කැස්සට දෙන කොරෙක්ස් මොරගහහේනේ ගෝනාපොල ෆාමසියක විකුණන බවට ලත් ආරංචියක් අනුව පොලීසිය වෙස්වලාගෙන එහි ගියේය. ෆාමසිකරු පැවසූයේ එම පැණිය නම් නෑ, ඕනනම් කූරක් දෙන්නම් යනුවෙනි. කූර වශයෙන් ඔහු හැඳින්වූයේ එකක් රුපියල් 200ට විකුණන ගංජා සුරුට්ටුවකි. එම සුරුට්ටුව හිස් බෙහෙත් පැකට්ටුවක බහා අලෙවිකරද්දී පොලීසිය ඔහු අත්අඩංගුවට ගත්තේය. ඔහු රසායනාගාර පර්යේෂක විභාගයට උත්තර ලියා ඇති පුද්ගලයෙකියි පොලීසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ ගම් පලාතත් කොළඹ කිට්ටුව.(නදී)
දැන් ලංකාවේ ගංජා කූරක් රු.200 ද ? (ස)
ඇයි අයියේ, කොල්ලන්ට දීලා කූරු නැති කරන්නද හදන්නේ? (නි)
ඔය ෆාමසි වහලා දාලා විකුණන්න ලයිසන් දුන්නා නම් ඉවරනේ. (නි)
සෞදියේ ඉන්න අපිට කූරක් එවන්න බැරිද? (නි)
වඩාත් ලාභදායී ව්‍යාපාරයක්. (නි)
අරුම පුදුම දේවල්නේ ලංකාවේ සිදුවන්නේ. (නි)
ෂා... දියුණුවේ රහස. මාරයිනේ. (නි)
අනේ මටත් කූරු දෙකක් දෙන්නකෝ. (නි)
කෙසෙල් ගහට ඇනපු දාට හොට පැටලෙනවා (ස)
දාන්න මේකේ නමත් එක්කම. මේ අය මුලු මොරගහහේන පළාතටම වදයක්. පිළිලයක්. (නි)
සියරට දේ සිරිසැප දේ. (නි)
දේශීය ඖෂධයක්නේ මේ විකුණලා තියෙන්නේ. (නි)
ශරීරයට හිතකර නිෂ්පාදනයක්නේ. ඇයි ඇල්ලුවේ? (නි)
වදින්න ගිය දේවාලය හිසේ කඩා වැටුණා වගෙයි. (නි)
මෙයාලව මරලා දාන්නයි තියෙන්නේ. (නි)
අනේ මේ මනුස්සයා දේශීය වෙදකම ගොඩදමන්න උත්සාහ කරන කෙනෙක්ද කොහේද? (නි)