කැස්සට දෙන කොරෙක්ස් මොරගහහේනේ ගෝනාපොල ෆාමසියක විකුණන බවට ලත් ආරංචියක් අනුව පොලීසිය වෙස්වලාගෙන එහි ගියේය. ෆාමසිකරු පැවසූයේ එම පැණිය නම් නෑ, ඕනනම් කූරක් දෙන්නම් යනුවෙනි. කූර වශයෙන් ඔහු හැඳින්වූයේ එකක් රුපියල් 200ට විකුණන ගංජා සුරුට්ටුවකි. එම සුරුට්ටුව හිස් බෙහෙත් පැකට්ටුවක බහා අලෙවිකරද්දී පොලීසිය ඔහු අත්අඩංගුවට ගත්තේය. ඔහු රසායනාගාර පර්යේෂක විභාගයට උත්තර ලියා ඇති පුද්ගලයෙකියි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලීසියට ගංජා සුරුට්ටු විකුණයි
ෂෙරීෆ් Sunday, 14 October 2012 08:23 PM
අරුම පුදුම දේවල්නේ ලංකාවේ සිදුවන්නේ. (නි)
ගුණරත්න Sunday, 14 October 2012 08:57 PM
වඩාත් ලාභදායී ව්‍යාපාරයක්. (නි)
ලලිත් Sunday, 14 October 2012 10:12 PM
සෞදියේ ඉන්න අපිට කූරක් එවන්න බැරිද? (නි)
හේමන්ත Sunday, 14 October 2012 02:33 PM
කෙසෙල් ගහට ඇනපු දාට හොට පැටලෙනවා (ස)
ලලිත් - කටාර් Sunday, 14 October 2012 03:15 PM
අනේ මේ මනුස්සයා දේශීය වෙදකම ගොඩදමන්න උත්සාහ කරන කෙනෙක්ද කොහේද? (නි)
ජයලත් Sunday, 14 October 2012 03:15 PM
මෙයාලව මරලා දාන්නයි තියෙන්නේ. (නි)
ෂිරාශ් Sunday, 14 October 2012 03:18 PM
වදින්න ගිය දේවාලය හිසේ කඩා වැටුණා වගෙයි. (නි)
වරුණ Monday, 15 October 2012 07:59 AM
ඔය ෆාමසි වහලා දාලා විකුණන්න ලයිසන් දුන්නා නම් ඉවරනේ. (නි)
දයා-සවුදි Sunday, 14 October 2012 03:48 PM
ශරීරයට හිතකර නිෂ්පාදනයක්නේ. ඇයි ඇල්ලුවේ? (නි)
රංජිත් Sunday, 14 October 2012 03:59 PM
දේශීය ඖෂධයක්නේ මේ විකුණලා තියෙන්නේ. (නි)
ගම්‍යා Sunday, 14 October 2012 04:18 PM
සියරට දේ සිරිසැප දේ. (නි)
සසිදු Sunday, 14 October 2012 04:38 PM
දාන්න මේකේ නමත් එක්කම. මේ අය මුලු මොරගහහේන පළාතටම වදයක්. පිළිලයක්. (නි)
සිල්වා තාබුක් Sunday, 14 October 2012 04:53 PM
අනේ අපේ ගම් පලාතත් කොළඹ කිට්ටුව.(නදී)
චන්ද්‍රසිරි Sunday, 14 October 2012 05:06 PM
අනේ මටත් කූරු දෙකක් දෙන්නකෝ. (නි)
සමීර Tuesday, 16 October 2012 01:39 PM
දැන් ලංකාවේ ගංජා කූරක් රු.200 ද ? (ස)
මුතුකුඩ Sunday, 14 October 2012 07:31 PM
ෂා... දියුණුවේ රහස. මාරයිනේ. (නි)
තිළිණ Monday, 15 October 2012 04:59 PM
ඇයි අයියේ, කොල්ලන්ට දීලා කූරු නැති කරන්නද හදන්නේ? (නි)