන්නේ නැති හැටියක්. (බ)
ගල් ගසා මරන්නේ ලංකාවේ අහිංසක මිනිස්සු නොවේද ඔය කතා කරන්න අයට නිතිය මගින් නිසි දඬුවම් ලබාදෙන්න (බ)
නියම බුද්ධිමත් මනුස්සයෙක් නම් අායෙමත් මේවගේ චන්ඩින්ව බලයට පත් කරන්න මහින්දට ඡන්දෙ දෙයි කියල මම නම් හිතන්නේ නෑ. ජනතාව මේවා බලල මේ බල තන්හාවෙන් දගලන නරුමයන්ගේ අරමුණු තේරුම් ගන්න ඕන. (බ)
මූ වගේ නූගත් අය තමයි මහින්දගේ ගෝලයෝ.(බ)
මෙයාලා අායෙ ආවොත් ලාංකික ජනතාවට සදහටම මරුවා සමඟ වාසේ තමයි.(බ)
මෙතුමා විමල්ටත් වඩා අඩු පන්තියකින් පාසල් ජීවිතේ අවසන් කැර ඇති බව පෙනේ. බලයක් ඇති ගරු අමතිතුමෙක් නේද? (බ)
නාමල් වගේ අයට මේ කතා හොදා. මෙහෙම තමා මහින්ද රට පාලනය කළේ. නැවත අවොත් මෙහෙමම තමා රට පාලනය කරන්නෙත්. මේ වග කතා පවත් වන දේශපාලඥයන්ට විරුද්ධව විනය පරීක්ෂණ කරන්න පුළුවන් ලෙසට නීති හදන්න ඕන. නැතිනම් අපේ රට බල්ලන්ට ගිය රටක් වෙනවා. නාමල්ගෙන් ලකුණු දා ගන්න මේ නුගතා කෑ මොර තියෙනවා. (බ)
මෙවැනි දේවල් කියවන්නේ ඔල්මාද කාරයෝ විතරයි. මේ වගේ "මොලේ නැති පොඩ්ඩෝ" කියවන්නේ " මොලේ තියෙනවා කියන ලොක්කන්ගේ" අදහස් බව අපට අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕනත් නැහැ. මේ වගේ ගොන් කතා ඡන්දෙට ඉස්සර කියන එක හොඳයි. එතකොට ඡන්දෙ දෙන්න ඕන කාටද කියන එක නිකම්ම අපට තේරෙනවා නේ..(බ)
මේ කතාවම ඇති මොහුව හිරබාරයට ගෙන මිනීමැරීමට තැත් කිරීම සහ සාපරාධී ක්‍රියාවකට පෙළවීම යටතේ නඩු පවරන්න (බ)
හරියට හරි මුන්ට ගල් ගහලම තමයි මරන්න ඕනේ. මේ කරන අසාධාරන වැඩ වලට රජකාලේ දඩුවම් දෙන්න ඕනේ. (බ)
මොවුන් මේ රට කොහාටද ගෙනියන්න හදන්නේ? හිතාගෙන ඇති නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ව තර්ජනය කරලා බිය ගන්වන්න. අර ත්‍රස්තවාදීන්ව විනාශ කරලා දැම්මා වගේ මෙවැනි සමාජ විරෝධී ප්‍රකාශ කරන අය විනාශ කරලා දමන්න ඕනෑ. ජනාධිපතිතුමා,පොලිස්පතිතුමා මෙවැනි අශිලාචාර ප්‍රකාශයන් ගැන අවධානය යොමුකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. (නි)
මෙතන අදහස් දැමූ සමහරුන්ටත් සිරිලිය ගිණුමෙන් ගානක් හම්බවෙලා වගේ (නි)
මේ වගේ කතා ඕන තරම් අපි පහු ගිය කාලේ විපක්ෂයෙන් ඇහුවා. වෙනසකට තියෙන්නේ අද පැත්ත මාරු වෙලා. කොහොම උනත් මේ දේශපාලන පලිගැනීම් උදෙසාම බිහිවුණු එකක්. ඇප නැතුව හිරේ යවන මේ මුල්‍ය අපරාධ ඒකකයේ අර 2002 උඩුගම්පොලගේ සුනක පොලිසිය වගේ ක්‍රියා කරන නිලධාරින්ට නම් අපිට කියන්න වෙන්නේ ටිකක් ප්‍රවේශමෙන් කියල තමයි.(නදී)